බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලස්සන හිත් ඇති පුංචි උන් ගුරුතුමියගේ වරුණ හරියටම දැනගත් දා මැවූ අසිරිය…

by editor
නොවැම්බර් 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මේ දිනවල හැමදාම දකින්නේ අසන්නේ බලන්නේ හිත පාර වන පුවත්ය .දැන් කාලය වෙනස්යැ’යි සිතමින් අප සියලු දෙනාම හූල්ලන්නේ අපෙන් කුමන හෝ දෙයක් ගිලිහෙනවා යැයි දැනෙන නිසාය .

එහෙත් ඊයේ (27) දවසේ අත්විඳි අපූරු සිදුවීමක් ඔබට කියන්නේ අපට තවත් ජීවත් වන්නට බොහෝ දේ ඉතිරි වී ඇති බව කියන්නට ය .දරුවන් කවදත් අව්‍යාජ බව කියන්නට ය….

ඒ කතාවට පුර්විකාව මෙසේය . ඊයේ උදෑසන රංගිරි දඹුලු සේවයේ ශනිදා සාදය වෙන්ව තිබුණේ රජරට සේවයෙන් බිහිවූ ප්‍රවීණ ගායිකාවක් ,විශ්‍රාමික ගුරුවරියක් වන මානෙල් රාජකරුණා ගායිකාව වෙනුවෙන්ය .උදෑසන 8.30 සිට 10:30 දක්වා පැවති එම වැඩසටහනට ඇය සහභාගි වූ අතර ඒ වැඩසටහන ඇගේ අතීත මතකයන් හාරා අවුස්සන අපූරු හෝරා දෙකක් විය. එය සජීවී වැඩසටහනක් වූ අතර  ,විශිෂ්ට මාධ්‍යවේදිනියන් , සංගීතවේදීන් සහ සිව්දෙසින් රසික රසිකාවියන් ඇය ඇමතූ අතර, ඇය විශිෂ්ට ගායිකාවක් බව හොඳින් අවබෝධ කෙරිණි. ඇගේ අතීත අත්දැකීම් ඉතා දුර්ලභ ගණයේ ඒවාය. ඇය ඇසුරු කල මෙරට ප්‍රවීණයන්ගෙන් ඇය ලද ආභාසය ඇය නොවලහා ප්‍රකාශ කළාය. ඇය දහස් ගණන් අයදුම් කළ රජරට කැකුළු වැඩ සටහනේ දී ජයග්‍රහයකයන් දසදෙනා අතරට තේරී තිබුනේ ගල්ගමුවෙන් කරුණාරත්න දිවුල්ගනයන් සමඟය. එදා ඇය ගේ ජයග්‍රහණය ප්‍රේමකීර්තිද අල්විස් මහතා ගේ හඬින් නිවේදනය වූ ආකාරයද එම වැඩසටහනේදි විකාශය කෙරිණි. තවත් වැදගත් ම කාරණයක් වූයේ ඇයට එකල පාසලේ සංගීත විෂය විෂයක් ලෙස නොතිබීමත්, ඇය වානිජ විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරා තිබීමත්‍ ය.

ඒ වැඩසටහන අතරතුර ඇය දැනට ජීවත් වන ගල්ගමුව අලුත් හෙරත්ගම ගමේ දියණියක් දුරකථන ඇමතුමක් ගත්තාය .ඇය ඉකිගසමින් කතා කළේ සතුට දරා ගත නොහැකිවය…”අපි මානෙල් මිස් ගැන මෙච්චර දේවල් හරියටම දැනගත්තේ අද. ඒ සතුට කියා ගන්න බැහැ “…ඇය ඉකි ගසමින් කීවාය .   ගමේ දරුවන් එක් රොක් වී වැඩසටහන ට සවන් දි තිබුණි. මෙවන් කාල වකවානුවක දරුවන් එවැනි වැඩසටහන් රසවිඳිනවා යන්නම සතුටුදායක ආරංචියකි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

වැඩසටහන නිමවීමෙන් පසු නිවස බලා පැමිණියාය. කියන්නට අවශ්‍ය කතාව පටන් ගන්නේ දැන් ය .

ගල්ගමුව නගරයට පැමිණි ඇයට දැකගත හැකි වූයේ කිසිසේත්ම අපේක්ෂා නොකළ දෙයකි. අලුත් හේරත්ගම ගම් ප්‍රදේශයේ කුඩා දරු දැරියෝ ද වැඩිහිටි කිහිපදෙනෙක් ද ඇය එන පෙර මඟ රැක සිටියෝය.   මල් මාලා දමා පිළිගෙන රතිඤ්ඤා පත්තු කලේ අපමණ ප්‍රීතියකිකිනි…

“පොඩි උන් මගබලාගෙන හිටියේ මිස් එනතුරු …උන්ට මිස්ගෙ කටහඬ රේඩියෝ එකෙන් එහෙදි සතුටු දරාගන්න බැහැ..”

ඒ අතර සිටි වැඩිහිටියෙක් කීවේය. ඇය නිවසට කැඳවාගෙන ආවේ කුඩා පෙරහැරකිනි . ඒ පෙරහර පුරා බැලුම් බෝල කැරකුණි. නිවස කිට්ටුවෙන්ම සූදානම් කළ කුඩා කෑම මෙසේ දැක ඇය තව තවත් පුදුම වූවාය ..

“අනේ මගෙ දරුවො ටික..”
ඇය කඳුළු සැලුවේ සතුටු දරාගත නොහැකි තැනය. ඒ අතර ඇගේ ගීත කීපයක්ම ගම පුරා ඇසෙන්නට සලස්වා තිබුණි. මුළු ගමම එකම මඟුල් සිරියක් ගත්තේ දරුවන්ගේ උවමනාවටය.

” අපි දැනගෙන හිටියෙ නෑ… අනේ මිස් ගැන හරියටම දැනගත්තෙ අද   .. අපිට හරිම සතුටුයි ..”
දැරියක් ළංවී කීවාය .

“මට ජීවිතේ කවදාවත් කිසිම ඇගයීමක් ආයෙ එපා. මේ සතුටු ජීවිතය පුරාම ඇති ”

ඇය ඔවුන් අගය කළ යුතු හොඳම වචනවලින් අගය කළා ය .

ඒ අව්‍යාජ සිත් දෙස පසෙකට වී බලා සිටි මට ජීවත් වන්නට සිතුනි. සියල්ල අප හිතන තරම් වෙනස් වී නැත. දරුවන් කවදත් අව්‍යාජය .ඉන් එහා කිසිවක් නොකියමි.

Share69Tweet43
Previous Post

“දරුවා ලැබෙන්න ඔන්න මෙන්න කියා තිබියදී ගුටි කාපු මං ෆේස්බුක් කාරයොන්ට බයවෙයිද?”

Next Post

“මේ අත්තනෝමතික දේශපාලන නායකත්වය කෘෂි විද්වතුන්ට කරන තර්ජන හෙළා දකිනවා…“ කෘෂි විද්වතුන්ගෙන් නිවේදනයක්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.