අද (13) පක්ෂ නායක රැස්වීම පවත්වන අවස්ථාවේ දිත් ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දී නැති බව කතානායකවරයා පක්ෂ නායකයින්ට දන්වා තිබේ.
කෙසේ හෝ අද දිනය තුළ එම ලියුම ලබා දෙන බව ජනාධිපතිවරයා තමන්ට පොරොන්දු වූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පක්ෂ නායකයින්ට දන්වා ඇත.
තමන් කතා ජනාධිපතිවරයා සමග කතා කරන අවස්ථාවේ දී ජනාධිපතිවරයා මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් සිටි බවත් සිංගප්පූරුවට ගිය වහාම එම ලිපිය තමන්ට ලැබෙන්නට සලස්වන්නේ යැයි පොරොන්දු වූ බවත් කතා නායකවරයා පක්ෂ නායකයින්ට දැනුම් දී ඇත.
එමෙන්ම මෙම පක්ෂ නායක රැසවීමට ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ප්‍රධානීන් කැඳවා තිබිනි







