කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ (පෝට් සිටි ව්‍යාපෘතියේ) අධ්යක්ෂ ජනරාල් මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හූලියැන්ග් ජියැන් මහතා අතර රහස් හමුවක් සිදුව ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
පසුගිය සතියේ සිදුව ඇති මෙම හමුවේ දී වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පසුගිය යහපාලන රජයේ පැවති සැලසුම් සහ ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡාවට ලක් ව ඇති බව අනාවරණය වේ.
එමෙන්ම වර්තමාන ආර්ථික පසුබිම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇති බව වාර්තා වන නමුත් දෙපාර්ශ්වයම එකඟ වී ඇත්තේ මෙම සාකච්ඡාවට ලක්වූ කරුණු රහස්‍ය භාවයකින් යුතුව තබාගැනීමට බවද ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සාකච්ඡාව පිළිබඳ රජයේ පාර්ශ්වයේ කිසිවකු දැන නොසිටි බව ද වාර්තා වේ.
හිටපු අගමැතිවරයාට අමතරව හිටපු අය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනත් මෙම සාකච්ඡාවට සහභාගී වී ඇති අතර මෙම හමුව අවසානයේ ඔවුන්ට පෝට් සිටි අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් විශේෂ රාත්‍රී භෝජන රාත්‍රී භෝජනයක් ද පිරිනමා ඇති බව දේශපාලන ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.