ශ්‍රී ලංකාවේ රදවාගෙන සිටින රුසියානු ගුවන් යානය පිළිබඳ ප්රශ්නය වහාම විසඳීමට මෙරටබලධාරීන් කටයුතු කළ යුතු බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.
එසේ නොවුනහොත් විශාල ආර්ථික අර්බුදයකට රට මුහුණ දෙනු ඇති බවත්, ඊට පෙර අවශ්‍ය සුදුසු පියවර ගැනීමට රජය කටයුතු කළයුතුව ඇති බවත් ඔහු කියයි.
කැස්බෑව ගොරකපිටිය ප්‍රදේශයේ අද පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
සංචාරක කටයුතු ඇමති හරින් ප්‍රනාන්දු ද මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධ සිය කණගාටුව පල කර තිබිණි. ලංකාවට වැඩිම සංචාරකයින් පැමිණෙන රට රුසියාවය.
මේ වනවිට රුසියාවේ ප්‍රධාන මෙහෙයුම් කටයුතු කරන එරොෆ්ලොට් ගුවන් සේවාව ශ්‍රී ලංකාව සමග කරන ස්වකීය වාණිජ ගමන් අත්හිටුවා ඇත.
ශ්‍රී ලංකා රජය සම්බන්ධව සිය අප්‍රසාදය රුසියානු රජය විසින් මේ වනවිට පල කර තිබේ. ගුවන් යානය මෙසේ රඳවා තබා ගැනීමට වාණිජ අධිකරණය විසින් නියෝග කරනුනේ ලංකාව තුළ කිසිම ආකාරයක බාධයක් ඇතිවීමට ඉඩ නොතබන බවට සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් රුසියානු ෆෙඩරල් ගුවන් සේවාව වෙත ලිඛිතව දන්වා තිබියදී වීම විශේෂය.







