දිනසේන රතුගමගේ –
යාපනයේ අරියාලේ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් හතර දෙනෙකුට පහර දී ඔවුන්ගේ රාජකාරියට බාධා කළ පුද්ගලයින් තුන් දෙනෙකු යාපනය පොලීසිය විසින් 6 දා අත් අඩංගුවට ගෙන තිබේ.
අනවසරයෙන් වැලි ගොඩ දමන ජාවාරම්කරුවන් පිරිසක් අත් අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී එම ජාවාරම්කරුවන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග බහින් බස් වීමක ඇති කරගෙන පසුව උදලු හා සවල් වලින් නිලධාරීන්ට පහර දී පලා ගොස් තිබුණි.
මේ සිද්ධියට සම්බන්ධ තවත් පස් දෙනෙකු අත් අඩංගුවට ගැනීමට නියමිතව ඇති අතර යාපනය පොලීසිය ඔවුන්ද අත් අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කොට තිබේ.