නිධානයකින් ගත් බව සඳහන් කරමින් කෞතුක වටිනාකමක් සහිත බව සඳහන්කර රන් අලේපිත බුදු පිලිමයක හිස සහ පාද කොටස් නොමැති බඳ කොටස රුපියල් කෝටි තුනකට තක්සේරු කර අත්තිකාරමක් ලෙස රුපියල් ලක්ෂ හතලිහක් ලබා ගැනීමට ගිය ජාවාරම් කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට රාජ්‍ය බුද්ධි සේවයේ මහව දිසා බුද්ධි සේවා කාර්යාංශය සමත් වී තිබේ.
නිකවැරටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් නිලධාරීන් කණ්ඩායමක් යොදවා ගිරිබාව පොලිස් වසමට අයත් පැරකුම් පුරදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම ගිරිබාව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







