සිරකරුවන්ට අයුතු ලෙස සැලකීම හෙළා දකින බවත් සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජයේ යුතුකමක් බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රි ලංකා නේවාසික නියෝජිත හනා සිංගර් හැමිඩ් පවසයි.
අනුරාධපුර බන්ධනාගාරයට ගිය බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයා සිරකරුවන් මැදිරිවලින් එළියට ගෙන දණ ගස්වා තර්ජනය කළ බවට පළ වූ වාර්තාවලින් පසු අද ට්විටර් පනිවිඩයක් නිකුත් කළ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරිය තවදුරටත් සඳහන් කරන්නේ සිරකරුවන් පිළිබඳ මැන්ඩෙලා නීතියට අනුව සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජයේ යුතුකමක් බවය.
“බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ මත්ද්‍රව්‍ය පුනරුත්ථාපනය පිළිබඳ අපගේ කටයුතුවලදී එක්සත් ජාතීන්ගේ ශ්‍රි ලංකා කාර්යාලය අත්අඩංගුවේ සිටින සියලු දෙනාගේ අයිතිවාසිකම් තහවුරු කිරීමේ හැකියාවන් ශක්තිමත් කිරීමට කටයුතු කරන අතර වින්දිතයන්ට අයුතු ලෙස සැලකීම හෙළා දකිනවා “
ඇය තම ට්විටර් පනිවිඩයෙන් අවධාරණය කර ඇත.