ඉන්දියාවට එරෙහිව මොහාලි හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සඳහා වේගපන්දු යවන්නන් තිදෙනෙකු, එක් දඟපන්දු යවන්නෙකු සහ පිතිකරුවන් 7 දෙනෙකු සමග ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තුවන බව නායක දිමුත් කරුණාරත්න පැවසීය.
අද (3) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා නායකයා කීවේ නිරෝෂන් දික්වැල්ල කඩුලු රකින්නා ලෙස කටයුතු කරන බවය.
වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරගේ කාර්ය බහුලත්වය සැලකිල්ලට ගනිමින් ඔහු පළමු ටෙස්ට් තරගය සඳහා විවේක ගැන්වීමට ඉඩ ඇති බව ද ශ්‍රී ලංකා නායකයා කීවේය.
ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන ක්රීඩකයයින් එකොලොස් දෙනා මෙසේ විය හැකිය.
දිමුත් කරුණාරත්න
ලහිරු තිරිමාන්න
පැතුම් නිශ්ශංක
ඇන්ජලෝ මැතිව්ස්
ධනංජය ද සිල්වා
චරිත් අසලංක
නිරෝෂන් දික්වැල්ල
සුරංග ලක්මාල්
ලසිත් ඇඹුල්දෙණිය
ලහිරු කුමාර
විශ්ව ප්‍රනාන්දු