මනම්පිටිය නිමල් ජයරත්න –
මඩකලපුව සිට කොළඹ බලා ධාවනය කරමින් තිබූ ඉන්ධන දුම්රියට ඊයේ (23) රාත්‍රියේ 8 ට පමණ වැලිකන්ද නගරයට ආසන්නයේදී වනඅලියෙකු ගැටීමෙන් එම වන අලියා මියගොස් ඇති බව වැලිකන්ද වනජීවි කාර්යාලය පවසයි. මෙම දුම්රිය පසුගිය 16 දා ඉන්ධන රැගෙන කොළඹ සිට මඩකලපුව වෙත ගමන් කරද්දීත් වැලිකන්ද නාමල්ගම පුල්ලියාරාඩි ප්‍රදේශයේදි වන අලියෙක් බිලි ගත් බව වැලිකන්ද වනජීවී නිලධාරීහු සඳහන් කළහ.
මේ ගිය වන අලියා වයස අවුරුදු 25 ක් පමණ වන බව ද වැලිකන්ද අඩවි ආරක්ෂක කේ.ඩී. ජනක සඳහන් කළේය.
කොළඹ සිට මඩකළපුවට ඉන්ධන ගෙන ගොස් ආපසු එම දුම්රිය කොළඹ බලා ධාවනය කරමින් තිබේ දී එම වන අලියා මාදුරුඔය රක්ෂිතයට දුම්රිය මාර්ගය හරහා මාරු වෙමින් සිටියදී මෙලෙස අනතුරටට පත්ව ඇති බව ද ඔහු වැඩි වැඩිදුරටත් පැවසීය .
මියගිය වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද ( 24 ) දහවල් වනජීවී දෙපාර්තමේන්තුවේ ගිරිතලේ පශු වෛද්‍ය සමීර කලිඟුආරච්චි ගේ සහභාගීත්වයෙන් සිදුකරන බවද ඔහු සඳහන් කළේය.
මාදුරුඔය හා සෝමාවතිය රක්ෂිතය තුළ සැරිසරන වන අලින් මෙලෙස එම රක්ෂිතවෙත දුම්රිය මාර්ගය හරහා මාරුවීමේදී දුම්රියේ ගැටීමෙන් මියයන බව ද වනජීවී නිලධාරීහු සඳහන් කරති.
වැලිකන්ද හා නාමල්ගම අතර මාර්ගයේදී දුම්රියේ ගැටී මියගිය නව වන වන අලියා මෙය බවද වැලිකන්ද වනජීවී නිලධාරීහු පවසති .