නායයාමේ අවදානම හේතුවෙන් නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දමා ඇති බව කෑගල්ල දිස්ත්‍රික් මහින්ද එස් වීරසූරිය මහතා පැවසීය.
මෙම භූමියේ නායෙ යෑමකට පූර්වයෙන් පෙන්නුම් කරන සියලුම භූ ලක්ෂණ ප්‍රකට වෙමින් ඇති බවත් වහාම මේ සම්බන්ධව මැදිහත්වන ලෙසත් පේරාදෙණිය විශ්විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න පැවසීය.
මේ මග දෙපස වෙළෙඳ සැල් පවත්වා ගෙන යන පිරිස් හැකි ඉක්මනින් ඉවත් කළ යුතුව ඇතැයි අවධාරණය කළ මහාචාර්යවරයා අදාළ කඳු වැටියේ සිට පහළට එන ජල පහර පොළොව යටින් ගලා යන බැවින් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කොටසක්ද සමඟ නාය යෑමේ අවධානයක් මතුව තිබෙන බව කීවේය.