මාතර – සම්පත්
රාත්රි ආහාර අනුභව කරමින් සිටින අවස්ථාවේදී බිරිඳගෙන් බීමට වතුර ටිකක් ඉල්ලූ විට ඉදා බීපන් යනුවෙන් පවසා ඔහුගේ මුහුණට ඇසිඩ් ගසා තුවාල කිරීම් සම්බන්ධව දෙනියාය පොලිසිය මගින් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
දෙනියාය පොලිස් බල ප්රදේශයේ මෙදේරි මෙදේරිපිටිය පුවක්වත්ත මිල්ල හේන පදිංචි 33 මෙම කාන්තාව සමග වස් වසරක පමණ කාලයක් සිට අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන කාන්තාවගේ නිවසේ රැඳී සිටි මෙම රාත්රිි ආහාර ගැනීමෙන් පසු බීමට වතුර ඉල්ලූ විට කිසියම් භාජනය කර තිබූ වතුර වැනි යමක් ඔහුගේ මුහුණට ගසා ඇති අතර ඒ තුළින් ඔහුගේ මුහුන දැඩි දැවිල්ලට ලක්වී පිළිස්සී ඇති බව පවසමින් ඔහු රෝහල් ගත වී තිබේ.
පසුව සිදු කළ විමර්ශනවලින් පසු අනාවරණය වී ඇත්තේ මෙම කාන්තාවගේ අනියම් සැමියා වන අතර ඔහු සමඟ ද කිසියම් හිත් අමනාපයක් හේතුවෙන් මෙලෙස ඇසිඩ් ප්රහාරයකට ලක් කර ඇති බවයි.
ඇසිඩ් ප්රහාරයට ලක් කිරීමෙන් පසු එම කාන්තාව ප්රදේශය හැර ගොස් සිටියදී පොලීසිය විසින් සිදු කළ විමර්ශනවලින් පසු අත්අඩංගුවට ගෙන ඇතැයි දෙනියාය පොලිසිය පවසයි.
සැකකාර කාන්තාව මොරවක මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටට නියමිතයි.







