හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය විමල් වීරවංශ, අමාත්‍ය උදය ගම්මන්පිල, අමාත්‍ය වාසුදේව නානායක්කාර, එකම වේදිකාවක දැකගත හැකි විය.
ඒ ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 11ක් සකස් කරන ලද මුළු රටම හරි මගට දස වැදෑරුම් ජාතික ප්‍රකාශනය අද (02) පස්වරුවේ දී එළි දුටු අවස්ථාවේ දී ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ලංකා සම සමාජ පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ඇතුළු පක්ෂ 11ක් විසින් එම යෝජනාවලිය එළිදක්වා තිබිණි.
මෙහිදී විශේෂම සිද්ධිය වන්නේ අපේ ජනබල පක්ෂය වෙනුවෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අදහස් දක්වා නිම වීමත් සමග එම ස්ථානයට පැමිණි වේදිනිගම විමලතිස්ස හිමියන් රතන හිමියන්ට විරෝධතාවය දැක්වීමය.
එහිදී එම ස්ථානයේ යම් නොසන්සුන්තාවයක් ඇති විය.