පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් යුක්තිය හා සාධාරණය ඉල්ලා අරගලයක යෙදෙන සැමදෙනා හුදු දුර්වල මිනිසුන් වුවත් ඔවුන් සමග වැඩ සිටින්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ බැවින් කිසිදු මිනිස් බලවේගයකට ඒ අරගලය පරාජය කළ නොහැකි බව තමන් විශ්වාස කරන්නේ ඇයි අද දිනයේ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසති.
උන්වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම අද ට යෙදී තිබුණු අතර එම කටයුත්ත සිදු වීමට පෙර සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ෆේස්බුක් සටහනක් තබමින් මෙම ප්‍රකාශය කර තිබුණි.
අදාල සම්පූර්ණ සටහන මෙසේය .
“පාරාවෝ දුටුවේ මෝසෙස්තුමා පමණකි. මෝසෙස් තුමන්ව තෝරාගෙන බලගන්වා එතුමන් සමග නිරන්තරයෙන් සිටියා වූ සියලු බලැති දෙවියන් වහන්සේව පාරාවෝ නොදැක්කේ ය. ව්‍යසන ගණනාවකට පසුව වුව පාරාවෝ දුටුවේ මෝසෙස්තුමා ව පමණකි රතු මුහුද ඉදිරියට පැමිණ ඊශ්‍රායල් ජනතාව මුහුද සහ ඔවුන් පිටුපස හඹා ආ ඊජිප්තු හමුදාව මැද අසරණ වූහ.
ඊශ්‍රායල් ජනතාව විනාශ යැයි පාරාවෝ සිතන්නට ඇත. ඊශ්‍රායල් ජනතාව ඉදිරියේ රතු මුහුද දෙබෑ වෙද්දි ඒ මහා බලය හුදු මිනිසෙකුව මෝසස් තුමන්ගේ නොව එතුමන් ඉදිරියෙන් වැඩම කළ මහෝත්තම දෙවියන් වහන්සේගේ බව පාරාවෝ තේරුම් ගනිද්දි ඔහුගේ හමුදාව මුහුදේ ගිලී විනාශ වී හමාරය.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් යුක්තිය සාධාරණත්වය ඉල්ලා අරගලයක යෙදෙන සියලුදෙනා හුදු දුර්වල මිනිසුන් වෙති. එහෙත් ඔවුන් සමඟ වැඩ සිටින්නේ සියලු බලැති දෙවියන් වහන්සේ ය. එහෙයින් කිසිදු මිනිස් බලවේගයකට ඒ අරගලය පරාජය කිරීම කළ නොහැකි බව මම තරයේ විශ්වාස කරමි.
මේ අරගලයේ යෙදෙන කිතුනු නොකිතුනු සියල්ලත් සමඟ
නිරතුරුවම දෙවි මහෝත්තමයාණෝ වැඩ සිටින බව මම විශ්වාස කරමි. එහෙයින් අපි කවදාහෝ රතු මුහුද තරණය කරමු.
ජේසු පිහිටයි!”
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා සිරිල් ගාමිණි පියතුමා අත්අඩංගුවට ගෙන පාස්කු ප්‍රහාරය සම්බන්ධ ඇති වී තිබෙන කථිකාව මර්ධනය කිරීමට එරෙහිව කතෝලික පියතුමන්ලා හා කන්‍යා සොයුරියන් අද අලුත් කඩේ උසාවිය අසල නිහඬ උද්ඝෝෂණයක නිරත වූ අයුරු…









