පාර්ලිමේන්තු පිවිසුම අසල දී ඉකුත් 13 වෙනිදා රාත්‍රී නොසන්සුන්තාවයක් ඇති කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශපාලකයින් දෙදෙනෙක් මුලවී බව කැබිනට් මණ්ඩලයේ දී ඊයේ (15) සාකච්ඡා වී තිබේ.
මේ සිද්ධියට පාදක වූ දිනයේ සමාජ මාධ්‍ය ඔස්සේ පල වූ සුනිල් හඳුන්නෙත්තිගේ සහ ලාල් කාන්ත ගේ වීඩියෝ දර්ශන සම්බන්ධව ද එහි සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධව දැඩිව අවධානය යොමු විය යුතු බවත් මන්ත්‍රීවරුන්ගේ නිදහසට බාධාවන අයුරින් සමහර මන්ත්‍රීවරුන් හැසිරීමේ සූදානමක් ඇතැයි වාර්ත ලැබී ඇති අතර මන්ත්‍රීවරයකු හෝ එසේ හැසිරෙන්නේ නම් ඊට එරෙහිව දැඩි පියවර ගැනීමට මෙහිදී තීරණය වූ බව ද වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පිවිසීමේ දී මන්ත්‍රීවරයකු හෝ ඊට බාධා කරන්නේ නම් ඔහුට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද වැඩ බලන ජනාධිපතිවරයා මෙහිදී කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබේ.







