රජය කිලෝ මීටර ලක්ෂයක් මාර්ග සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ තුළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මෙන්ම තමන්ගේ ආසනයේ එක කිලෝ මීටරයක්වත් සංවර්ධනය කිරීමට අවස්ථාවක් 2019 වසරේ සිට මෙතෙක් ලබා දී නැති බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් සහ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. තමන්ද මහා මාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයම නියෝජනය කළත් තමන්ට මේ අයුරින් සලකා ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඊයේ (13) ස්වර්ණවාහිනියේ පැවති දේශපාලන සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
එහිදී තමන්ට පමණක් නොව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් ඔහු නියෝජනය කරන පොළොන්නරුවේ එක කිලෝ මීටරයක් හො සංවර්ධනයට අදාළ යෝජනා ලබා ගැනීමට අපොහොසත්ව ඇති බව සඳහන් කළ දයාසිරි ජයසේකර මේ තත්ත්වය ඔවුන් දෙපළගේ සිට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශීය දේශපාලකයන් සැම දෙනාම මේ වනවිට අත් දැකිමින් සිටින කටුක යථාර්ථය බව සඳහන් කළේය.
“ මේ වනවිට අපේ ප්‍රාද්ශීය දේශපාලකයන්ට රජය පිළිබඳව දැඩි කලකිරීමක් ඇතිවෙලා. පසුගිය ආණ්ඩුවත් නොකළ ආකාරයට මේ ආණ්ඩුව තමන්ගේ ම ආණ්ඩුවක් තුළ සිටින ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහජන නියෝජිතයන්ට දැඩි වෙනස්කම් කෙරෙනවා. ඔවුන්ට ප්‍රාද්ශීය සභාවල කිසිදු සංවර්ධන වැඩකට ප්‍රතිපාදන ලබා දෙන්නේ නෑ. ඒවා සභාපතිවරු කපා හරිනවා. අඩුම තරමින් සමහර ප්‍රාදේශීය සභාවල මන්ත්‍රිවරුන්ට නියමිත දීමනාවත් ලබා දීමට කටයුතු කරන්නේ නෑ. මෙවැනි තත්ත්වයක් තියෙද්දී ඔවුන් හැමදාම අපිට දුරකථනයෙන් කතා කරල අහනවා සර් ඇයි අපි මේ ආණ්ඩුවේ ඉන්නේ. එළියට යන්නේ නැත්තේ අයි අපි ගැන හොයන්නේ නැත්තේ ඇයි කියල.
මේ ජනාධිපතිතුමා ගත්ත 69 ලක්ෂයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් පාක්ෂිකයන් ලබා දෙන්නේ ඡන්ද ලක්ෂ 14ත් අයත්. ඉදිරියේදී ලක්ෂයක් විදිහට ගන්නා තීන්දුවත් එකක් අපට කටයුතු කරන්න වෙනවා. යනුවෙන්ද පැවසීය.







