සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ඇතැම් රාජ්‍ය නායකයන්ගේ වැඩ කොවිඩ්-19 ගැන අවධානය යටපත් කළා”

ලෝක සෞඛ්‍ය සංවිධාන ලොක්කා කියයි

by Lanka Sara Editor
ජූලි 14, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

බොහෝ රටවල රජයයන් මේ වනවිට කොවිඩ් 19 වළක්වා ගැනීම සම්බන්ධයෙන් වැරදි දිශාවකට ගමන් කරමින් සිටින බවත් ඒවායේ නායකයන් විසින් දෙනු ලබන මිශ්‍ර පනිවිඩ හරහා ඒ ඒ රටවල කොවිඩ් 19 වසංගතයෙන් බේරීම සම්බන්ධයෙන් ඇති අවධානය යටපත් වෙමින් පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩමන් ගේබ්‍රියේසස් පවසයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් තවදුරටත් ඔහු අවධාරණය කරමින් පැවසූයේ මේ තරම් ඉක්මනින් පැරණි සාමාන්‍ය තත්ත්වයට පත්ව ක්‍රියා කිරිමට කිසිදු රටකට කිසිසේත් නොහැකි බවය.

එබැවින් ක්‍රම ක්‍රමයෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද හරහා මෙම වෛරසය පැතිරීම වළක්වා ගැනීමට අපට සිදුවන බව ඔහු දැඩි සේ අවධාරණය කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධන අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් මෙම මාධ්‍ය හමුවේදී මෙසේද පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“අපි තවමත් මෙම කොවිඩ් 19 සතුරා සමඟ සටන් කරමින් සිටින්නට සිදුව තිබෙනවා. පසුගිය 12 වැනිදා ලෝකයේ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම වෛරස ආසාදිතයන් වාර්තා වීමෙන්ම ඒ බව තහවුරු වෙනවා. අපට මෙම වෛරසය සමඟ ගනුදෙනු කරන ආකාරය අනුව ලෝකයේ රටවල් වර්ග හතරකට බෙදන්න පුළුවන්.

එයින් පළමු කණ්ඩායම දැනුවත් කිරීම් ආරක්ෂිත ක්‍රමවේද සහ ශක්තිමක් දේශපාලන නායකත්වය හරහා රෝගය දැඩි වසංගතයක් බවටත් පත් කර නොගෙන පාලනය කර රටවල්. එවැනි රටවල් ගණනාවක් තිබෙනවා. ඔවුන් රෝගීන් හදුනා ගැනීම, අවදානම් සහගත අය හුදකලා කිරීම නිරෝධායනය සහ ප්‍රජාව අතර යටහපත් සෞඛ්‍ය ක්‍රමවේද ස්ථාපිත කිරීම හරහා තත්ත්වය පාලනය කළා.

දෙවැනි කන්ඩායම මෙම වසංගතයෙන් දැඩි වසංගත තත්ත්වයක් දක්වා ම ගොස් බැට කා තවදුරටත් රෝගය ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා සියලු ක්‍රමවේද නීති රීති අනුගමනය කරමින් මෙම වසංගත තත්ත්වය පාලනය කළ රටවල්. යුරෝපයේ බොහෝ රටවල් අයිති වන්නේ මේ කාණ්ඩායමට.

තුන්වැනි කණ්ඩායම වසංගත තත්ත්වයක් දක්වා ගොස් අනුගමනය කළ ශක්තිමත් ක්‍රමවේද සහ නායකත්වයන් හරහා එය පාලන යකොට යළිත් රෝගය ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් අවධානය අඩු කිරීම සහ නීති රීති ලිහිල් කිරීම නිසා යළිත් රෝගීන් උත්සන්න වූ රටවල්. මෙම රටවල යළිත් වසංගත තත්ත්වයක් හිස ඔසවන ලකුණු පෙනෙන්ට තිබෙනවා.

හතරවැනි කණ්ඩයම තවමත් රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දෙනු ලබන උපදෙස් සහ ක්‍රමවේද අනුගමනය නොකරන රටවල්. ඇමෙරිකානු කලාපයේ රටවල් මේ තත්ත්වය තුළ ඉන්නවා. තවමත් වසංගතයේ අපිකෙන්ද්‍රය තිබෙන්නේ ඇමෙරිකාවේ. සමස්ත රෝගීන්ගෙන් සියයට 50ක් සිටින්නේ ඇමෙරිකාවේ.”

බොහෝ රටවල් තම කැපවීම් හරහා විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවත් මේ වනවිට වසංගතය කර ඇති බවත් ඉදිරියටත් එම තත්ත්වය පවත්වාගෙන මෙම සතුරා පරාජය කිරීමට නම් සමාජ දුරස්ථභාවය තබා ගැනීම, නිසි ලෙස මුඛ ආවරණ පැළඳීම සහ දෑත් පිරිසිදුව තබා ගැනීම යන තුන් වැදෑරුම් සරල පිළිවෙත් ඉතා තදින් අනුගමනය කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කන්දකාඩු උපදේශනයට ගිය මධ්‍යම පළාතේ තවත් උපදේශකයන් 9කට කොවිඩ්

Next Post

සයින්දමර්දුවේ මළා යැයි සිතූ සාරා ඉන්දියාවට පනින්න පෙර මාස 4ක් මඩකලපුවේ ඉඳලා

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.