සංචාරක ක්ෂේත්රයේ නිරත වූවන්ට ලබා දෙන ණය සහනය, යළි වැඩි පොලියකින් ගෙවන ණයක් නොවී සැබෑ සහනයක් ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී ඉල්ලීය.
සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙත සිය ගැටලුව යොමු කරමින් සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස පැවසීය.
“ඇමතිතුමා අර moratorium එකක් දෙනවනේ. Loan Moratorium එකක් කියන්නේ ගෙවීම් නිවාඩුවක්. Payment holiday එකක්. හැබැයි අවසානයේ මේ loan moratorium එකෙයි ලීසිං මොරටෝරියම් එකෙයි සිදුවෙන්නේ මොකක්ද? අවසානයේ නොගෙවන කාල වකවානුව තුළ එම ප්‍රාග්ධන මුදලට තවත් වැඩිපුර පොලියක් එකතු කරල තවත් අමතර වැයක් හැටියට ඒ පුද්ගලයාගේ හෝ ආයතනයේ කර පිට වැඩිපුර බරක් පැටවෙනවා. ජනතාව බලාපොරොත්තු වෙන්න සහනයක්. සහනයක් කියන්නේ ආපහු ඒ වෙනවයි කියන සහනය සහනයේ නාමයෙන් නැවතත් ණයක් බවට වැඩි පොලියක් අය කරලා අයකිරීම නෙවෙයි. ඒ නිසා ඔබතුමා කරුණාකරලා මුදල් අමාත්‍යවරයා එක්ක කතා කරලා මේ moratorium එක හරහා සැබැවින්ම සහනයක් නිර්මාණය කරන්නට කටයුතු කරන්න.” යයිද විපක්ෂනායකවරයා කීය.