විදුලි උත්පාදනය සඳහා ඉදිරි සතියට ඉන්ධන ලබා දීම සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් අද (07) පෙරවරුවේ පැවැත්වෙන බව බලශක්ති අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
මින් සතියකට පෙර බලාගාරවලට සැපයූ ඉන්ධන තොග අද අවසන් වීමට නියමිතව ඇති වටපිටාවක මෙම සාකච්ඡාව කැඳවා තිබේ.
මේ සතියේ අපේක්ෂිත විදුලිය ජනනය කිරීම සඳහා නොරොච්චෝලේ බලාගාරය ඇතුළු සියලු ඩීසල් හා දැවිතෙල් බලාගාර මගින් විදුලි නිශ්පාදනය අත්‍යාවශ්‍ය වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පෙන්වා දෙයි.







