කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ උපදේශන සේවයේ යෙදී සිටි මධ්‍යම පළාතේ උපදේශකවරුන් 9 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ අර්ජුන් තිලකරත්න සඳහන් කරයි.
මේ ආසාදිතයන් වාර්තා වන්නේ මාතලේ, පාතදුම්බර, මැණික්හින්න, කුණ්ඩසාලෙ, තලාතුඔය, ගම්පල, බඹරදෙණිය, හා හසලක ප්‍රදේශවලිනි.
කුණ්ඩසාලෙන් වාර්තා වුණු කොවිඩ් ආසාදිත මේජර් වරයාගේ අනූ හැවිරිදි සීයාට සහ හතලිස් 46 හැවිරිදි බිරියට කොවිඩ් ආසාදනය වී ඇතැයි අද තහවුරු වුණේය.
මේ වනවිට ඉහත කොවිඩ් ආසාදිත උපදේශකවරුන් 9 දෙනා සමීපව ඇසුරු කළ තුන්සියයක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා තහවුරු කළේය.