ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ අනුමැතියකින් තොරව කැබිනට් අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට හෙලිකොප්ටර් හෝ අභ්‍යන්තර ගුවන් ගමන් සේවා සැපයීම නවතා දැමූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කළේ ඉන්ධන අර්බුදය සහ තවත් කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවය.
මුදල් ගෙවා හෙලිකොප්ටර් වෙන්කරවා ගැනීමේ පහසුකම සාමාන්‍ය ජනතාවට සීමා කිරීමට ද ගුවන් හමුදාව තීරණය කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.







