-
ආණ්ඩුවට අවිචාරයේ කඩේ යන්න ගොස් හැමදාම නා ගන්නා පොලිස් ලොක්කෙක්, ආරක්ෂක ප්‍රධානියෙක් සහ කැබිනට් ඇමතිවරයෙක් නෑම පසුපස…
අද දවස පුරා කොළඹ සහ තදාසන්න නගරවලට පැනවූ ඇඳිරි නීතිය බස්නාහිර ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියක්, ආරක්ෂක අංශයේ ප්‍රධානියෙක් සහ එක් කැබිනට් අමාත්‍යවරයකුගේ බලවත් ඕනෑකම මත පනවන ලද්දක් බවත් මේ සම්බන්ධයෙන් පොලිසිය අභ්‍යන්තරයෙන් පවා දැඩි විරෝධයක් එල්ල වුණු බවත් අනාවරණය වේ.
එය අද පෙරවරුවේ සිට ඉවත් කිරීමට සිදුවූයේ පොලිසියේ අභ්‍යන්තරයෙන් ඇති වූ විරෝධතා සහ මානව හිමකම් කොමිසමත්, තවත් විදේශ තානාපති කාර්යාල මඟිනුත් එල්ල කරන ලද අප්‍රසාදය හේතුවෙන් බව පොලිස් ආරංචි මාර්ග හෙළි කරයි.
රජයට ඕනෑවට වඩා පක්ෂපාතීත්වයක් පළ කර අවසානයේ වැඩ අවුල් කිරීම පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලන මෙම පොලිස් ප්‍රධානියා තමන්ට හිතවත් කැබිනට් අමාත්‍යවරයාගේද මෙහෙයවීම මත මෙම ඇඳිරි නීති තත්ත්වය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාද මුලදී විරෝධය දක්වා ඇති බව ආරංචි වූ අතර ඔහුටද දැඩි බලපෑමක් එල්ල කර ඇති බව සඳහන් වේ.
මෙම පොලිස් නිළධාරියා උත්සාහ කොට ඇත්තේ අද දින කිසිදු පුද්ගලයකු කොළඹට ඇතුළු වීම වැළැක්වීමට ක්‍රියා කිරීමය. මේ සම්බන්ධයෙන් සිය කණිෂ්ඨ පොලිස් නිලධාරීන්ට තනි තනි වශයෙන් අමතා ජනතාව කිසිසේත් ඇතුළු නොවන ලෙසට වග බලා ගන්නා ලෙසත් එසේ නොවුහොත් ඔවුන් සම්බන්ධයෙන් ඉදිරියේදී පියවර ගැනෙනු ඇති බවට සංඥා කර ඇතත් මෙම නිලධාරීන් අදාල එම ප්‍රධානියා වෙත පවසා ඇත්තේ පවතින තත්ත්වය තුළ එවැනි පියවරක් ගතහොත් රජයටත් පොලිසියටත් එරෙහිව දැඩි විරෝධයක් සහ අප්‍රසාදයක් එල්ල විය හැකි බවය.
මූලික අයිතිවාසිකම නඩු වැනි පෞද්ගලික අභියෝගවලටද මුහුණ දිමට සිදුවිය හැකි බව ද එම නිලධාරීන් දන්වා ඇත.
එසේ වුවද මෙම නිලධාරියා සිය මතයේම රැඳි සිටියද ඊයේ රාත්‍රිය වන අවිට නීති අංශ දේශපපාලන පක්ෂ විදේශ තානාපති කාර්යාල මෙන්ම ශ්‍රි ලකා මානම හිමිකම් කොමිසම මඟින්ද මේ සම්බන්ධයෙන් දැඩි විරෝධක් දැක්වීම හේතුවෙන් මෙම ඇඳිරි නිතිය අද පෙරවරු 8.00ට ඉවත් කිරීමට අද අලුයම තීරණය කර ඇත.
ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනි විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියේ පොලිස්පතිවරයා විසින් ප්‍රකාශයට පත් රන ලද මෙම ඇඳිරි නීති තත්ත්වය සපුරා නීති විරෝධි බවයි.
එසේම ඇය අවධාරණය කර තිබුනේ මෙම අරගලය ඉදිරියේ නීතිය සහ සාමය රැකීම සඳහා හමුදා භට පිරිස් ගෙන්වීමද නීති විරෝධි බවය.
ඒ අනුව මේ වනවිට කොළඹ මුද්‍රා තබමින් වසා දැමූ සියලුම පාරවල්, වතු නිවාස හා මහල් නිවාස වලට යෙදා තිබූ බාධක සියල්ල ඉවත් කර ගැනීමට පොලිසියට සිදු වී ඇත.







