කළුසල්ලි වෙළෙඳපල ප්‍රවර්ධනය කරන, මෙපමණ විනිමය අර්බුදයක් පවතිද්දී මහ බැංකු අධිපතිවරයා මුණ ගැසෙන්නට වෙලාවක් නැති බව කියන, මොළ හතක් ඇතැයි සිතාගෙන සිටින උද්දච්ඡ මුදල් ඇමතිවරයා මේ රට විනාශ කරන බව කර්මාන්ත ඇමති විමල් වීරවංශ කියයි.
මේ සෙල්ලම් කරන්නේ අපේ රට සමග බවත්, ඩබල් රටවැසි භාවයක් නැති තමන්ට ඉන්න හෝ මැරෙන්න ඇත්තේ එක රටක් පමණක් බවත් අමාත්‍යවරයා කීවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (23) සවස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් එක් වී එළි දැක්වූ මුළු රටම හරි මගට ජාතික ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සව අවස්ථාව අමතමිනි.
ඇමතිවරයා මෙසේ ද පැවසීය.
කාපට් කරපු පාරවල් තියෙනවා. තාමත් කාපට් කරනවා. කාපට් උඩින් තව කාපට් කරනවා. හැබැයි පාරෙ වාහනේ යන්න තෙල් නැතිවෙනවා. කාපට් එක තිබුණට ඒක උඩ යන වහානේට තෙල් නැතිනම් පාර කන්න ද?
ආණ්ඩුවක් තියෙනවා මේ තත්වය ගැන බැරෑරුම් සාකච්ඡාවකින් තොරව. පාලකයො ඉන්නවා මේ තත්වය ගැන බැරෑරුම් අවධානයකින් තොරව. මේකෙන් ගොඩ එන්න ප්‍රධාන පියවර කීපයක් ගන්න ඕන. පළමුකො විශේෂඥ සහය ගන්න ඕන. තමන්ට සියල්ලම තේරෙනවා. මගෙ මොළෙයි ඉතිරි තව හයයි මේ ඔක්කොම තියනවා. ඒ නිසා මට කිසි ප්‍රශ්නයක් නෑ. මට මොකට ද විශේෂඥ සහය . මම හිතන විදිහට ඔක්කොම වෙනවා නම් ඒ මදෑ…“
“ඒ උද්දච්ඡ මානසිකත්වයට මේ අභියෝග ජය ගන්න බෑ. හදන්න ඕන ප්ලෑන් එකක්. සැලැස්මක්. ඒ සැලැස්ම අතට අරගෙන යන්න ඕන ණය දීපු අය හම්බවෙන්න. ගිහිල්ල කියන්න ඕන උඹල කියන විදිහට දැන් වාරික ගෙවන්න බෑ. අපිට ගෙවන්න පුලුවන් අපි හදපු සැලැස්මක් තියෙනවා. මේක පිළිගන්න කියලා. කෝ ඒ සාකච්ඡාව. “
“මහබැංකු අධිපතිතුමා කියනවා මාස හයක් තිස්සේ මේ තත්ත්වය හමුවෙ ගත යුතු පියවර නිර්දේශ කරලා මම ලිපි 09ක් ඇරියා. මම යෝජනා ඇරියා. එකකටවත් කිසිම ප්‍රතිචාරයක් නෑ කියලා.“
“මහ බැංකු අධිපතිතුමා හම්බවෙන්න වෙලාවක් නෑ මුදල් ඇමති තුමාට. මෙච්චර විදේශ විනියම අර්බුදයකින් පීඩා විඳින රටක මහබැංකු අධිපති මුණ ගැහෙන්න මුදල් ඇමතිට වෙලාවක් නැතිනම් එක්කො මේ කෙළවාගන්න ඉඩදී බලා සිටිනවා.“
“අද කළු සල්ලි ඩොලර් වෙළෙඳපළක් හැදිලා ප්‍රබල වෙලා. මම ලෝකේ මොන රටකවත් කිසිම මුදල් ඇමති කෙනෙක් ගැන අහල නෑ කළු සල්ලි මාකට් එක ප්‍රවර්ධනය කරන. “
“මේ වෙලාවෙ මේ කළු සල්ලි මාර්කට් එක පුලුවන් තරම් ප්‍රවර්ධනය කරන්න නෙවෙයි ඒකෙ ක්‍රියාකාරිත්වය දුර්වල කරන් ඕන. නිත්‍යානුකූළ මාවතෙන් සල්ලි එන්නේ නෑ. දකුණු කොරියාවෙ රැකියාව කරන දරුවො සියයට අනූවක් සල්ලි එවන්නේ උන්ඩියල්වලින්. බැංකු පද්ධතියට හැරෙන ඩොලර් ටික හිඳෙනවා. හොර පාරෙන් යන ඩොලර් ගඟ තර වෙනවා. ඒකට එහෙම වැඩෙන්න දීලා බලන් ඉන්නවා. “
“මේ අපේ රට එක්කයි සෙල්ලම් කරන්නෙ. අපිට ඩබලර රටවැසි භාවය නෑ. එකයි තියෙන්නෙ. ඉන්න හරි මැරෙන්න හරි ඔක්කොමෙ තියෙන්නෙ මෙතන…“