නීතිපති උපදෙස් සහිතව චීන පොහොර සමාගමට ඇමරිකන් ඩොලර් ලක්ෂ 67ක වන්දියක් ගෙවීමට රජය තීරණය කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසයි.
එම වන්දිය ගෙවීමෙන් පසු ශ්‍රී ලංකාවට අවශ්‍ය ප්‍රමිතියට නැවත පොහොර සකස් කර එවීමේ එකඟතාවයකට එම සමාගම සමග පැමිණ ඇති බවත් ඔහු කියයි.
ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුව එම පොහොර තොගය ප්‍රතිනිශ්පාදනය කරන ලෙස දැනුම් දී ඇතැයි ද රාජ්‍ය ඇමතිවරයා පවසයි.