ලලිත් චාමින්ද
ගාල්ල දෙවට ප්‍රදේශයේ ගැස් ලබාගැනිම සදහා ගෑස් පොලිමේ සිටි පිරිසක් ගෑස් ලබා ගැනිමට නොහැකිවිම නිසා ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය දෙවට ප්‍රදේශයෙන් අවහිරකොට අද අළුයම විරෝධතාවයක් සිදුකරණු ලැබිය.
රාත්‍රී 12 පසුවන තුරු පෝලිම්වල රැඳී සිටි විරෝධතාකරුවෝ ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය මුළුමනින්ම අවහිර කර මෙම විරෝධතා ව්‍යාපාරයේ නිරත වූහ.
සිද්ධිය පෙළ ගැසෙන්නේ මෙසේය.

ඊයේ (19) පස්වරුවේ සිට ගෑස් ලබාගැනීම සදහා ගෑස් ලොරියක් එනතෙක් විශාල පිරිසක් දෙවට ප්‍රදේශයේ රැදි සිටියහ. ගෑස් ලොරිය නොපැමිණිම නිසා ඊයේ (19) පස්වරුවේ දි මොවුන් ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දෙවට ප්‍රදේශයෙක් එක් මංතිරුවක් අවහිරකොට විරෝධතාවයක් ආරම්භ කළහ.
විරෝධතාවය නිසා මාර්ගයේ වාහන තදබදයක්ද ඇතිවිය. පොලිසිය විසින් රථවාහන විකල්ප මාර්ග වෙත යොමු කිරිමට කටයුතු කරනු ලැබිය. ගෑස් ලබාගැනීම සඳහා පැමණි පාරිභෝගිකයින්ගේ ඉවසීම ඉක්මවා ගොස් තිබිණි. ඔවුහු ඉතා ආවේගශිලි ලෙස හැසිරුනහ.
පසුව ගෑස් ලොරියක් පැමිණියේය. එම ගෑස් ලොරියේ ගෑස් ප්‍රමාණය පාරිභෝගිකයන් අතර බෙදා දීමට ප්‍රමාණවත් නොවීය. රාත්‍රී 12 පසුවී තිබිණි. දිනයක් ගෙවී ගොස් ඇත. දිනයක් පුරා ගෑස් පෝලිමේ සිටි මිනිස්සු අද දිනය ආරම්භ වූ අවස්ථාවේ දී ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය මුළුමනින්ම වසා දමා විරෝධතාවයක් ආරම්භ කළහ.
පසුව පොලිසිය මැදිහත්වි විරෝධතා කරුවන්ට කරුණු පැහැදිලි කිරිමෙන් ඔවුන් විසිර ගියහ







