මත්ද්‍රව්‍ය වැටලීම් වලින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය සහ නඩු භාණ්ඩ තැන්පත් කර ඇති පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගබඩාව උසාවි නියෝගයකින් අද (09) උදෑසන විවෘත කිරිමත් සමග කළ විමර්ශනයේ දී උසාවියට ඉදිරිපත් නොකර ගබඩාවේ සඟවා තිබූ මත්කුඩු කිලෝ පන්සියයකට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට විමර්ශන කණ්ඩායම් වලට හැකි වී ඇතැයි වාර්තා වේ.
ඒ සමගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව මෙම ගබඩාවේ ඇති සෑම මත්ද්‍රව්‍ය තොගයකින්ම සාම්පල රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ගෙන ඇත. ඒ මෙම මත්ද්‍රව්‍ය තොගවල මුල් සාම්පල් හා සසඳා බලා ගබඩාවේ මත්ද්‍රව්‍ය තොග ව්‍යාජ ඒවා දැයි තහවුරු කරගැනීම සඳහාය.
එමෙන්ම අත්අඩංගුවට ගත් එක් නාකොටික් නිලධාරියෙක් ප්‍රශ්න කිරීමේදී හෙළිදරවු වී ඇත්තේ ඔහු පමණක් අතිශය මිල අධික ඉතාම අන්තරාකාරී මත්ද්‍රව්‍යයක් වන අයිස් මත්ද්‍රව්‍යය කිලෝ අනූවකට වැඩි ප්‍රමාණයක් අලෙවි කර ඇති බවය.
මේ නිලධාරියා සතුව තිබී කාර් දෙකක්, වෑන් රථයක්, ලොරි දෙකක් ඇතුළු වාහන හතක් සොයා ගැනීමට විමර්ශන කණ්ඩායම්වලට හැකි වී තිබේ.