සමගි ජන බලවේගය “සමගි ජන පා ගමන” නමින් මහනුවර සිට කොළඹ දක්වා විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබේ.
දින 5ක් පුරා පැවැත්වෙන මෙම විරෝධතා පාගමන අප්‍රේල් 26 අඟහරුවාදා මහනුවරින් ආරම්භ වීමට නියමිත අතර අප්‍රේල් 30 සෙනසුරාදා කොළඹට පැමිණීමට සැලසුම් කර ඇත.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පැවසුවේ, විරෝධතා පාගමන අදියර 5 කින් සමන්විත වන බවය.
1 වන අදියර – අප්‍රේල් 26 – මහනුවර සිට මාවනැල්ල දක්වා
2 වන අදියර – අප්‍රේල් 27 – මාවනැල්ල සිට ගලිගමුව දක්වා
3 වන අදියර – අප්‍රේල් 28 ගලිගමුව සිට දන්ඕවිට දක්වා
4 වන අදියර – අප්‍රේල් 29 දන්ඕවිට සිට යක්කල දක්වා
5 වන අදියර – අප්‍රේල් 30 යක්කල සිට පෑලියගොඩ දක්වා
මැයි 1 වැනිදා කොළඹදී පැවැත්වෙන දැවැන්ත මැයි රැලියකින් සමගි ජන බලවේගයේ විරෝධතා ව්‍යාපාරය අවසන් කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පැවසීය.







