බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශෂීන්ද්‍රලා ගෙන්වූ “චීන කුණු පොහොර“ වන්දියට සෑම පුරවැසියෙකුටම  රුපියල් 62ක් ගෙවන්න වෙලා!

by editor
දෙසැම්බර් 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

චීනයෙන් මෙරටට එවන ලද ව්‍යාධි ජනක අඩංගු කාබනික පොහොර වෙනුවෙන් ශ්‍රි ලංකාව චීන සමාගම වෙත ගෙවීමට එකඟතාව පළ කර ඇති වන්දි මුදලට අනුව මෙරට සෑම පුද්ගලයකුම රුපියල් 62ක මුදලක් ආසන්න වශයෙන්  චීනයට ගෙවිය යුතුව ඇත.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය යටතේ  ඇති කොමර්ෂල් පොහොර සමාගම විසින් මහජන බැංකුව හරහා විවෘත කරන ලද ණයවර ලිපියේ කොන්දේසි ප්‍රකාර ව මෙලෙස මහජන මුදලින් මෙම වන්දිය ගෙවීමට සිදුව තිබේ.

සාමාන්‍යයෙන් පස් දෙනකුගෙන් යුතු පවුලකට මෙම ප්‍රතික්ෂේපිත පොහොර නැව වෙනුවෙන් රුපියල් 310ක මුදලක්වත් ගෙවන්නට මේ අනුව සිදුව තිබේ.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්දු රාජපක්ෂ ට අනුව රජය චීන පොහොර සමාගමට සහ මේ සඳහා අදාළ මැදිහත්වීම් සිදු කළ ශ්‍රි ලංකාවේ චීන තානපති කාර්යාලයට එකඟ වී ඇත්තේ ඩොලඒ මිලියන 6.7ක වන්දියක් මේ වෙනුවෙන් ගෙවීමය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එම මුදල ශ්‍රී ලංකාවේ වර්තමාන නිල ඩොලර් අනුපාතයට අනුව රුපියල් මිලියන 1360කි. ශ්‍රි ලංකාවේ ජනගහණය මිලියන 22ක් ලෙස සැලකුවහොත් එක් පුද්ගලයකු රුපියල් 61.82ක් වේ.

ශ්‍රී ලංකාව මෙම සමාගමෙන් පොහොර මෙට්‍රික් ටොන් 96,000ක් පමණ ඇණවුම් කර ඇති බව සඳහන් වු අතර එයින් ටොන් 20,000කට ආසන්න ප්‍රමාණයක් නැව්ගත කරන ලද්දේ එහි පූර්ව සාම්පල මෙරට ජාතික පැළෑටි නිරෝධායන සේවය විසින් ව්‍යාධිජනක බැවින් ප්‍රතික්ෂේප කරන බවට දන්වා ඇති පසුබිමකය.

නිසි ආනයන බලපත්‍රයකින්ද තොරව මෙරටට බලහත්කාරයෙන් මෙන් ගෙනා මෙම ප්‍රතික්ෂේපික පොහොර තොගය මෙරටට ගොඩ බෑමට චීන පොහොර සමාගමත් චීන තානාපති කාර්යාලයත් දැඩි පරිශ්‍රමයක් ගත් අතර ඒ සඳහා මෙරට දේශපාලකයන්ද වක්‍ර බලපෑම් සිදු කළේය.

මෙම ගනුදෙනුවේ ගෙවීම් වාරණයට ලක් කරමින් කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මහජන බැංකුවට එරෙහිව වාරණ නියෝගක්ද ගත් අතර මේ තත්ත්වය මත චීනය මහජන බැංකු අසාධු ලේඛනගත කිරීමටද පියවර ගත්තේය.

කෙසේ වුවද මහජන බැංකු බලධාරීන්ද පොහොර සමාගම අදාළ චීන පොහොර සමාගම සමඟ එකඟතාව පළ කර ඇති ගිවිසුමට අනුව මෙම මුදල ගෙවීමට සිදුවනු අති බව සඳහන් කළ අතර පසුව  චීන පොහොර නිෂ්පාදකයා වන ක්වින්ඩාවෝ සීවින් බයොටෙක් සමාගම මේ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 8ක වන්දියක්ද ඉල්ලා සිටියේය.

අවසානයේ  දෙපාර්ශ්වයේ එකඟතාවන් මත මෙම පොහාර නැව හේතුවෙන් සිදුවූ හානියට වන්දි ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7ක් ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෑස් සංයුතියට අදාළව ලීට්‍රෝ සමාගමට උසාවියෙන් නියෝගයක්

Next Post

වෙරළ ආරක්ෂකයන් හා ධීවරයින් අතර ගැටුමකින් මිරිස්ස ධීවර වරාය උණුසුම් වේ!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.