සමගි ජන බලවේග මැයි දින රැළියේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර ගැටුමට හේතුව සරත් ෆොන්සේකා විසින් හරීන් ප්‍රනාන්දුව ඇමතූ තිත්ත කතාවෙන් යුතු හමුදා ආමන්ත්‍රණය බව සිද්ධිය ඇසින් දුටු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් ලංකාසරට පැවසීය.
සමගි ජන බලවේග මැයිදින රැළියේ වේදිකාවේ කටයුතු පරිපාලනය භාරව සිටියේ හරීන් ප්‍රනාන්දුය. කථික ලයිස්තුව සම්පාදනයේ දී ඇති වූ ප්‍රායෝගික තත්ත්වයන් යටතේ සරත් ෆොන්සේකාගේ කතාව පෙළ ගස්වා තිබූ අනුපිළිවෙළින් වෙනස් කිරීමට හරීන් ප්‍රනාන්දුට සිදු වී ඇත.
හරීන් සහ ෆොන්සේකා අතර කලක සිට විරසකයක් තිබුණු බව දේශපාලන ක්ෂේත්රයේ කිසිවෙකුටත් රහසක් නොවේ. මේ තමන් ඉලක්ක කරගෙන කළ වෙනස්කමක් බව සරත් ෆොන්සේකා විශ්වාස කර ඇතැයි වාර්තා වේ.
වේදිකාවේ සිට පැමිණෙන හරීන් ප්‍රනාන්දුව ලඟට ගෙන්වූ සරත් ෆොන්සේකා කුණුහරපයෙන් හරීන්ව අමතා විමසා ඇත්තේ කථික ලයිස්තුව වෙනස් කළේ කාගෙන් විමසා ද යන්නය.
ඊට අමු තිත්ත කතාවෙන්ම හරීන් සරත් ෆොන්සේකාට පිළිතුරු දෙන විට මනුෂ නානායක්කාර අසීරුවෙන් ඔහුව ඇදගෙන යන අයුරු වීඩියෝ දර්ශනවල දක්නට ලැබිණි.
කෙසේ වෙතත් මේ ගැටුමින් පසු හරීන් ප්‍රනාන්දු සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් පවසන්නේ වෙහෙසකර ක්රියාදාමයකින් අනතුරුව තමන් කරන දේ නිවැරදි යැයි තමන්ට විශ්වාස නම් ඒ දේ කළ යුතු බවය.
“ගෞරවය කියන්නෙ දෙපාර්ශවයෙන්ම පැමිණිය යුතු දෙයක්…. නිකමට කියන්නෙ…“
හරින් ලියා ඇත්තේ එසේය.







