ඉන්ධන මිල වැඩිකරනවා ද නැද්ද යන්න තීරණය වන්නේ මුදල් අමාත්‍යාංශයෙන් ලැබෙන සහනය මත බවත් මුදල් අමාත්‍යාංශයෙන් සහනයක් නොලැබෙන්නේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බවත් බලශක්ති ඇමති උදය ගම්මන්පිල ප්‍රකාශ කරයි.
මේ වනවට අයි.ඕ.සී සමාගම පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් හා ඩීසල් ලීටරයක් රුපියල් 15කින් ඉහළ දැමීමට ඉල්ලා ඇතැයි ද ඇමතිවරයා කියයි.
එමෙන්ම ඛණජතෙල් නීතිගත සංස්ථාව ද මිල වැඩිවීමක් ඉල්ලන බව ඇමතිවරයා පෙන්වා දෙයි. එහෙත් ඒ වෙනුවෙන් භාණ්ඩාගාරයෙන් ලැබෙන සහන ගැන මෙතෙක් දැනුම් දීමක් කර නොමැති බව ද ඇමතිවරයා පවසයි.