බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එරියාවෙ “ශිෂ්‍යත්ව ඉස්කෝලෙ“ මේ පාරත් දිනුම්!

by editor
මාර්තු 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වන්නියේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය හැර අන් සරණක් නැත.   ලෝකය දෙන හඳුනාගෙන ඉදිරියට යන්නට ඔවුන්ට ඇති එකම මග අධ්‍යාපනයයි .

ඒරියාව කණිඩු විදුහල

එරියාව ප්‍රාථමික විද්‍යාලය පිළිබඳව රටම කතා කරන්නේ 2016 වර්ෂයේ සිටය. ස්ටැනයින් පරිමාණ දර්ශකයට අනුව 2016 වර්ෂය හා 2019 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල වලින් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත් නිසාය . පාසල 2017 සහ 2018 වර්ෂවල දෙවැනි ස්ථානය ලබා ගත්තේය . 2016 සිට අඛණ්ඩව මේ දක්වා ස්ටැනයින්  පරිමාන දර්ශකයේ  ඉහළින්ම අඛණ්ඩව රැඳී සිටීම ලේසි පහසු කාර්‍යයක් නොවේ. ඒරියාව කනිෂ්ඨ විද්‍යාලය සුපිරි  පාසලක්  නොවේ.  මෙය මහව කලාපයේ , වල් අලින් ගෙන් ගහණ අති දුෂ්කර පාසලකි.

සියල්ලන්ටම සමත් විය හැකියි…

වර්ෂ  2016 වර්ෂයේ සිට “අනිවාර්යයෙන්ම  දරුවන්ට ශිෂ්‍යත්ව සමත් විය හැකිය”  යන සංස්කෘතිය එරියාව තුළ නිර්මාණය කලේ  ජේ.එම්.අමිල  ප්‍රසාද් ජයසේකර  ගුරුතුමාය . ඒ උප සංස්කෘතිය මහව අධ්‍යාපන කලාපයට ගෙනාවේ ඔහුය. “ශිෂ්‍යත්ව උණ ” මහව  අධ්‍යාපන කලාපයට බෝ කලේ ඔහුය.  ඒ කොතෙක් ද යත් අදටත් එරියාව ප්‍රාථමික විද්‍යාලය හඳුන්වන්නේ “අමිලගේ ඉස්කෝලේ”  කියාය . ඔහු දැවැන්ත චරිතයක් ව ප්‍රදේශවාසීන්ගේ හා දරුවන්ගේ හදවත් තුළ සැමදා  ජීවමාන ය.  ඔහු දැනට මෙම විද්‍යාලයේ ම නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙස කටයුතු කරයි.

එරියාව ප්‍රාථමික විද්‍යාලය මෙවර ද 5ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල වලට අනුව  මහව අධ්‍යාපන කලාපයේ හොඳ ම ප්‍රතිඵල ය වාර්තා කරයි. එනම් දරුවන් 35 ක් විභාගය ට පෙනී සිටි අතර එයින් දරුවන් 21 දෙනෙක් ශිෂ්‍යත්ව කඩයිම් ලකුණ පසු කර ඇත. ඉතිරි දරුවන් 14 දෙනාද  ලකුණු 70 සීමාව   පසුකර ඇත. ලකුණු 180 සීමාව පසුකල දරුවන් තුන්දෙනෙකි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ලකුණු 186 ක් ලබා ගත්තේ   හිමාෂි මනෝද්‍යා රත්නායක ශිෂ්‍යාවයි.එම් එච්.බී.නෙත්මි ඉෂාරා මාදන ලකුණු 183 ක් ලබා ගත්තාය. පී.ජී.ඩී. සිළුමි සංජනා කටුපිටිය ශිෂ්‍යයාව  ලකුණු 182ක් ලබා ගත්තා ය.

හිමාෂි මනොද්‍යා දියණිය තම හැඟීම් අප හා බෙදා ගත්තා ය……..” කොරෝනා නිවාඩුවෙදිත් අපි හැමදාම වැඩ කලා.. ඔන්ලයින් ක්ලාස්වලට ගැටලු ආවම පන්තිභාර ස‘රුයි අනිත් ගුරුවරු යි..ලොකු ස‘ ර් එක්ක එකතු වෙලා ඒවට විසඳුම් හොයල දුන්නා… අපිට තිබුනෙ නෑ බෑ නොකියා වැඩ කරන්න විතරයි … ජයග්‍රහණය ඉලක්කය නම් මොන බාධක ආවත් ඒව ගණන් ගන්න එපා කියල තමයි අපේ සර් නිතරම කීවෙ …. සර් ගෙ උපදෙස් ඒ විදිහට ම පිලිපැද්දා… මේ ජයග්‍රහණයේ රහස ඒක යි….” ඇගේ මුහුණේ ලස්සන හිනා මලක් පිපී තිබුණි….

2021 වර්ෂයේ 5 ශ්‍රේණිය භාරව කටයුතු කලේ ලහිරු කොළඹ ගේ ගුරුතුමාය….

විදුහල්පති අනිල් ගාමිණී විජේරත්නය, එම්.අමිල ප්‍රසාද් ජයසේකර, 2021 වර්ෂයේ 5 ශ්‍රේණිය භාරව කටයුතු කළ ලහිරු කොළඹගේ ගුරුවරු….

දිනුවෙ කොහොම ද?

“අපි පෙර  ලැබූ ජයග්‍රහණ වලට තවත් ජයග්‍රහණ මෙවර එකතු වුණා… ජාතික මට්ටමේ ජය මෙවරත් අපිට කියලයි දැනට හිතාගෙන ඉන්නේ…  දරුවෝ සියලු දෙනාටම විභාග කඩයිම ජය ගන්න බැරි උනත් සමත් ලකුණු පසු කළා… “සියල්ලන්ටම ජය” තමයි අපේ තේමාව වුණේ.. අපි දරුවන්ට ඉගැන්වීම් කටයුතු කළේ විධිමත් වැඩපිළිවෙළකටයි… දරුවන් මේ ජයග්‍රහණ ලබන්නේ පීඩනයෙන් තොරවයි…

මොන බාධක ආවත් අපි යන ගමන අපි නැවැත්තුවෙ නෑ … මේ ජයග්‍රහණය ලබන්නේ විවිධ දුෂ්කරතා මැද්දෙ… මේ ජයග්‍රහණය වඩාත් දැනෙන්නෙ ඒ නිසයි… විදුහල්පතිතුමා, හිටපු විදුහල්පතිතුමා , පාසලෙ අනෙක් ගුරුවරු , දරුවන් ගේ දෙමව්පියන් සහ අධ්‍යාපන නිලධාරීන්  යන මේ  සියලු ම දෙනා කණ්ඩායම් හැඟීමෙන් ක්‍රියාකළා… මේ ජයග්‍රහණය පහසු වුනේ ඒක යි… කොරෝනා නිවාඩු කාලයේ වුනත් අපිට හොඳ ඵලදායි වැඩ පිළිවෙළක් තිබුණා…

මේ ප්‍රදේශය කොච්චර දුෂ්කර වුනත් ඔන්ලයින් අධ්‍යාපන ය සාර්ථක ව කර ගෙන ගියා…  අපි නෑ බෑ කිය කිය හිටියෙ නැහැ… ගැටලු හඳුනාගත් සැනින් පිළියම් යෙදුවා… වල් අලි ගැටලුව වසර ගණනාවක් තිස්සෙ පවතිනවා… ඒ සියලු බාධක අපේ ජයග්‍රහණය ට ආලෝකයක් වුනා… ”

ආර්. එම්. චමින්ද රත්නායක  ලකුණු 186 ක් ලබා ගත් හිමාෂි මනෝද්‍යා දියණියගේ පියා ය … ඔහු තම හඬ අවධි කළේය..කලේය.

“දරුවන්ගේ දෙමව්පියන් විදිහට අපි අපෙන් ඉටු වෙන්න  තියෙන සියලු යුතුකම් පාසල වෙනුවෙන් කරනවා… පාසලේ වැඩ කටයුත්තකදී අපි ඒක ඉස්සර කරගන්නවා…  කවදාවත් නෑ බෑ කියලා මගහැරලා නෑ … එහෙම කරන්න හේතුව මේ ගුරුවරුන්ගෙ තියෙන කැප වීම… ඒක දැක්කම අපි ට පුදුම හිතෙනවා …

පැය 24 ඉස්කෝලෙ

එරියාව පාසල ඇතුලෙ දවස පුරාම ඉස්කෝලෙ පැවැත්වෙනවා… කුමන මොහොතකවත් පාසල හිස් වෙන්නෙ නෑ … දරුවො වැඩ කරන්නෙ උද්‍යෝගයෙන්… ප්‍රබෝධයෙන්… අපි ත් දෙමව්පියො විදිහට දරුවන් ට , ගුරුවරුන්ට අවශ්‍ය සියලු දේ සම්පාදනය කරල දෙනවා… එතකොට හැමෝට සතුටින් මේ වැඩ කරනවා….”

ඒරියාව විද්‍යාලයේ  වර්තමාන විදුහල්පති අනිල් ගාමිණී විජේරත්නය.

“ප්‍රාථමික විදුහලක් නිසා අපිට ජාතික මට්ටමින් ප්‍රතිඵලයක් විදියට දෙන්න තියෙන්නේ ශිෂ්‍යත්ව ප්‍රතිඵලය විතරයි . ඒ නිසා එය ප්‍රතිඵලය උපරිමයෙන් දෙන්න අපි වැඩ කටයුතු කරනවා . එනිසා තමයි 2016 සිට මේ දක්වාම ජාතික මට්ටමේ පළමු පාසල් පහ අතර රැඳී සිටීමට අපිට හැකියාව ලැබුනෙ. ඒ සඳහා දිවා රාත්‍රී නොබලා වැඩ කරන ගුරුමණ්ඩලය තමයි මෙහි පළමු ජයග්‍රහකයෝ .“

“දරුවන් වෙනුවෙන්  දෙමව්පියන් උපරිමයෙන් කැප වෙනවා . වන අලි තර්ජන මැද  උදේ 6:00 ට පටන් අරගෙන හවස 06:00 වෙනතුරු වැඩ කරනවා.   තෝරාගත් දිනවල දී රාත්‍රී 10:30 වන තුරුත්  දරුවන්ට අධ්‍යාපනය ලබා දෙනවා. ඒ විදිහෙ අධ්‍යාපන පරිසරයක් තිබෙන එකම පාසල එරියාව ප්‍රාථමික විද්‍යාලය විය යුතුයි. ඒක බහුවිධ අධ්‍යාපන ක්‍රියාවලියක්.  දරුවන් අධ්‍යාපනය ලබන්නෙ නිරායාශයෙන්.  දරුවෙක් වශයෙන්  විඳිය යුතු සියලු නිදහස් හැසිරීම් එක්ක.“

“ඉදිරියේ එන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඉහළට ගන්න අපි ළඟ වැඩපිළිවෙළක් තිබෙනවා. ඒවායේ සියලු ජය දරුවන්ටයි . හිටපු මහව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක අරුණ ශාන්ත අරුණශාන්ත මහතා, හිටපු ගල්ගමුව කොට්ඨාස  අධ්‍යාපන අධ්‍යක්ෂක  තුමා සහ වත්මන් අධ්‍යක්ෂකතුමා , ප්‍රාථමික  විෂයෙහි අධ්‍යක්ෂකවරුන් සහ සියලුම අධ්‍යාපන නිලධාරීන්  මෙන්ම වත්මන් කලාප අධ්‍යක්ෂක තුමිය සිහිපත් කළ යුතුයි.”

“කළ නොහැක්කක් නොමැත.” යන්න එරියාවෙ  අපි ක්‍රියාවෙන් ම ඔප්පු කර තිබෙනවා.

 

 

 

Share69Tweet43
Previous Post

අයි.එම්.එෆ් සමඟ සාකච්ඡා දෙසතියකින් පසු ඇරඹෙයි !

Next Post

මහනුවර පෞරාණික රජවාසල හදාගන්න ඇමරිකානු රජයෙන් ආධාර…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.