ලලිත් චාමින්ද –
මුහුදු රළ ගොඩබිමට ගලාඑම නිසා ගාළු පාරේ මාදම්පාගම සිට තෙල්වත්ත දක්වා වු කොටසේ තැන්පත්වි ඇති මුහුදු වැලි හා සුන්බුන් මේ වනවිට ඉවත්කර මාර්ගය විවෘත කර තිබේ.
අද (03) උදේ වරුවේ ප්‍රකාශයක් කළ ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ පස්වරුව වන විට මාර්ගයේ මෙම කොටස විවෘත කළ හැකි බවය.
ප්‍රචණ්ඩ රළ පහර හේතුවෙන් අකුරල ප්‍රදේශයෙන් මාර්ග පද්ධතියට දැඩිලෙම හානිවි ඇති බව පවසන දිස්ත්‍රික් ලේකම්වරයා මේ වනවිට වෙරළ සංරක්ෂණ දේපාර්තමේන්තුව, යුධහමුදාව පොලිසිය හා ආපදා කළමණාකරණ ඒකකය එක්වි මාර්ගයේ ඇති වැලි හා සුන්බුන් ඉවත් කරන බවද පවසයි.
ගාල්ල කොළඹ මාර්ගයේ ධාවනය වන රථවාහන මාදම්පාගම හන්දියෙන් හා තෙල්වත්ත හන්දියෙන් හරවා විකල්පමාර්ග හරහා පිටත්කර යැවිමට පොලිසිය මගින් මෙතෙක් කටයුතු කර තිබිණි.