බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

රට පැටලවූ රුපියල් 5000 කොරෝනා සහනධාරය

ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ දේශපාලකයනුත් ආධාර ගසා කාලා..

by editor
මැයි 14, 2020
in දේශපාලන
Share on FacebookShare on Twitter

සිරිමත් විමලසේන

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සමංගමයේ සභාපති සුමිත් කොඩිකාරය.  ග්‍රාම නිලධාරීන් වෙත මේ වනවිට   පැවරී ඇති රුපියල් පන්දහසේ දීමනාව බෙදා හැරීමේ රාජකාරිවලින් පසුගිය 06 වැනිදා සිට ඔවුන් බැහැර වන බව නිල වශයෙන් ප්‍රකාශ කළේය.  ඔවුන් සමග කෘෂි පර්යේෂණ සහකාරවරුන්,  සංවර්ධන නිලධාරීන්, සේවයෙන් ඉවත් වීමට නියමිතය.

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ සභාපති සුමිත් කොඩිකාර සිය නිලධාරීන් වෙනුවෙන් ඉල්ලා සිටින්නේ රාජ්‍ය සේවකයයෙකු මතු නොව, ඕනෑම ශිෂ්ට සම්පන්න සමාජයක ජීවත් වෙන පුරවැසියන් ලෙස  රජයක් විසින් රැක දිය යුතු අතිශය මූලික අයිතීන් කීපයකි.  ඒවා පෙළ ගැසෙන්නේ මෙසේය.

  1. තමන් දැනට යෙදෙන ප්‍රමුඛ රාජකාරිය වන රුපියල් පන්දහස බෙදා දීමේ වගකීම දේශපාලන බලපෑම් කරන ඇම්බැට්ටයන්ගෙන් නිදහස් කර කොන්ද කෙළින් තබාගෙන විලි ලජ්ජා නැතිව රාජකාරියක් ලෙස කරන්නට ඉඩ කඩ සලසා ගැනීම.
  2. මේ ත්‍රාඩ දේශපාලකයන්ගෙන් හා ඔවුන් විසින් උසි ගන්වන අවිචාරවත් මැරයන්ගෙන් තමන්ගේ නිලධාරීන්ගේ ජිවිත ආරක්ෂා කර ගැනීම. ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරවන පොලිසියේ නිලධාරීන් මීට වඩා සක්‍රීයව මේ කටයුතු සමග සම්බන්ධ කරවීම
  3. මෙම මුදලි බෙදීමේ රජකාරිය ව්‍යාකූල කරමින් එක් එක් ආයතනය විසින් වෙන වෙනම නිකුත් කරන චක්‍රලේඛන නවතා නිශ්ඡිත එක් ආයතනයකින් පමණක් නියමිත චක්‍රලේඛයන් නිකුත් කර රාජකාරිය විධිමත් කර ගැනීම.
  4. සිව් වැන්න මේ තරම් බිහිසුණු වසංගතයක් පවතින අවස්ථාවක ජනතාව හා ගැටෙමින් සේවය කරන තමන්ගේ ජීවිතය අවදානමයකට යෑමේ අවස්ථා අවම කරගැනීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂක පහසුකම් ලබා ගැනීම හා තමන් සමෘද්ධි නිලධාරීන් ඇතුළු එකම රාජකාරියේ යෙදවූ  නිලධාරීන්ට සමාන දීමනාවක් ලබා ගැනීම.

මේ සම්බන්ධව සාකච්ඡා කරගෙන සහනයක් ලබා ගැනීම සඳහා ඔවුහු රටේ ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලති. එතෙක් වැඩ වරන බව ප්‍රකාශ කරති.

සහනාධාර

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ගතවෙමින් ඇත්තේ වැඩ වැරීම හෝ ඉල්ලීම් ලබා ගැනීම සඳහා ගැලපෙන පරිසරයක් නොවේ. කොවිඩ් 19 ජන ජීවිතය මෙන්ම රටේ සමාජ සංස්කෘතික ආර්ථික පද්ධතියම බිඳ දමා ඇත. වසංගතය  නිසා බිඳවැටෙන ජන ජීවිතය යථාවත් කීරීමට රජය  විවිධ සාධනීය  ක්‍රමෝපායන් දියත් කළේය.    ව්‍යාපාර නැවත නගා සිටුවීමට ණය සහ වෙනත් සහන ලබා දුන්නේය.  රාජ්‍ය සේවකයන් ලබාගෙන තිබෙන ණය සඳහා ගෙවිය යුතු වාරික නැවත පියවිමට සහන ලැබිණි.  ජල,විදුලි, බිල් ගෙවීමට සහන කාලයක් නිර්දේශ විය.

මේ අතර අති සංවේදී සහනය වූයේ රුපියල් 5000ක දීමනාව නිවසට ගෙනැවිත් දීමය. රටේ වැඩිම පිරිසකට අයත් වූ සහනය එයය. ආණ්ඩුවේ සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ ගේ නිල ප්‍රකාශයට අනුව එම දීමනාව ලංකාවේ  පවුල් ලක්ෂ 70 ක් වෙත බෙදා දීමට සැලසුම් වී ඇත්තේය.

මාර්තු 30 දා වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය සහනාධාරය හිමි විය පිරිස ගැන කළ දැනුම් දීමට අනුව  සමෘද්ධි සහනාධාරය ලබන පවුල් හා පොරොත්තු ලේඛණයේ සිටින පවුල් 23, 96, 994 ක්, ආබාධිත දීමනා ලබන හා පොරොත්තු ලේඛණයේ සිටින පවුල් 1, 10, 791 ක්, වකුගඩු දීමාන ලබන හා පොරොත්තු ලේඛණයේ සිටන පවුල් 39,170ක්, ධීරව විශ්‍රාම වැටුප ලබන පවුල් 4600 ක් ආධාරය ලැබීමට සුදුස්සෝ වූහ.

දෙවන වටයේ දි රාජ්‍ය සේවකයන් නොවන, රජයේ විශ්‍රාම වැටුප් නොලබන, පුද්ගලික අංශයේ ස්ථිර රැකියාවක් නොකරන, සවයං රැකියා කුලීවැඩ, කුලී රථ රියදුරන්, බස් රථ සේවයකයින්, සැලෝන් හා රූපලාවන්‍යාගාර  සේවකයින්, වඩු හා මේසන් වැඩවල නිරත වන්නන්, වෙනත් කර්මාන්ත ශාලා හා  වැඩපල වල සේවයේ නියුතු වූවන් ඇතුළු සියල්ලන් 5000 දීමනාව ලැබීමට සුදුසුකම් සපුරා ඇති බව ප්‍රකාශයට පත් විය. යෝජනා වී තිබුණේ සාධනීය වැඩපිළිවෙළකි. ගැටලුව ආවේ එය ක්‍රියාත්මක කරන ක්‍රමවේදය තුළය.

වැඩ වැරීම

රාජ්‍ය නිලධාරීන් වශයෙන් ග්‍රාම නිලධාරීන්, කෘෂි පර්යේෂණ සහකාරවරුන්,  සංවර්ධන නිලධාරීන් සේවයෙන් ඉවත් වන්නට තීන්දු කරන්නේ මේ අතරය. ඔවුන් රාජකාරියෙන් ඉවත් වීමට තීන්දු කරන්නේ මේ වැඩ පිළිවෙළට එරෙහිව නොව ප්‍රධාන වශයෙන්ම මේ ආධාර බෙදීමේදී  සිදුවන බව කියන පිළිකුල දේශපාලන හැසිරීමට එරෙහිවය .

බෙදා හැරෙන්නේ රාජ්‍ය මුදල්ය. ඒ මේ මොහොතේ අසරණව සිටින බදු ගෙවූ පුරවැසියන්ටය. එය සාධනීයව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් ජනාධිපතිවරයාගේ සිට බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරියා තෙක් දිවෙන ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක්  රට තුළ තිබේ. ගැටලුව ආවේ මෙවර රුපියල් පන්දහස ලබා දීමේ වැඩසටහනේ බිම් මට්ටමේ වගකිව යුත්තන්  ලෙස ග්‍රාමසේවක, සමෘද්ධි නියාමක යන රාජ්‍ය නිලධාරීන් පමණක් නොව,   ප්‍රදේශයේ බලය සහිත පළාත් පාලන ආයතනයේ දේශපාලකයන් ද ඇතුළත් කිරීමත් සමගය.

මෙම සහනාධාර ඉල්ලුම් පත්‍රය නිකුත් කළේ ගමේ සමෘද්ධි නිලධාරීවරයා හා බලය සහිත පලාත් පාලන ආයතනයේ  මහජන නියෝජිතයා ය. මේ තත්වය තුළ ආධාර ගසාකෑම  සම්බන්ධව චෝදනා නැගෙන්නේ ආණ්ඩු පක්ෂයට පමණක් නොවේ.‍  එක්සත් ජාතික පක්ෂයට බලය ඇති පලාත් පාලන ආයතන නියෝජිතයන්ට ද ඒ චෝදනාව එල්ල විය. එහෙත් රටේ සියයට හැත්තෑවක් පළාත් පාලන ආයතනවල බලය ඇත්තේ පොදු ජන පෙරමුණටය.  ඒ නිසා ඔවුන්ගේ අවිනීත හැසිරීම කැපී පෙනුනි.

“ ඇතැම් ප්‍රදේශවල දේශපාලන බලවතුන් රුපියල් පන්දහසේ දීමනාව ගෙවන ලයිස්තුව ඒ අය හදලා අපට එවනවා.  එහෙම වැඩ කරන්නෙ කොහොම ද?.  අපි රාජ්‍ය නිලධාරීන් ලෙස කටයුතු කළ යුත්තේ රජය විසින් නිකුත් කරන ලද උපදෙස් මාලාවට අනුවයි. එසේ නොවුනොත් අවසානයේ දී ඒ රාජ්‍ය මුදල්වලට     වගකියන්න සිදුවෙන්නෙ අපට. අපි අපේ රාජකාරිය නිර්දේශගත රාජ්‍ය පටිපාටි අනුව කරන විට ඇතැම් දේශපාලන බලවතුන් වගේම මේ රාජකාරි වපසරිය නොදත් පුද්ගලයන්   අපේ නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කරනවා. පහර දෙනවා. ඒ සම්බන්ධව පොලිසිය කටයුතු කරන්නෙ හරිම ඇල්මැරුණු විදිහට.     මේ වනවිට කොට්ටාව, මාතලේ අතුළු ප්‍රදේශ ගණනාවක නිලධාරීන් පහරදීම් වාර්තා වෙලා තියනවා. සමහරුන්ට රෝහල්ගත වෙන්න සිද්ධ උනා. සමෘද්ධි නිලධාරීන් ද එවැනි පහර කෑම්වලට ලක් වුනා. ආණ්ඩුවෙ නිර්දේශ ක්‍රියාත්මක කරන්න යන අපේ ජීවිත මේ මැර බලපෑම් නිසා අනාරක්ෂිතයි. අනෙක් පැත්තෙන්  සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද නැති නිසා   අනාරක්ෂිතයි.  .“ එසේ කියන්නේ  ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීවරන්ගේ සංගමයේ සභාපති සුමිත් කොඩිකාරය.

මෙම ආධාර බෙදීම සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුනේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ කියන්නේ මෙවැනි කතාවකි.

“ නිසි නිර්නායකයන්  ඔස්සේ රජයේ නිලධාරීන් හරහා නෙමෙයි මේ ගෙවීම සිදු වෙන්නේ. වත්මන් ආණ්ඩුව සමෘද්ධි නිලධාරීන් හා දේශපාලකයන් හරහායි.  මේ වනවිට රුපියල් 5000 ලැබිය යුතු රටේ විශාල පිරිසකට එය ලැබී නැහැ. ඇතැම් ප්‍රදේශවල සමහර ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් රුපියල් 5000 ලබාගැනීමේ ඉල්ලුම් පත්‍රය රුපියල් 50 ට 100 ට අලෙවි කළ ආකාරය. මේ රුපියල් පන්දාහ දෙන්නත් පගාව ගත්තු මිනිස්සු ඉන්න රටක් මේක. ඇතැමි සමෘද්ධි නිලධාරීන් හා දේශපාලකයන් විසින්ම එම ඉල්ලුම්පත් ව්‍යාජ ලෙස සම්පූර්ණ කරලා මුදල් ලබාගෙන තියනවා. මේ සියලු දූෂණ ගැන අපි විශේෂයෙන් හොයලා රටට හෙළි දරව් කරනවා.“

ඉදිරියේ දී මැතිවරණයක් පැවැත්විය යුතුය. ව්‍යවස්ථා අර්බුදයකින් රටේ සමස්ථ ක්‍රියාන්විතය වියවුලකට පත් නොකර රටට නව පාර්ලිමේන්තුවක්  පත් විය යුතුය. බලය ලබා ගැනීමේ   දේශපාලන ඉලක්ක සාධනය කරගැනීම සඳහා වෙන කවරදාවත් නොමැති අතිශය සංවේදී මානුෂික පරිසරයක් ඕනෑම දේශපාලකයෙක් සතුව තිබේ. බලය සහිත ආණ්ඩුවකට ඒ අවස්ථාව හතර පස් ගුණයකින් වැඩිය. මේ අභියෝගය හමුවේ ඍජුව, අවංකව සිය ක්‍රියාන්විතය කළ හැකි සාර්ථක නායකයන් රූක්ෂ ගස් සේ මේ පොළොවේ පැලවෙනු ඇත. වටහා ගත නොහැකි කාලකණ්ණිකම වන්නේ මොවුන් තවමත් දේශපාලන බලය අත් කරගන්නට  හදන්නේ මරණය පෙනි පෙනී පණ අදින  අසරණ පුරවැසියන්ට ජීවත් වීම සඳහා ලබා දෙන  මුදල   දේශපාලන අල්ලසකට පරිවර්තනය කිරීමෙන් වීමය.   මරණය සමග විකල් වී වැලපෙන ජනතාවට පගාව දී පාර්ලිමේන්තුවට යන්නට හදන ජනතා නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලි මේන්තුව මොනතරම් මනරම් එකක් වනු ඇත්දැයි නොදනිමු.

එසේ නම් ඒ පත්වෙන පාර්ලිමේන්තුවටත්, පන්දාහට ඡන්දය දෙන ජනතාවටත් දෙයියන්ගේ පිහිටය.

 

 

 

 

 

 

 

 

 

 

Share69Tweet43
Previous Post

ආපදාව මැද  ඩොලර් මලු ගෙනෙන මාලු

Next Post

පාර්ලිමේන්තුව රැස් නොකිරීම ගැන කිව්ව කතා

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.