බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කබ්රාල්ගේ විදේශ සංචිත නිවේදනය ඉලක්කම් විජ්ජාවක් – චීන යුවාන්වලින් ණය ගෙවන්නත් භාණ්ඩ ආනයනයත් බෑ

by Lanka Sara Editor
දෙසැම්බර් 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

චීනය විසින් ලබා දි ඇති ඩොලර් බිලියන 1.5 කට සමාන ‘අතමාරුව‘  (SAWP පහසුකම) හුදු ඉලක්කම් විජ්ජාවක් මිස ණය ගෙවීමට හෝ භාණ්ඩ ආනයනයට හෝ පහසුකම් සැලසීමක් නොවන බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.  

“ඩොලර් අර්බුදය කළමනාකරණය කළ බවට සිරස්තල සැපයීමට රජය වචන විසිකරමින් සිටිනවා.  ඒවා හිස් වචන මිස, යථාර්ථයක් නොවන බව ජනවාරි මාසයේ දී වැටහේවි” යැයි ද නිවේදනයේ දක්වේ.

එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් වෙයි.

“චිනය විසින් ලබා දී ඇති මෙම අතමාරුව ඩොලර්වලට හුවමාරු කළ නොහැකි අතර නැවත චීන රජයේ බැඳුම්කරවල ආයෝජනය කළ යුතු බවට කොන්දේසියක් සහිත ඉලක්කම් විජ්ජාවකි (book entry). 

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

චීනය විසින් ලංකාවට යුවාන් අතමාරුවක් ලබා දීමේ කොන්දේසිය එම මුදල නැවත චීනයේ භාණ්ඩාගාර බිල්පත් හි ආයෝජනය කළ යුතුය.  චීනයෙන් හැර වෙනත් කිසිදු ගණුදෙනුවක් සඳහා එම පහසුකම භාවිත කළ නොහැකිය.  ශ්‍රී ලංකා රජය එම මුදල ඩොලර්වලට හරවා ගැනීමටත්, ණය ගෙවීම හා ආයෝජන සඳහා මුදල් භාවිත කිරීමට ත් ඉල්ලා ඇති නමුත්, එයට මේ දක්වාම ලැබී නැත.

2022 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 1380 ක් ණය හා පොලිය වශයෙන් ගෙවිය යුතුය.  ජනවාරි 18 ජාත්‍යන්තර සෛවරී බැඳුම්කර ලෙස ඩොලර් මිලියන 500 ක් ද, ඉතිරිය ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව ඇතුළු ආයතන සඳහා ගෙවිය යුතු ණය හා පොළිය වේ.  මේ වන විට රත්‍රං නොවන සංචිත ඉතිරිව ඇත්තේ ඩොලර් මිලියන 1000 කි.  මේ වන විට රටේ සියලුම අත්‍යශ්‍ය නොවන ආනයන කටයුතු අත්හිටුවා ඇත.

රජය මේ වන විට ඉන්දියාවෙන් ඩොලර් මි. 400 ක අතමාරුවක් ලබා ගැනීමට උත්සහ දරයි.  ත්‍රිකුණාමලය තෙල් ටැංකි පිළිබඳ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව එම මුදල් ලැබීමට නියමිතය.  අද පවත්නා පැවරීම් සිදු කළ හැකි සංචිත ප්‍රමාණය අනුව ඉන්දීය මුදල් අතමාරුව හෝ චීනයේ අතමාරුව ඩොලර් වලට හැරවීම සිදු නොවන්නේ නම් ණය ගෙවීම අතපසුකළ, බංකොලොත් රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්වේ.  ශ්‍රීසියට බංකොලොත් භාවයෙන් මුදලවා ගැනීමට ජර්මනියේ මුදල් සමඟ සහන සැලසීමේ ක්‍රියාන්විතයට සමාන සාකච්ඡාවක් මේ වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ඉන්දියාව අතර ලංකාව සම්බන්ධයෙන් සිදුවේ. 

ඉන්දියාවේ ඩොලර් මිලියන 400 ණය පහසුකම් සාකච්ඡාවට, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාම කොන්දේසියක් ලෙස එක් කර ඇත්තේ ඒ අනුවය.

විධිමත් සංචිත වැඩිවීමක දි එම සංචිත 1.  වෙනත් පාර්ශවයක් වෙත පැවරීම  2. භාණ්ඩ ආනයනය සඳහා යොදා ගැනීම සිදු කළ හැකි විය යුතුය.  චීන අතමාරුව මගින් ණය ගෙවීමට ද, ආනයන සිදු කිරීමට ද අවස්ථාවක් නැත.  චීනය තම මුදල් භාවිත කර 1. ණය ගෙවීම වැලැක්වීම  2. චීන නොවන භාණ්ඩ ආනයනය (උදා- තෙල්, ගෑස්, ගල්අගුරු, පොහොර, බෙහෙත්) ගෙන්වීම දැනට අවහිර කර ඇත.  එබැවින් 2022 ජනවාරි ණය අර්බුදයට මේ ඉලක්කම් විජ්ජාවෙන් ප්‍රතිකර්මයක් ලැබෙන්නේ නැත.

අජිත් නිවාඩ් කබ්රාල් ගේ නිවේදනය ගණන් තැබීම (book entry) මගින් සිදු කළ ඉලක්කම් හරඹයක් මිස රටට ඩොලර් ගලා ඒමක් නොවේ.

රජය ජනවාරි 18 දක්වා පාර්ලිමේන්තු වාර අවසන් කළේ, රු. මිලියන 500 ක ණය මුදල ජනවාරි 17 දිනට ගෙවා දමා පසු දින පාර්ලිමේන්තුවේ දී ඒ ගැන පම්පෝරියක් ගැසීමට ය. නමුත්, ජනවාරි මාසයේ ගෙවිය යුතු ඩොලර් මිලියන 1380 ක සම්පූර්ණ මුදල සඳහා ප්‍රමාණවත් සංචිත මේ වන විට රටේ නැත.” යනුවෙන් ද රජිත කීර්ති තෙන්තකෝන් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බස් ගාස්තු වැඩිකිරීමට පෙර බස් සංගම් ඇමති සමග අවසන් සාකච්ඡාවක!

Next Post

හඟුරන්කෙත ගුරුවරුන්ගේ පඩිපතින් රුපියල් කෝටියක් කොල්ල කෑ  “ගිණුම් හොරා“ කොටු!

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.