බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

හිමාල අඩවියට ගිය ඇමෙරිකානුවන් සොයාගත් සතිපට්ඨාන භාවනාවේ ආනුභාවය

by Lanka Sara Editor
අගෝස්තු 3, 2020 - Updated on අගෝස්තු 23, 2020
in සංස්කෘතිය
Share on FacebookShare on Twitter

බෞද්ධ දර්ශනයේ පවතින හර සහිත  බව පිළිබඳව ඇමෙරිකානුවන් තුළ කුතුහලයක් සහ ඒ ගැන සෙවීමේ පිපාසාවක් ඇති කළේ ටිබෙටියානු ථෙරවාද පසුබිමක් සහිත ලාමාවරුන්ය. විශේෂයෙන්  දළයි ළාමා තුමන් ඇමෙරිකාවේ සිදුකළ බෞද්ධ දර්ශනය පිළිබඳව එරට බුද්ධිමත් ප්‍රජාවගේ ද අවධානයට නතු වුණි.

අමෙරිකාවේ විස්කොන්සින් මැඩිසන් සරසවියේ ස්නායු පර්යේෂකයකු වන ඩේවිඩ් රිචර්ඩ්සන්ද එලෙස දලයි ලාමාතුමන්ගේ තම කාර්යබහුල සේවාව අතරේ ලද ඉසිඹුවකදී අහම්බයකින් මෙන් අසන්නට ලැබෙන දලයි ලාමාතුමන්ගේ දේශනයකට ඇහුම් කන්දුන් එක් ඇමෙරිකානු බුද්ධිමතෙකි.

නිසි පිළිවෙත් පුරන බෞද්ධ භික්ෂුවකගේ ආධ්‍යාත්මික ශක්තිය පිළිබඳව උන්වහන්සේ විසින් කරන ලද දේශනය මේ ස්නායු පර්යේෂකයාගේ චිත්තය අමුතු ආකාරයකින් අවදි කරවන්නට සමත් විය. එනම් ඔහුට මේ බෞද්ධ භික්ෂූන්ගේ ආධ්‍යාත්මය පිළිබඳව බටහිර විද්‍යාවට අනුකූලව විෂයපථය ඔස්සේ පර්යේෂණයක් සිදුකරන්නට මුලක් පෑදිණි .

එහි අවසන් ප්‍රතිඵලය වන්නේ මෙවැනි භික්සූන් වැඩි වශයෙන් වැඩ සිටින ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේ දරම්සාලා නම් කඳුකර නගරයට මෙවැනි භික්ෂූන් සොයා යන ගමනකට මඟ පාදා ගැනීමය. ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම සහ සහය දලයි ලාමාතුමන් විසින් ලබා දෙන ලදී.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්: ජනාධිපතිවරයා වෙත ලිපියක්!

දරම්සාලා නගරයට ගිය මාහාචාර්යවරයාට එහි සිටින ටිබෙට් හි බෞද්ධ සරණාගතයන්ගෙන් සිව්පසය ගෙන තිරසර පැවිදි දිවියක් ගත කරන භික්ෂූන් වහන්සේලා හැට නමක් පමණ ඇසුරේ තම පර්යේෂණ ඇස මෙහෙයවන්නට මහාචාර්ය රිචඩ්සන් පියවර ගත්තේය.බෞද්ධ භික්ෂුවක බුද්ධ දේශනාවේ සඳහන් පරිදි ගතකරන ජීවිතය තුළ අධ්‍යාත්මික වශයෙන් ළඟා කරගන්නා අපරිමිත මානසික සුවය සහ එයින් ලබන වින්දනය දයාව පෙරදැරිව කරන මානසික අභ්‍යාසවලින් මොළයට සහ මනසට සිදුවන බලපෑම පිළිබඳව ඔහුගේ අවධානය යොමු විය.

ආචාර්ය රිචඩ්සන් කියන ආකාරයට තමන්  භික්ෂූන්  වහන්සේ සහ ආධ්‍යාත්මික ශක්තියක් ඇති බවුන් වඩන යෝගීන් මෙය සම්බන්ධ කර ගත්තේ හුදෙක් පර්යේෂණ වස්තූන් පමණක්ම ලෙසින් නොව අදාළ පර්යෙෂණයේ සක්‍රීය හවුල්කරුවන් ලෙසය.

“අප පර්යේෂණ දියත් කළේ බටහිර පර්යේෂණ රාමුවට අනුවයි. ඒ අනුව භාවනාවේදී අවධානය චිත්ත රූප මැවිම භාෂාමය පෙළගැස්ම සහ හැඟීම් පාලනය කර ගැනීම යන කරුණු පිළිබඳ නිරීක්ෂණය කළා.“

මෙහිදී ඔවුන් විසින්ම සිදු කරන පරීක්ෂණවලින් සැබැවින්ම බටහිර ලෝකය මවිත වී ඇත. තරහව, බිය, ක්‍රෝධය වැනි මිනිස් ජීවිතයට සේම සමාජයට විනාශකාරී වන මිනිස් හැඟීම් සම්බන්ධයෙන් පෙන්වා දී ඇත්තේ බුදුදහමේ එන භාවනාවෙන් ලබන මානසික පුහුණුවට සම කළ හැකි වෙනත් කිසිවක් මෙතෙක් ලොවට හමුවී නැති බවය.ඒ පිළිබඳව ආචාර්ය රිචඩ්සන් තම පර්යේෂණ පත්‍රිකාවක මෙලෙස සඳහන් කරයි.

“බෞද්ධ භික්ෂූන් තුළ අප දුටු දෙයක් තමයි භාවනාවෙන් ලබන මානසික පුහුණුව හේතුවෙන් හැඟීම් සියල්ල පාලනය කර ගත හැකි වීම. ඔවුන් තුළ ඇතිවන සංසුන් බව හික්මීම ප්‍රිතිමත්  බව සහ කරුණාව දයාව නිසා බොහෝ විනාශ කාරී හැඟීම් පහව යනවා. විශේෂයෙන්ම මනසෙහි අභ්‍යන්තර සාමයක් ඇති වෙනවා. එයට හේතුව වන්නේ බුදුදහම අන්තගාමී ආධානග්‍රාහී ආගමක් නොවීමයි. එය එක් පුද්ගලයකුගේ එනම් බුදුන් වහන්සේගේ අත්දැකීම අනුව අභ්‍යාසයන් පාදක කරගෙන ලද දැනුම මතගොඩ  නැංවුණු එකක්. ඒ නිසා එහි යම් දැනුම් පද්ධතියක් තිබෙනවා.“

මේ ස්නායු විද්‍යා පර්යේෂකයන්ට බුදුන් වහන්සේ විසින් දේශනා කරන ද ධර්ම කරුණු තුළ ඇති භාවනා ක්‍රම පිළිබඳව ඇත්තේ මහත් විස්මයකි.

වෛද්‍ය රිචඩ්සන් විසින් සොයා ගනු ලැබ ඇති අකාරයට බෞද්ධ භාවනා ක්‍රමවල අතිශයින්ම වැදගත් ලක්ෂණයක් වන්නේ  සිහිය පිහිටුවා ගැනීමය. එනම් සතිපට්ඨානයයි. විශේෂයෙන්ම සමථ භාවනාවේදී මෙම අවධානය එනම් සිහිය පිහිටුවා ගැනීම අරභයා සාර්ථක තාක්ෂණයන් ඇති බව ඔහු විශ්වාස කරයි. එහි පළමු පියවර වන්නේ මනස ලිහිල් කර ගැනීමය. මනසට විවේකයක් ලබා දීමය. ඒ සඳහා ආනාපානසති භාවනාව  වැනි තමන්ගේ හුස්ම ගැනීමට අනුකූලව සිත එකඟ කරවා ගැනීමේ කාර්යය මෙම භාවනාව පිරීමේ මූලික පියවර බව පෙන්වා දෙන මහාචාර්ය වෛද්‍ය රිචඩ්සන් එයින් ක්‍රම ක්‍රමයෙන් තම සිහිය පිහිටුවා ගැනීම හරහා මොළය අප නොසිතන අපූරු මානයන් අවදි කරවන බව ඔහු පෙන්වා දෙයි.

ඔහුගේ මෙම පර්යේෂණවලට රුකුලක් දී ඇති තවත් පර්යේෂකයකු වන්නේ  පොල් ඒක්මන් ය. ඔහුද ඇමෙරිකාවේ කැලිෆෝර්නියා  විශ්ව විද්‍යාලයයේ මනෝ විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙකි. ඔහු පවසන්නේ  සති පට්ඨානය එනම් සිහිය පිහිටුවා ගැනීම මඟින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසිස් අප නොසිතන ආකාරයේ විස්මිත මානසික බලයක් අත්පත් කරනු ලබන බවයි. එමඟින් යමක් දෙස සිහි නුවණින් දැකිය හැකි බව ඒක්මන් පර්යේෂණයක් මඟින් තහවුරු කරගෙන ඇත. ඒ ගැන පොල් ඒක්මාන් මහාචාර්යවරයා මෙසේ පවසයි.

“ මා වරක් ටිබෙට් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් තෝරාගෙන උන් වහන්සේලා සතිපට්ඨාන භාවනාවක නිරත වන අතරේ ඔවුන් නොදැනුවත්ම භීෂණ අවස්ථාවකට මුහුණ දෙන්නට සැලැස්වූවා. එහිදී රතිඤ්ඤා මහ හඬින් පුපුරුවන්නට කටයුතු කළේ ඔවුන්ගේ රුධිර පීඩනය හද ගැස්ම මාංස පේශී චලනය සමේ උෂ්ණත්වය , ආදී ක්‍රියාකාරකම් නිරීකෂණය කරන අතරේයි. බලාපොරොත්තු නැති අවස්ථාවක මෙසේ වෙඩි සහ රතිඤ්ඤා හඬ බලාපොරොත්තු නැති අවස්ථාවක මෙසේ වෙඩි සහ රතිඤ්ඤා හඬ කන් පැළෙන තරමින් ගිගුම් දුන්නත් මෙය භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා වෙතින් පිටතට දැනෙන මට්ටමේ චර්යාත්මක වෙනස්කමක් කළ හැකි වුණේ නෑ. ඒ වගේම ඔවුන්ගේ හෘදය ගැහෙන වේගවත් රුධිර පීඩනයේවත්  මාංස පේශී චලනයේවත් සමේ උෂ්ණත්වයේ වැඩි වීමක්වත් වෙනසක් සිදුවුණේ නෑ. අපි කවදාවත් බටහිර මිනිසුන් අතරේ මෙවැනි තත්ත්වයක් දැකලා නෑ. එය අපට පුදුමයක්. පොල් ඒක්මාන් සඳහන් කරයි.

ඔහු පවසන්නේ භාවනාවෙන් මනස දියුණු කර ඔවුන්ගේ මොළයේ සිදුවීම් පිළිබඳව පෙර දැක ඊට ශරීරය ක්ෂනිකව සූදානම් කරවීමට සමත්ව ඇති බවය. එක දිගට භාවනා කිරීමෙන් ලබන අභ්‍යාසවලින් ලබන භික්ෂූන් සහ යෝගීන් කෙතරම් ප්‍රබල පුහුණුවක් ලබනවාද කියතොත් සාමාන්‍යෙයන් අපට දැනෙන බිය තරහ වැනි හැඟීම් ඉබේම පාලනය කර ගත හැකි මට්ටමට ඒ අයගේ මොළය දියුණු වී තිබෙනවා. මෙවැනි අත්දැකීමකට මුහුණ දෙන්න වුණා නම් අපි මුලින්ම තිගැස්සෙනවා.ඊට පස්සේ බියක් හෝ තරහක් එනවා. ඇඩ්‍රිනලින් හෝමොනය වගේම රුධිර පීඩනයක් වැඩිවෙනවා. එහෙම වෙන්නේ මේ හැඟීම්වලට අදාළ ප්‍රතිචාර මොළය හරහා ආවාම. එහෙත් එකී හැඟීම් ද ඉබේම පාලනය වන තරමට මේ භික්ෂූන්ගේ මොලය වෙනස් ආකාරයෙන් ක්‍රියා කරනවා. හරියට ගිනි දැල්ලක් ඇවිලෙන‍ෙනට පෙර ඒ බව දැනගන්නවා. වගේ. ඔවුන්ට මොළය හරහා පෙර දක්නා නුවණක්ද එනවා. මහාචාර්ය පොල් ඒක්මාන් පවසන්නේ බටහිර විද්‍යාවට අනුව තමන්ට එන හැඟීම් ඇති වීම වැළැක්විය නොහැකි බවය.

ඒ අනුව කළ හැක්කේ ඒ හැඟීම්වලින් සිදුවන හානිය අවම වන පරිදි පාලනය කර ගැනීම පමණි. එම භික්ෂූන්ගේ විශේෂත්වය හැඟීම් නොඉපදවීමය. මෙයට අමතරව බෞද්ධ භාවනාවෙන් ලැබිය හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ පිළිබඳවද තම පර්යේෂණ මඟින් අනාවරණය කර ගැනීමට මහාචාර්ය රිචඩ් ඩේවිඩ්සන් සමත්ව සිටී. ඒ අනුව ඔහු පවසන්නේ  භාවනාව තුළින් සිහිය පිහිටුවීම සහ මෛත්‍රිය ඇති කර ගැනීමෙන් ශරීරයේ රෝගවලට ඔරොත්තු දීම එනම් ප්‍රතිශක්තිය කෙරෙහි බලපාන මොළෙයේ කොටස් එයින් උද්දීපනය වන බවය.

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

ඡන්දෙ තියන්න දෙබර කූඩු අයින් කරන්න… වව්නියා මැතිවරණ නිලධාරීහු ඉල්ලති

Next Post

අංගොඩ ලොක්කා ඇත්තටම ඉන්දියාවේ දී මියගිහින්

Related Posts

vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
sri-maha-bodhi
සංස්කෘතිය

අමරිකාවට වැඩිය ජය ශ්‍රී මහා බෝධිය ටෙක්සාස් පොළොවේ පැල කරගන්න පඤ්ඤාකර හිමියන්ට උපකාර කරන විද්‍යාත්මක මෙහෙයුමේ කතාව….

මැයි 1, 2026
සංස්කෘතිය

මැකී ගිය යුග සලකුණ- ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ගැන කතාවක්!

අප්‍රේල් 14, 2026 - Updated on අප්‍රේල් 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.