දේශීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ එක් පරපුරක් දීප්තිමත් කළ විශිෂ්ට දේශීය ව්‍යාපාරිකයෙක් වූ සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ සභාපති වික්ටර් හෙට්ටිගොඩ අභාවප්‍රාපත්ත වූයේය.
වික්ටර් හෙට්ටිගොඩ දීර්ඝ කාලයක් අයහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වූ ඔහු අද (02) උදෑසන අභාවප්‍රාප්ත වනවිට 84 වැනි වියේ පසුවිය.
අසීමිත දුක් කන්දරාවක් විඳිමින් ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිස එහි ඉලක්ක ජයගෙන දේශීය වෙදකම ලෝකයට රැගෙන ගිය විශිෂ්ටයෙක් ලෙස වික්ටර් හෙට්ටිගොඩ සම්භාවනාවට ලක් වී ඇත.
අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම් දීමට නියමිතය.







