කෘෂි කර්මාන්තය පිළිබඳව නිවැරදි දත්ත සහ විද්‍යාත්මක කරුණු මත පිහිටා කටයුතු කරනු ලබන අමාත්‍යාංශ ලේකම්වරුන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, සහ විශ්විද්‍යාල ප්‍රජාව වෙත විවිධාකරයේ තර්ජන එල්ලකරමින්, ඔවුන්ගේ වෘත්තීය ගෞරවය හිතාමතා විනාශ කරමින්, මේ රටේ කෘෂිකර්මාන්තය විනාශ කරන වත්මන් දේශපාලන නායකත්වයේ අත්නෝමතික හැසිරීම හෙළා දකින නිවේදනයක් කෘෂි විද්‍යාර්ථයින් සහ කෘෂි වෘත්තිකයන්ගේ එකමුතුව විසින් නිකුත් කර තිබේ.
එම කෘෂි වෘත්තිකයන්ගේ එකමුතුව ශ්‍රී ලංකාවේ සියලුම විශ්විද්‍යාල නියෝජනය වන විශ්විද්‍යාලා ආචාර්ය සංගමයේ (FUTA) කෘෂිකාර්මාන්තය පිළිබඳ අනු කමිටුව නියෝජනය කරන කණ්ඩාය.
එම නිවේදනය නිකුත් කරන කෘෂි විද්වත්හු රජය විසින් ශ්‍රී ලාංකික කෘෂිකර්ම ක්ෂේත්‍රය සම්බන්ධව ගනු ලැබ ඇති අදූරදර්ශී අවිද්‍යාත්මක ක්‍රමවේදය ඉතා දැඩි ලෙස හෙළා දකින අතර රජයට දන්වා සිටින්නේ විද්වතුන් විද්‍යාත්මක දත්ත මත පිහිටා ගනු ලබන තීන්දු සඳහා අනවශ්‍ය බලපෑම් නොකරන ලෙසය.
හරිත කාබනික ප්‍රතිපත්තිය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට අවංක අවශ්‍යතාවයක් මේ ආණ්ඩුවට තිබේ නම් සුදුසුකම් ලත් කෘෂි වෘත්තිකයන්ගෙන් ඒ සඳහා උපදෙස් ලබා ගන්නා ලෙස ද එම විද්වත්හු දන්වා සිටිති.
දැනට උද්ගතවී ඇති අර්බුදයට කෙටි කාලීන විසඳුමක් ලෙස රසායනික පොහොර ගෙන්වීමට අවසර නොදෙන්නෙ නම් ඉතා නුදුරේදීම මේ රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රය හා ආර්ථිකය බරපතල බිඳවැටීමකට ලක්වනව රටටම අතිශය ධරුණු ඛේදවාචකයකට මුහුණ දීමට සිදුවන බව ඔවුහු අනතුරු අඟවති.
මේ සම්බන්ධව ඔවුන් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.