බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කින්නියා ඛේදවාචකයට වගකිවයුත්තේ ඉම්රාන් මහරුෆ් මන්ත්‍රීගේ නගරාධිපති මස්සිනා

by Lanka Sara Editor
නොවැම්බර් 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කින්නියා කුරුඤ්ඤංකර්නි හී කලපුවේ පාලම් පාරුව පෙරළීමෙන් ජීවිත 6ක් බිලිගත් ඛේදජනක සිදුවීමට වගකිවයුත්තේ කින්නියා නගරාධිපතිවරයා බවත් එබැවින් ඔහුගේ සේවය අත්හිටුවා වහාම විනය පියවර ගන්නා ලෙස ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේ ය.

පාලම් පාරුව සදහා සියලු රාජ්‍ය නිලධාරීන් අනුමැතිය දීමට නොහැකි බව කියාසිටියදී අත්තනෝමතික ලෙස තමාට නැති බලයක් භාවිත කරමින් පාලම් පාරුව කරගෙන යාමට ව්‍යාපාරිකයකුට අවසර ලබාදුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆ්ගේ මස්සිනා වන කින්නියා නගරාධිපති බවත් එසේ තිබියදී අදාළ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවත් ජනතාවත් බොරු කියා නොමඟ යැවූ බවට රාජ්‍ය අමාත්‍යවරයා චෝදනා කරයි.

සිද්ධියෙන් පසුව ඊයේ කින්නියා ජනතාවගේ ප්‍රහාරයට ලක්වූ එම්එස් තවුුෆීක් මන්ත්‍රීවරයා කළේ ජනතාවගේ ගමනාගමනයට පාලමක් සකස් කිරීමට මුල් ගල තැබීම පමණක් බව ද සිදුවූ ඛේදවාචකයට මුල්වී ඇත්තේ මහරුෆ් මන්ත්‍රීවරයාගේ මස්සිනාතේ එම පාලම් පාරුව ක්‍රියාත්මක කළ ඔහුගේ පාක්ෂික රියාස් නමැත්තා බවත් රාජ්‍ය අමාත්‍යවරයා දිගින් දිගටම අද පාර්ලමේන්තුවේදී චෝදනා නැගීය.

කින්නියා කුරුඤ්ඤංකර්නි හී කලපුවේ පාලම් පාරුවකින් පිරිසක් ඊයේ් (23) උදෑසන ගමන් ගනිමින් සිටියදී එය පෙරළීමෙන් කුඩා පාසල් දරුවන් ඇතුළු 6 දෙනකු මියගොස් 20 දෙනකු රෝහල්ගත කර තිබුණි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශහය මෙසේය.

“අනපේක්ෂිත අයුරින් කින්නියා කුරුඤ්ඤංකර්නි හී කලපුවේ පාරුව පෙරළීමෙන් ඇතිවූ අවාසනාවන්ත සිද්ධියෙන් මියගිය පාසල් දරුවන් වගේම වැඩිහිටි අය වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාට රජයේ සහ මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම රෝහල් ගත වෙලා ප්‍රතිකාර ලබන සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

ඒ වගේම මෙම පාලම ගැන කතා කරද්දී දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රදේශයේ ජනතාව කලපුව හරහා පාලමක් නොතිබීම නිසා දැඩි පීඩාවට පත්වෙලා සිටියේ. එම ප්‍රදේශයේ ජනතාව කලපුව හරහා ගමන් ගෙන ඇත්තේ අනාරක්ෂිත ලෙස බෝට්ටු යොදාගෙන. ජනතාවගේ එකම ඉල්ලීම වුණේ ඒ පාලම හදල දෙන්න කියලා. යහපාලන රජය කාලෙත් මං හිතන්නේ විවිධ ඇමතිවරු ගිහිල්ලා මුල්ගල තිබ්බා. නමුත් ඒ පාලම හදාගන්න බැරි වුණා. මට විශේෂයෙන්ම අපිට සහයෝගය දුන්න තවුෆීක් මන්ත්‍රිතුමා මගෙන් ඉල්ලීමක් කළා ඒ කින්නියා ප්‍රදේශයේ තියලා දැවැන්තම ප්‍රශ්නය මේ ජනතාව අනාරක්ෂිතව පාරුවල යනවා ඒ නිසා පාලමක් හදල දෙන්න කියලා.

ඒ නිසා මම 2021 හතරවැනි මාසෙ ගිහිල්ලා පාලම පටන් ගන්න, පාලම් තුනක් හදන්න තියෙනවා. එක පාලමක් පටන් ගන්න මුල්ගල තියලා වැඩ පටන් ගත්තා. එතකොට මේ පාලම හදන්න ඉස්සරලා 2020 නොවැම්බර් 24 වැනිදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීමක් තිබ්බා. ප්‍රදේශයේ ඉන්න සියලුම දේශපාලන අධිකාරිවරු සහභාගිත්වයෙන් ප්‍රාදේශීය සභා නගර සභා සියලු දෙනාම දෙනාම ඒකමතිකව තීන්දු කළා 2020 නොවැම්බර් 24 වැනිදා මේ පාලම් හදලා ඉවර වෙනකන් විකල්ප මාර්ගයක් විදියට කිලෝමීටර් තුනහමාරක පාරක් පාවිච්චි කරන්න. එතකොට මාර්ග සංවර්ධන අධිකාරිය අපි අමාත්‍යංශයක් විදිහට විදියට අවසර ලබාදී තිබෙන්නේ මේ පාලම හදල ඉවර වෙනකල් කිලෝමීටර් තුනහමාරක විකල්ප මාර්ගයක් හදන්න.

හැබැයි ඒ මාර්ගය හදල ඒ ජනතාව සමහර අය පාවිච්චි කරද්දි තමා අනාරක්ෂිත ලෙස මේ පාරුව සඳහා අවසර ලබා දීලා තියෙන්නේ. අපෙන් මාර්ග සංවර්ධන අධිකාරියෙන් අවසර ඉල්ලනවා කින්නියා ප්‍රාදේශීය සභාව පාරුවක් දාන්න. අපි පැහැදිලිව කියනවා පාරුවක් දාන්න එපා අපි අවසර ලබා දෙන්නෙ නෑ කියලා. එතකොට කින්නියා නගරාධිපතිතුමා අපෙන් අවසරයක් ඉල්ලනවා අපි පැහැදිලිවම කියනවා අවසර ලබා දෙන්න බෑ. විකල්ප මාර්ගය පාවිච්චි කරන්න කියලා. හැබැයි මෙහෙම තියෙද්දී තමයි කින්නියා නගර සභාව තමන්ට නැති බලයක් උපයෝගී කරගෙන ජනතාව එහාට මෙහාට ගෙනියන්න, කෙටි මාර්ගවලින් මුදල් හම්බ කරන්න ව්‍යාපාරිකයින්ට, මේ පාරුවක් ෆෙරී සර්විස් එකක් දාන්න අවසර ලබා දීලා තියෙන්නේ.

ඊයේ ගරු ඇමතිතුමා සභාගත කලා කින්නියා නගර සභාව විසින් ඒ ferry service එක කරන්න දීපු අනුමැතිය. ferry service එකක් පවත්වගෙන යනවා නම් ඒ සඳහා අනුගමනය කරන්න ඕන ආරක්ෂක ක්‍රමවේද කිසිවක් ඒ ලිපියේ සඳහන් කරලා නෑ. අඩුම ලයිෆ් ජැකට් එකක්වත් නෑ. එතකොට මේ නිසා තමයි ඊයේ මේ අවාසනාවන්ත සිද්ධියට ඒ කින්නියා ප්‍රදේශයේ අහිංසක ජනතාව මුහුණ දෙන්නේ. ඒ නිසා මේකේ පලවෙනි වගඋත්තරකරු විශේෂයෙන් කින්නියා නගර සභාව කියන එක ඉතාමත් පැහැදිලිව මේ සභාවෙන් රටට ඇහෙන්න මට කියන්න ඕනේ. මොකද අපි අවසර ලබා නොදී තිබියදී, අපි අවසර ලබා දෙන්න බෑ කියද්දි සියලුම මේ පිළිබඳ ඉන්න රජයේ නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් ඇතුළු සියලු දෙනා අවසර ලබා දෙන්න එපා කියද්දී මේ කින්නියා නගර සභාවේ නගරාධිපති තුමා කරපු ක්‍රියාදාමය නිසා තමයි ඊයේ මේ අහිංසක මිනිස්සු මරණයට පත්වෙන්නේ. ඒ නිසා පැහැදිලිවම කින්නියා නගර සභාවේ සභාපතිතුමා විශේෂයෙන් වගකියන්න ඕන.

ඒ වගේම මේ පිළිබඳව මේ පාර්ලිමේන්තුව තුළ මතු කළා ප්‍රශ්නයක් දැන් මාස තුන හතරකට කලින් මේ කිලෝමීටර් තුනහමාර ඉතාමත් දුර වැඩීයි. තාවකාලිකව මාර්ග සංවර්ධන අධිකාරියේ සම්බන්ධ වෙලා ferry service එකක් දාන්න කියලා. එතකොට මම පොරොන්දු උනා ferry service එකක් මේ ප්‍රදේශය අයට දාන්න. ඒ සඳහා අපි අදාල කොන්ත්‍රාත් අයට උපදෙස් දීලා තියෙනවා. විශේෂයෙන් 2021 ජූලි 14 හැබැයි පාලම හදන කොන්ත්‍රාත්තුවට ෆෙරී සර්විස් එකක් දාන්න කියන එක කලින් ගිවිසුමේ තිබ්බෙ නෑ. හැබැයි මේ ජනතාව පාර්ලිමේන්තුවේ නියෝජනය කරන මන්ත්‍රීවරු සහ ප්‍රදේශය අය ඉල්ලීම කරපුවාම අපි තීන්දුවක් ගත්තා ෆෙරී සර්විස් එකක් ආරක්ෂිත ක්‍රමවේදය තුළ දාන්න. ඒ සඳහා අපි කොන්ත්‍රාත්කාර මහත්තයට වෙනම, අපේ ඉංජිනේරුවරුන්ගේ සහතිකය මත ferry service එකක් දාන්න අපි අවසර ලබා දීලා තියෙනවා ජූලි 14 වෙනිදා. හැබැයි මේක දිගින් දිගටම නගර සභාව සහ ප්‍රාදේශීය සභාව අවසර ඉල්ලුවා අපි ලබා නොදුන්නා.

ඒ නිසා මේ සග නගරසභාව විශේෂයෙන් කින්නියා නගර සභාව ඊයේ දැක්කේ අපේ ඇමැතිතුමා කිව්ව විදියට මේ කරලා තියෙන තමන්ට අයිති නැති කාර්යභාරයක්. ferry service එකක් දාන්න කින්නියා නගර සභාවට අයිතියක් නෑ අවසර ලබා දෙන්න. ඒ එක්කම මේ අවසර ලබා දීල තියන පුද්ගලයා. ඊයේ දැක්කා අපේ ඉම්රාන් මහරුෆ් මැතිතුමා මෙතන කිව්ව ඒවා. ඉම්රාන් මහරුෆ් මැතිතුමාගේ මස්සිනා තමයි මේකේ සභාපතිතුමා නගරාධිපතිතුමා. නගරාධිපතිතුමා එතුමගේ මස්සිනා. ferry service එකට අවසර දුන්නේ එතුමාගේ මස්සිනා. හැබැයි ෆෙරී සර්විස් එක කලේ කවුද? එතුමාගේ ඉතාමත් ඥාති එතුමාගේ ඉතාමත් පාක්ෂික රියාස්. එතකොට මේ කාර්යයන් දෙකටම සම්බන්ධ වෙලා තියෙන්නේ මහරුෆ් මැතිතුමාගේ මස්සිනා සහ එතුමගේ පාක්ෂිකයා. හැබැයි මේ සභාව නොමග යැව්වා ඊයෙ මේ රටේ ජනතාව නොමග යැව්වා තවුෆීක් මැතිතුමා තමයි මේ ferry service එක කළේ කියලා. තවුෆීක් මැතිතුමා කළේ අනාරක්ෂිත යන අයව ආරක්ෂිතව යන්න පාලමක් හදන්න මුල්ගල තිබ්බ එක විතරයි. හැබැයි අනාරක්ෂිතව එපා කියද්දී අවසර දුන්නේඅනාරක්ෂිතව යන පාරුව කරන්න අවසර දුන්නේ මේ ඉම්රාන් මහරූෆ් මන්ත්‍රිතුමාගේ අය.

ඒ නිසා මම අවධාරණයෙන් කියනවා මේ අවදානම් සහගත සිද්ධිය මුල් කරගෙන දේශපාලනය කරන්න එපා. බොරු වාසි ගන්න විපක්ෂය හදන්න එපා. මේකෙ ඇත්ත කතාව මේක අවසර ලබා දුන්නේ එතුමන්ලා. තමුන්නාන්සේලා ඇඟිල්ල දික් කරනවා නම් විපක්ෂයේ කවුරුහරි ඇඟිල්ල දික් කරන්න ඕනේ ferry service එකට අවසර දුන්නේ කවුද? කවුද ෆෙරී සර්විස් එක ක්‍රියාත්මක කලේ කවුද? ආරක්ෂිත ක්‍රමවේද උපයෝගී නොකර ගත්තෙ කවුද කියන එක.

මම ඉතාමත් පැහැදිලිව මේ සභාවෙන් ඔබතුමා මාර්ගයෙන් ජනාධිපතිතුමාගෙන් අගමැති අගමැතිතුමාගෙන් පොලීසිය භාර ඇමතිතුමාගෙන් පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටිනවා ඊයේ සිදු වෙච්ච සිද්ධිය නොවෙන්න ඕන සිද්ධියක්. මේ ළමුන් අහිංසක .මේ දුප්පත් මිනිස්සු තමන්ට එහාට යන්න තියෙන එක ව්‍යාපාරිකයෙක් තමන්ගේ ව්‍යාපාරික අරමුණු ඉටු කරගැනීම සඳහා අපි ලබා නොදුන් අවසරයක්. මා ගාව ලිපි ලේඛන ඔක්කොම තියෙනවා. බලහත්කාරකමෙන් මුදල් හම්බ කරන්න කින්නියා නගරාධිපතිතුමා අවසර ලබා දීලා තියනවා. ආණ්ඩුකාරතුමියගෙන් ඉල්ලනවා මේ සභාපතිතුමාට විරුද්ධව විනය පියවර ගන්න කියලා. එතුමාගෙ සභාපති ධුරය අත්හිටුවා විනය පියවර ගන්න. මේ මිනිස්සු මැරෙන්න ඉඩ ඇරියේ කින්නියා නගරාධිපතිතුමා. මේ මැරුණ මිනිස්සු වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්න කරන්න නම් මේ කින්නියා නගරාධිපතිතුමාගේ වැඩ වහාම අත්හිටුවන්න ඕන. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් කරන්න ඕන කියලා මේ සභාවෙන් මම ඉල්ලා සිටිනවා.” යැයි ද නිමල් ලාන්සා රාජ්‍ය අමාත්‍යවරයා කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යන ගමන් වන අලියෙක් මැරූ ඉන්ධන දුම්රි යළි එන ගමනේදීත් වන අලියෙක් බිලි ගනී!

Next Post

මේ ඔටුන්න වැනි හිස්වැස්ම දාගත්තේ නාට්‍යයක් රඟපාන්න නෙමෙයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.