රට බාර ගැනීම සඳහා සමගි ජන බලවේගය කොන්දේසි 04ක් ඉදිරිපත් කර තිබේ.
- ජනතා මතයට ගරු කරමින් ජනාධිපතිවරයා නිශ්චිත අවම කාලසීමාවක් තුළ ධුරයෙන් ඉවත් වීමට එකඟ වීම,
- කෙටි කාලයක් තුළ පිහිටුවන සර්ව පාක්ෂික ආණ්ඩුවට ජනාධිපතිවරයා කිසිදු බලපැමක් සිදු නොකිරීම,
- ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාවේ පවතින ප්‍රතිපාදන අනුව ඉතාම අවම කාලසීමාවක් තුළ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමටත් ඒ සඳහා සියලුම දේශපාලන පක්ෂවල එකඟත්වය ලබා ගැනීමටත් කටයුතු කිරීම,
- ජන ජීවිතය යථා තත්ත්වයට පත්කොට නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමෙන් අනතුරුව කඩිනම් ස්ථිරසාර රජයක් පිහිටුවීම සඳහා ජනතාවට අවස්ථාව සැලසෙන පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම එම කොන්දේසිය.
සමගි ජන බලවේගය ඉදිරිපත් කළ කොන්දේසි පහත දැක්වේ.