කෘෂිකර්ම අමාත්‍යවරයා කාබනික පොහොර ලෙසින් හඳුන්වා දෙමින් මේ වනවිට ගොවීන් අතර බෙදා දීමට කටයුතු කර ඇත්තේ කාබනික පොහොර නොවන ඛනිජ පොහොර මිශ්‍රණයක් බව තහවුරු වී තිබේ.
මෙම පොහොර කිසිසේත් කාබනික පොහොර නොවන අතර ඛනිජ රසායනික සංයුතියක් සහිත පොහොර වන අතර එහි ප්‍රධාන අන්තර්ගතය පොටෑසියම් ක්ලෝරයිඩ් වෙයි.
බෙලරුස් රාජ්‍යයේ නිෂ්පාදනය කරන ලද මෙම ඛනිජ පොහොර ටොන් 17892 ක තොගයක් මේ අනුව මෙරටට ගෙනවිත් ඇත.
මේ පිළිබඳව ලංකාසර රසායන විද්‍යාව පිළිබඳ ලෝක සම්භාවනාවට ලක්වන මහාචාර්යවරුන් කිහිප පොලකගෙන් අදහස් විමසීමක් කිරීමේ දී ඔවුන් පැහැදිලිව කීවේ මෙම පොහොර කිසිසේත් කාබනික පොහොර ලෙස හැඳින්විය නොහැකි බවය.
ඛනිජ අමුද්‍රව්‍ය, සිල්වයිට්, කාල්නයිට් සහ පොටෑෂ් වැනි ඛනිජ ද්‍රව්‍ය නිස්සාරණයෙන් මෙන්ම මුහුදු ජලය මඟින්ද පොටෑසියම් ක්ලෝරයිඩ් නිෂ්පපාදනය කළ හැකි බවය.
මෙම පොහොර කිසිසේත් කාබනික නොවන නමුත් මේවා ශාකවල පැවත්මට අවශ්‍ය අහිතකර නොවන ඛනිජ රසායනික පොහාර බව ද ඔවුහු සඳහන් කළහ.
මෙම පොහොර තොගයේ නිශ්කාශන වාර්තාවල පැහැදළිව ම මෙම පොහාර ඛනිජ පොහෙර ලෙස හඳුන්වා දී ඇති බැවින් අමාත්‍යවරයාට බියක් නොමැතිව මේවා ඛනිජ පොහොර ලෙස හැඳින්විය හැකි බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මේ විෂය නොදන්නේ නම් ඔහු දැනුවත් කිරීම කෘෂිකර්ම බලධාරීන්ගේ වගකීම බවත් අප සමඟ අදහස් දැක්වූ නම සඳහන් කිරීමට අකැමැති මහාචාර්යවරයෙක් පැවසීය.
අමාත්‍යවරයා මේවා කාබනික පොහාර ලෙස හඳුන්වන්නේ කුමක් නිසාදැයි තමන් නොදන්නා බවත් මෙම මහාචාර්යවරු පැවසූහ.
මෙම පොටෑසියම් ක්ලෝරයිඩ් යම් හෙයකින් කාබනිකව ලබා ගත්තේ නම් අතිවිශාල දැව ප්‍රමාණයක් පිළිස්සීමට සිදුවන බවත් එයින් සිදුවන පරිසර විනාශය ඛනිජ නිස්සාරණයේදී සිදුවන පරිසර හානිය මෙන් දස ගුණයකින් හෝ වැඩි ගුණයක් වනු ඇති බවත් එක් මහාචාර්යවරයෙක් ලංකාසර පැවසීය.
මෙම පොහොර තොගය ගැන ඇමතිවරයාගේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ මෙසේය. ඔවුන් මෙම ඛණිජ පොහොර තොගයට කීවේ කාබනික පොටෑසියම් කියාය. මෙම පොහොර තොගය ලිතුවේනියාවෙන් නැවු ගත කළ නමුත් ඒවා නිශ්පාදනය කර ඇත්තේ බෙලරූස් රාජ්‍යයේ ය.