බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙවේලේ ඇහුනත්   අපි නොදන්න කන්දකාඩුව

by editor
ජූලි 25, 2020
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවරැල්ල –

යළි කොවිඩ් 19 වෛරස ආසාදිත රැල්ලක් සමාජ ගත වීමත් සමග කන්දකාඩුව ප්‍රතිකාර හා පුනරුතථාපන මධ්‍යස්ථානය පිළිබද රටේ විවිධ කතාබහ ඇති වෙමින් තිබේ. එල්ටීටීඊ ග්‍රහණයට නතුව තිබූ පොළොන්නරුව නගරයෙන් වයඹ සහ බටහිර දෙසට වන්නට පිහිටි සෝමාවතිය , සුංගාවිල, කන්දකාඩුව , සේනපුර , වැලිකන්ද ආදි ප්‍රදේශ මුදාගනු ලැබූයේ දෙදහස් හයවසරේදීය.

කන්දකාඩුව පුනරුත්ථාපන කඳවුරක් බවට පත්වූයේ වසර දෙදහස් අටේදිය. කලෙක රට සශ්‍රීක කළ ගොවි සම්පතක්ව තිබී පසුව  අතහැර දමා තිබූ කන්දකාඩු ගොවිපල  සකසා එල්ටීටිඊ  සොල්දාදුවන් වෙනුවෙන් පුනරුත්ථාපන කඳවුරක් ඉදිවුණි. පුනරුත්ථාපනය ලැබූ  ඔවුහු  ඒ ආසන්නයේ වන ගොවිපොලක් වෙත යොමුකරනු ලැබූහ. වසර දෙදහස් දහ තුනේ අගෝස්තු මස විසිවැනි දින පුනරුත්ථාපන කොමසාරිස් කාර්යාලය මගින් කන්දකාඩුව ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක්  ඉදිකළේය.

“කන්දකාඩුව ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය” හි අධ්‍යක්ෂ කර්නල් චමින්ද පැස්කුවෙල්ෙය. ඔහු සමග තවත් හමුදා නිළධාරින් ද උපදේශන නිළධාරිහු ද වෙති.

ආධුනිකයින් රැළි තහඩුවට

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්: ජනාධිපතිවරයා වෙත ලිපියක්!

ඉතා නිහඩ නිසංසල පරිසරයක පිහිටි මේ බිමෙහි පැහැදිලි ලෙස ගොඩනැගිලි කොටස් තුනකට වෙන්කොට තිබිණි. රැලි තහඩු කොටස පළමුවැන්නය. පුනරුත්ථාපන කඳවුරේ මුල සිටම පැවැති මේ ගොඩනැගිලි රැළි ගැන්වුණු තහඩු යොදා ආවරණය කර ඉදිකොට තිබූ නිසා ඒ බිම රැළි තහඩු කොටස ලෙස නම්කොට ඇත. මෙම කොටසේ සිටින්නේ මෙම කඳවුරට පැමිණෙන ආධුනික පිරිසය. එනම් ලංකාවේ කොහේ  හෝ  උසාවි නියෝගයකින් ලංකාවේ කොහේ හෝ බන්ධනාගාරයකින් නිරෝගී බවට සනාථ කරන ලද වෛද්‍ය වාර්තාවද අතැතිව බන්ධනාගාර නිළ රථයකින් කැටුව එන ආධුනිකයින්ය.

මෙම පිරිස රටේ පළාත් නවයම ආවරණය කරමින් මෙහි එති. වැඩිම පිරිසක් හෙවත් මෙතෙක් දෙදහස් තුන්සිය හැට දෙනකු පැමිණ ඇත්තේ බස්නාහිර පළාතෙනි. දෙවැනි වැඩිම පිරිස දකුණු පළාතෙනි. එය ගණනින් පන්සිය අසූ හතකි. තුන්වැනි වැඩිම පිරිස තුන්සිය හැත්තෑ හතක් ලෙස වයඹ පළාතෙනි. සෙසු සියළු පළාත් වලින් සියය ඉක්මවූ සහ සියයට ආසන්න පිරිසක් මේ පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත  යොමු කර ඇත.

නව ගොඩනැගිලි පියස හා නව ගොඩනැගිලි

දෙවැනි කොටස නව ගොඩනැගිලි පියසය. එහි නව පන්ති කාමර ඇත. රෝහල් පරිශ්‍රයක් ඉදි වී තිබේ. නව ගොඩනැගිලි පියස වෙත යා හැකි වන්නේ මාස තුනක් ගෙවුණු පසුවය. උපදේශන සහ සෙසු පන්ති පැවැත්වෙන්නේ එහිදීය.

අභ්‍යාස ලාභියාට හිමිවන මූලික අවශ්‍යතා කට්ටලය

තෙවැනි කොටස පාරෙන් එපිට ඇති නව ගොඩනැගිලිය. කාර්යය මණ්ඩල නේවාසිකාගාර ඇත්තේ එතැනය.

මෙබිමට පාතබන මේ ආධුනිකයා පිළිගැනීමේ නිළධාරියා විසින් පළමුව පිළිගෙන ලියාපදංචි කරයි. එම අවස්ථාවේ ඔහු තමෙන්ගේ සෑම විස්තරයක්ම  අදාල නිළධාරියා වෙත ප්‍රකාශ කරයි. අනතුරුව ඔහු සතුව ඒ මොහොතේ ඇති යට ඇඳුමේ පටන් සියල්ල ඉවතලා විනාශ කර දමයි. පුද්ගලයකුට මාසිකව අත්‍යාවශ්‍ය වන දත්බුරුසුවේ, රැවුල බාන තලයේ සිට භාණ්ඩ කට්ටලයක්  අලුතින් ලබා දෙයි. තුවායක් සරමක් කොටකලිසම් දෙකක් දිගකලිසමක් ටීෂර්ට් දෙකක් ෂීට් දෙකක් කොට්ට උර දෙකක්  සෙරෙප්පු කුට්ටමක් සපත්තු කුට්ටමක් සබන් දත්බෙහෙත්  එම භාණ්ඩ කට්ටලයට අයත්ය. කොණ්ඩය කොටට කපා නා පිරිසිදු වී අලුත් ඇදුම් ඇදගන්නා ආධුනිකයා මුලින්ම යොමුකරන්නේ , කෘෂි චිකිත්සාව සඳහාය.

කෘෂි චිකිත්සාව හා ජල චිකිත්සාව

කෘෂි චිකිත්සාව

කන්දකාඩුව කඳවුරේ භූමියෙන් වැඩි කොටසක් වගා කටයුතු සදහා වෙන්කර තිබේ. ඊට පා තබන ආධුනික අභ්‍යාසලාභියා වගාවට සාත්තු කළ යුතුය. අනතුරුව පාත්ති සකසා වගා කල යුතුය. මේ සඳහා ඉතා හොද මග පෙන්වීමක් සිදු කරන්නේ පුහුණුවලත් නිළධාරින් පිරිසක් විසිනි.

ජල චිකිත්සාව

ජලය මිනිසාට ජීවය ලබා දෙන ප්‍රබල සාධකයක් නිසාම ජලයද චිකිත්සාවක් ලෙස යොදා ගනී. අන්තරායකර ඖෂධයක් ශරීර ගත කර ඉන් සිරුරට ලැබුණු අහිතකර තත්ත්වයන් මගහරවා ගැනීම පිණිස, දවසකට තුන් හතර වතාවක් ස්නානය කළ යුතුය. එය ජල චිකිත්සාව ය.

දැනුම, ප්‍රතිකාර හා උපදේශනය

උපදේශන වැඩ මුලුවක්

පළමු මාසය එසේ ගෙවීයද්දී දෙවන මාසය වෙන් කර ඇත්තේ , අන්තරායකර ඖෂධ යනු කුමක්ද ? ඊට නතු වූ විට සිදුවන මානසික සහ ශාරිරික විපර්යාසයන් මොනවාද? ඉන් සිරුරට ලැබෙන අහිතකර තත්ත්වයන් මොනවාද ? පාවිච්චි කරන ලද ප්‍රමාණයන් අනුව දැන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රිය ක්‍රියාවලියට සිදුව ඇති බාධා මොනවාද? ආදිය සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ලබා දිමටය.   මෙය අභ්‍යාසලාභින් ගේ හැරවුම් ලක්ෂයය.

තුන්වැනි මාසයේදි    ප්‍රතිකාර සහ උපදේශනය ලබා දීම ආරම්භ කරන්නේය.  සිව්වන මාසයේ සිදුවන්නේ අභ්‍යාසලාභියාට තමන්ගේ ජීවිතයේ වටිනාකම අවබෝධ කර දීමය. තමන් මත යැපෙන , තමන් මත සැනසෙන තම සමීපතමයින් තමන්ගේ වෙන්විමෙන් විඳින වියොව වේදනාව කනස්සල්ල සේම පවුලේ ආර්ථිකයේ බිඳවැටීම මෙහි දී හොඳ හැටි අවබෝධ කර දෙයි.

නායකත්ව හා පෞරුෂ වැඩසටහන්

පස්වැනි සහ හය වැනි මාස වල දී ලබා දෙන්නේ ද නායකත්වය සහ පෞරුෂ වර්ධනය සඳහා අවශ්‍ය උපදේශනය සහ මගපෙන්වීමය.    වන විට ක්‍රීඩා කුසලතා, සංගීත කුසලතා ඇති උදවිය සඳහා විශේෂ වැඩසටහන් ආරම්භ කර ඇත.

අද වන විට කන්දකාඩුව පුනරුත්ථාපන කඳවුරෙන් පුහුණුව ලැබු පිරිස පනදහස් තුන්සිය හතලිහකි. හයසිය හතර දෙනකු මුදාහැරීමට සිදුව තිබුණු අතර  අදවන විට සේනපුර කඳවුරට යොමුකල පිරිස තුන්දහස් අටසිය විසි තුනකි. අටසිය හැට දෙදෙනකු අදටත් කන්දකාඩුවේ පුහුණුව ලබමින් සිටිති.

 කර්මාන්ත

කඳවුරේ බේකරිය

මැහුම් හලක්, කොණ්ඩා සැකසුම් ස්ථානයක්, බේකරියක් භාවනා මධ්‍යස්ථානයක්, සංගීත කාමරයක් යෝග ආශ්‍රමයක් ගෘහස්ථ සහ අභ්‍යන්තර ක්‍රීඩාගාර ඇතුළු සියලු පහසුකම් සහිත මෙහි කටයුතු සඳහා දායක වීමට සෑම අභ්‍යාස ලාභියකුට පහසුකම් ඉඩකඩ සලසා දී ඇත.

ආහාර වේලක්

බේකරියේ පාන් බනිස් හදන්නේ සියලු දෙනා සඳහාමය. එයද සිදුවන්නේ අභ්‍යාසලාභින් අතිනි. මුළු තැන්ගෙයි කෑම පිසින්නේද අභ්‍යාසලාභින් විසිනි. ඉතා පිරිසිදුව ප්‍රනීතව සකසන කෑම ඇති තරම් බඩකට පිරෙන්නට දෙන්නට කඳවුරේ අවසර ඇත. වයස අවුරුදු හැට ඉක්මවූ අභ්‍යාසලාභින් සඳහා කෑම කාමරයේ විශේෂ මේසයක් වෙයි. ජ්‍යේෂ්ඨ පුරවැසි මේසය ලෙස එය නම් කර ඇත්තේ අභ්‍යාසලාභි පිරිස විසින්මය.

කාය වර්ධන මධ්‍යස්ථානය

සියලුම අභ්‍යාසලාභින් කායවර්ධන ශරිර සුවතාවද දිනපතා ලැබිය යුතුය. ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කර බලමින් ශරිර සුවතාවයන්ට උචිත ව්‍යායාම පිළිබඳ මගපෙන්වන්නා ලෙස කටයුතු කරන්නේ ශාරිරික අභ්‍යාස උපදේශක ලාන්ස්කෝප්‍රල් බණ්ඩාරය .  මීට අමතරව  භාවනා වැඩසටහන් , යෝග වැඩසටහන් මාසිකව පැවැත්වේ

කන්ද කාඩුවෙන් සේනපුරට

අභ්‍යාස ලාභියා   සෙසු මාස හය සඳහා වැලිකන්ද සේනපුර තෘතියික හා වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානය වෙත යොමු කරයි.  කන්දකාඩුවෙන් නිළ වශයෙන් රැගෙන එන අභ්‍යාසලාභීන් මෙහිදි ද නැවත ලියාපදිංචි කරති. මාසිකව අවශ්‍ය සියළු අත්‍යාවශ්‍ය බඩුමල්ලද නේවාසික පහසුකම්ද    ලබා දී කටයුතු ආරම්භ කරයි.

වැලිකන්ද සේනපුර තෘතියික හා වෘත්තිය සාක්ෂරතා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ කර්නල් අසේල   ඇතුළු නිළධාරි මඩුල්ල ඒ උදෙසා කරන කැපවීම ද ඔවුන් සතුව ඇති කාර්යය භාරයද අතිමහත්ය.  එහිදී පැමිණෙන  අභ්‍යාසලාභින්ට තෝරා ගන්නා ලද වෘත්තීය පාඨමාලා පුහුණු කිරීමකට ලක් කරයි.  සේනපුර කඳවුරෙහි මේතාක් පුනරුත්ථාපනය ලැබූ පිරිස තුන්දහස් අටසිය විසිතුනකි. ඉන් තුන්දහස් තිස් හය දෙනකු සමාජගත කොට ඇත. මේවන විට හත්සිය පස්දෙනකු වෘත්තීය පුහුණුව ලබති.

ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සහ පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාලය එක්ව මෙම අභ්‍යාසලාභීන් සඳහා වෘත්තීය පුහුණුව ලබා දෙති.

වඩුකාර්මික, ජලනල කාර්මික, ගෘහස්ථ විදුලි කාර්මික , පෙදරේරු කාර්මික , පෑස්සුම් ශිල්පී පාඨමාලාව ,  පරිගණක මෘදුකාංග,  පරිගණක දෘඩාංග,  තත්ත්ව පාලන ඇගළුම් , භෝජනාගාර සහායක , බේකරි ආශ්‍රිත නිෂ්පාදන , සූපවේදි යන පාඨමාලා සියල්ල මාස හයක් පුරා ක්‍රියාත්මක කරන අතර උපදේශන ක්‍රියාවලි යද ක්‍රියාත්මක කරමින් මානසික ශාරිරික සහ වෘත්තිය යන තෘතියික පුහුණුව ලබා දෙන්නට සේනපුර කඳවුරු නිළධාරිහු කටයුතු කරති.

ඔවුන්ට මග පෙන්වීම පිණිස,  පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ,  නියෝජ්‍ය පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් බ්‍රිගේඩියර් දර්ශන ලියනගේ , පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යංශයේ අධ්‍යක්ෂ පශ්චාත් පුනරුත්ථාපන ප්‍රතිශ්ඨාධාර ( මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් හා නොමග ගිය සටන් කරුවන් ) බ්‍රිගේඩියර් සුදන්ත තිලකරත්න යන මහත්වරුන් ඇප කැපව සිටිති.

 

 

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

තම 8 හැවිරිදි දරුවාට කසිප්පු පෙවූ පියා අත්අඩංගුවට

Next Post

අනතුරට පත් කෙන්යානු නැවක් නාවික හමුදාව විසින් බේරා ගනී

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.