බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අර්බුදයෙන් ගොඩ එන මග කරුණු 4කින්… සති දෙකක් තුළ ක්‍රියාත්මක කළ යුතු බව 43 සේනාංකය කියයි!

by editor
ජූලි 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අපේ රට වැටී තිබෙන අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ඉදිරි සතිය තුළ කරුණු 4 කින් යුතු වැඩපිළිවෙලකට සියලු දෙනා එක්විය යුතු බව 43 සේනාංකය පවසයි.

කරුණු පෙළ ගස්වමින් 43 සේනාංකයේ නායක චම්පික රණවක ඒ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවක දී මෙසේ විස්තර කළේය.

  1. පුළුල් සන්ධානයකට, එක වේදිකාවකට එළඹෙමින් දැනට ඉදිරිපත් කර තිබෙන, 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ප්‍රශස්ත මට්ටමෙන්, හැකි ඉක්මනින් සම්මත කරගත යුතුය.

“  “ඒක අපි බලාපොරොත්තු වුණු 19 වෙනි සංශෝධනය නෙවෙයි. ඊට වඩා දියාරු කරපු සංශෝධනයක්.  ගෝඨාභය රාජපක්ෂට යම් යම් බලතල ලබා දීපු, සංශෝධනයක්. ඒ නිසා එයට වැදගත් වෙනස්කම්  කරලා පාර්ලිමේන්තුව තුළ ඒ අදාළ නීති කටයුතු අවසන් වූ පසු   22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරලා පාර්ලිමේන්තුවයි ජනාධිපති ධූරයයි අතර තියෙන මේ බල තුලනය ශක්තිමත් කළ යුතුයි.   ස්වාධීන අධිකරණයක්, ස්වාධීන පොලීසියක්, ඒ වගේම ස්වාධීන මැතිවරණ කොමිසමක්, ස්වාධීන රාජ්‍ය සේවයක්, ස්වාධීන ප්‍රසම්පාදන්‍ කොමිසමක්, ස්වාධීන විගණන කොමිසමක් ස්ථාපිත කර මේ රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වැඩපිළිවෙල හැකි ඉක්මනින් ගැනීම අවශ්‍යයයි.

  1. පාර්ලිමේන්තුව තුළ සිටින පක්ෂ, ස්වාධීන කණ්ඩායම්වල නායකයන් එක්ව අවබෝධතා ගිවිසුම් සකස් කරගෙන තිබෙන ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගැනීමේ සභාවක් පිහිටුවිය යුතුය.

“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනාම අදාළ අමාත්‍යාංශවලට අනුයුක්ත කොට, ඒ අමාත්‍යාංශවල පාලනය පාලනය පිළිබඳ වගකීම ලබාදී, අමාත්‍යවරයා  ඒ අමාත්‍ය  සංසදයේ සභාපතිවරයෙක් බවට පත් කරන්න ඕනේ. පාර්ලිමේන්තුවේ   224 දෙනාටම වගකීම දීලා විවෘත විනිවිද  ස්වභාවයෙන් ඒ කටයුත්ත ඉදිරියට ගෙනියන්න ඕනේ.”

“ගෝඨාභය රාජපක්ෂ පාලනය තියෙන තාක්කල් අපට මොනම ආකාරයේවත් විදේශ සහයක් ලැබෙන්නේ නැහැ. අඩු ම තරමින් ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත් වෙන තිස් ලක්ෂයක් වෙච්ච විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සහයවත් මොහුට ලැබෙන්නේ නැහැ. ඒ සහයවත් අපට හරියට ලැබුණා නම් අපට ලොකු විදේශ සහයකින් තොරව මේ අර්බුදය පියමං කර ගන්න තිබුණා.”

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

  1. වැදගත් ආයතනවලට කාටත් පිළිගත හැකි වෘත්තීය මට්ටමේ නායකත්වයන් පත් කළ යුතුය. අන්තර් කාලීන පොදු වැඩපිළිවෙලක් සකස් කර ගත යුතුය.

“තෙල් සංස්ථාවට, ඛනිජ තෙල් පර්යන්තයට, ලංකා විදුලිබල මණ්ඩලයට දේශපාලන පත්වීමක් තියෙන්නේ. වෘත්තීය මට්ටමේ පිරිස් මේ තැන්වලට පත් කරන්න ඕනේ. මුල්‍ය ක්ෂේත්‍රය දේශපාලන පත්වීම් ඉවත් කර වෘත්තීය පිරිස් පත් කරගත  යුතුයි.     එහෙම නොවුණොත් කිසිම විශ්වාසයක්   විදේශිකයෝ තුළවත්, විදේශවල ජීවත්වෙන ශ්‍රී ලාංකිකයෝ තුළවත් ඇති වෙන්නේ නැහැ.”

“2015 මහ මැතිවරණයට පෙර දින 100 වැඩපිළිවෙල කියලා එකක් තිබුණා. අපි විශේෂයෙන්ම අවධාරණය කරනවා මාස හයකට හෝ මහනායක හිමිවරුන් යෝජනා කරලා තියෙන විදිහට මාස 18 කට හෝ කවර හෝ කලකට පොදු අන්තර් කාලීන වැඩපිළිවෙලකට. අපි සූදානම් ඒ අවම වැඩපිළිවෙල තනන්න. මේ රටේ වෘත්තීයවේදීන්ගෙන්, වැඩකරන ජනතාවගෙන්, ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඒ හැම කෙනාගේම එකඟත්වය, සාමූහිකත්වය, ඒ අවම වැඩපිළිවෙළට ලබාගත යුතුයි. පාර්ලිමේන්තුවෙ මැදිහත්වීම ඇතුළෙ සති දෙකක් වැනි කෙටි කලක් තුළ, ඒ කටයුත්ත සිදුකරගත යුතුයි.”

  1. ගෝඨාභය රාජපක්ෂ  ධුරයෙන් ඉවත් වී 24 පැයක් තුළ පාර්ලිමේන්තුව මගින් රටට නව ජනපතිවරයෙක් පත් කරදීමට අවස්ථාව උදා කර දිය යුතුය.

“මේ කරුණු හතර අනිවාර්යයෙන්ම අපි ඉෂ්ට කරගත්තේ නැත්නම්, මේ මහ මගට බැහැලා ඉන්න අපේ ජනතාවට සහනය ලැබෙන්නේ නැහැ. රට තවත් දේශපාලන පිපිරීම්, සමාජ පිපිරීම් ඉදිරියේ මේ රට ඇතැම් විට ලේ ගංගාවක් වීමට ඉඩකඩ තිබෙනවා. ඒ යෝජනාව අපි සියලුම පක්ෂ වලට යෝජනා කරනවා. ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ වලට මේ ආරාධනය මේ ඊළඟ සතිය ඇතුළත සිදු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් 43 සේනාංකය ප්‍රධානියා වැඩිදුරටත් අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුහුදු රළ ගෙනා  වැලි කඳුවලින්  වැසුණු ගාළු පාර විවෘත වෙයි…

Next Post

ඩොලර්වලින් ගෙවීම් කළ හැකි ඕනෑම සමාගමකට ඉන්ධන – ඇමති නිවේදනය කරයි..

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.