බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ඒ කිව්වෙ කවුරුත් දන්න සම්පූර්ණ ඇත්තක්.. මම හමුදාවෙ 5000ක් මැරුවා”

විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් 'ලංකාසර'ට කියයි

by Lanka Sara Editor
ජූනි 22, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

 

  • සජිත්ගෙ තාත්තා එල්.ටී.ටී.ඊ අපිට සල්ලි, අනෙක් පහසුකම් එක්ක රයිෆල් 5000ක් දුන්නා. නෑ කියනවා නම් මම එනවා සාක්ෂි දෙන්න
  • යූ.එන්.පී – ජේ.වී.පී. – එල්.ටී.ටී.ඊ. අපි හැමෝම මිනී මැරුවා.. දැන් සුදනො වෙන්න බෑ… හැමෝම එකයි..
  • එල්.ටී.ටී.ඊ. එකෙන් මාව ගැලෙව්වෙ රනිල් කියලා කියන කතාව අමූලික බොරුවක්
  • ද්‍රවිඩ ජාතික සභාවෙන් ඉල්ලන්නේ ටී.එන්.ඒ ඡන්ද කඩන්න ඕන නිසා.
  • ඡන්දෙ දිනුවට පස්සෙ අනිවාර්යයෙන් මම ඉන්නෙ මහින්ද මහත්තයා එක්ක

ත්‍රිවිධ හමුදාවෙ පන්දහසක් ඝාතනය කළ බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උප සභාපති මෙන්ම පසුගිය රජයේ නියෝජ්‍ය ඇමති විනයාගමූර්ති මුරලිදරන් කළ ප්‍රකාශය පසුගිය දින කිහිපය තුළ රටම උණුසුම් කළේය. ඔහු මෙවර ද්‍රවිඩ මහජන සභා පක්ෂය නියෝජනය කරමින් අම්පාර දිස්ත්‍රික්යෙන් මහ මැතිවරණයට පිවිසෙන්නේය. මේ තමන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය හා ඔහුගේ ඉදිරි දේශපාලන ගමන පිළිබඳව කරුණා අම්මාන් ලංකාසර සමග කළ විශේෂ සාකච්ඡාවකි.

ප්‍රශ්නය – යුද සමයේ ත්‍රිවිධ හමුදාවේ දෙදහසක් තුන් දහසක් ඝාතනය කළ බවට ඔබ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළා. හිටි හැටියේ මෙවැනි ප්‍රකාශයක් කිරීමෙන් ඔබ අපේක්ෂා කළේ කුමක් ද?

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

පිළිතුර – මම කිසිම දෙයක් අපේක්ෂා කළේ නෑ. මම කිව්වෙ ඇත්ත. කොරෝනාවට වඩා කරුණා භයානක බව ප්‍රාදේශීය සභා සභාපති කෙනෙක් කියලා තිබුණා. ඔව්.ඇත්ත. මම එයාට කිව්වා යුද්ධ සමයේ අලිමංකඩ හා අනෙකුත් තැන්වල හමුදාවේ 2000ක් 3000ක් ඝාතනය කර තිබෙනවා කියලා. ඉතින් ඒකෙ ඇති වැරැද්ද මොකක් ද?. එහෙම දෙයක් සිදුවූ බව රහසක් නොවෙයි. එය ඔයත් දන්නවා. උතුරත් දන්නවා. දකුණත් දන්නවා. සඟවන්න දෙයක් නැහැ. මේ ගැන මීට ඉහත දී ඕන තරම් කතා වෙලා තිබෙනවා.

ප්‍රශ්නය – මේ ප්‍රකාශය නිසා ඔබව අත්අඩංගුවට ගන්නා ලෙස දකුණේ ඇතැම් පාර්ශව විසින් රජය දැඩිව බලපෑම් කරනවා.

පිළිතුර – ඕනෑම කෙනෙක් අත්අඩංගුවට ගන්න නම් හිරගෙදරට දාන්න හරි වැරැද්දක් කරලා තියෙන්න ඕනෑ. මාව අත්අඩංගුවට ගන්න මා කළ වරද කුමක් ද?. වරදක් කරන්නෙ නැතිව කාටවත් මාව අත්අඩංගුවට ගන්න බෑ. මම කළ ප්‍රකාශයේ කිසිම වරදක් නැහැ කියා මම යළිත් කියනවා. එය අදටත් හෙටටත් මතු අනාගතයටත් එලෙසම තමයි. එල්.ටී.ටී.ඊ යටතේ එවැනි දේවල් සිදු වූ බව රහසක් නොවෙයි. නමුත් මෙතන මහා දේශපාලන කුමන්ත්‍රණයක් තියනවා.

ප්‍රශ්නය – මොකක් ද ඒ කුමන්ත්‍රණය.?

පිළිතුර – එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් අද මා කළ ප්‍රකාශය ඉස්මතු කරමින් ඔවුන් දකුණේ ජනතාව කුපිත කර පටු දේශපාලන වාසි ගන්න උත්සාහ කරනවා. එය වැරදියි. උතුරේ හො දකුණේ කවුරුන් හෝ එහෙම කරනවා නම් එය වැරදියි. අනෙක මෙය දකුණේ ජනතාවත් දන්න කාරණයක්. ඒ නිසා මම දකුණේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි දේශපාලන කුමන්ත්‍රණවලට හසු නොවන ලෙසයි.

ප්‍රශ්නය – රටේ වගකිවයුතු පුද්ගලයෙක් මේ වගේ ප්‍රකාශයක් කළ විට ඔබ ඔය කියන එක්සත් ජාතික පක්ෂය, සජිත් ප්‍රේමදාස ගේ සමග ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි දේශපාලන පක්ෂවලට ඒ ගැන කතා කරන්න අයිතියක් තියනවා නේද?

පිළිතුර – ඔව්. කතා කරන්න අයිතියක් තියනවා. ඒ අයිතිය මටත් තිබෙනවා. නමුත් අපි කාටවත් බොරු කියලා ජනතාව මුලා කරන්නවත්, ජනතාව අවුස්සන්නවත්, ඔවුන් ප්‍රකෝප කරන්නවත් අයිතියක් නැහැ. අනෙක එල්.ටී.ටී.ඊ ය ශක්තිමත් වීම ගැනවත් ඝාතන ගැනවත් කතා කරන්න එක්සත් ජාතික පක්ෂයට හෝ ජනතා විමක්ති පෙරමුණට කිසිම අයිතියක් නැහැ.

ප්‍රශ්නය – ඔවුන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ. මේ රටේ ජනතාව දැනුවත් කිරීමේ අයිතිය ඔවුන්ට තිබෙනවා. ඔබ ඒ අයිතියට අභියෝග කරනව ද?

පිළිතුර – කිසිසේත්ම නෑ, එදා එල්.ටී.ටී.ඊ.යෙ ඉඳලා අද මමත් ප්‍රජාතන්ත්‍රවාදය පිළිගෙන ඇවිත් දේශපාලනයේ නිරතවී සිටිනවා. නමුත් මම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිටින කාලේ වැරදි කළා. ඝාතන කළා. ඒ හ සමගම අද ප්‍රජාතන්ත්‍රවාදයේ ඉන්නවා කියන ඔය පක්ෂත් මිනිස් ඝාතන කළා. එහෙම කළේ නෑ කියලා ඔවුන්ට කියන්න බෑ. එහෙම කියනවා නම් ඔවුන් ඒවා කළ බවට මම සාක්ෂි දෙනවා.

ප්‍රශ්නය – ඔබ කියන දේ අපැහැදිලියි. මොනවද ඒ අය කළ ඝාතන කියලා පැහැදිලි කළ හැකි ද?

පිළිතුර- එල්.ටී.ටී.ඊ ය පෝෂණය කළේ කවුද?. ඔභල මේවා දැනගන්න ඕන. අද ඔය කෑගහන, මාව අත්අඩංගුවට ගන්න කියන, මට විරුද්ධව පරීක්ෂණ කරන්න කියන සජිත් ප්‍රේමදාසගේ පියා ආර්.ප්‍රේමදාස රටේ නායකයා ලෙස එල්.ටී.ටී.ඊ ය ශක්තිමත් කළා. අපිට එදා අවි දුන්නා. මුදල් දුන්නා. වෙනත් දේවල් ලබා දුන්නා. එපමණක් නොවෙයි, රයිෆල් 5000ක් එල්.ටී.ටී.ඊයට ලබා දුන්නා. එහෙම දුන්නෙ නෑ කියලා අද ඒ අයට කියන්න බෑ. එහෙම කියනවා නම් මම ඒ ගැන සාක්ෂි දෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ජනතාව 80,000ක් මරා දැමුවා. එය ඔවුන්ට නැහැ කියන්න බැහැ. ඔවුන් හමුදාවේ අය මැරුවෙ නැද්ද?. මැරුවා… දේශපාලන නායකයන් මැරුවෙ නැද්ද?. මැරුවා. අහිංසක ජනතාව මැරුවෙ නැද්ද?. මැරුවා. සිංහල දෙමළ මුස්ලිම් කියලා නෑ… හැම ජාතියකම මිනිස්සුන්ව මේ අය මැරුවා. මේව කළේ නෑ කියලා ජ.වි.පෙ. ට කියන්න පුලුවන් ද?.

ඒ නිසා මේක තේරුම් ගන්න. අපි කවුරුත් එකයි. හැමෝගෙන්ම වැරදි සිදුවෙලා තියනවා. ඒත් වැරදි නොකරන තැනට අපි දැන් ඇවිත් තියනවා. එහෙමනම් ඒ ගමන ඒ විදිහට යා යුතුයි. බොරු කියලා සුදනෝ වගේ ජනතාව මුලා කරන්න හොඳ නෑ.

ප්‍රශ්නය – ඔබ සිදුකළ ප්‍රකාශයෙන් පසුව දකුණෙ දේශපාලන නායකයින් ඔබට කතා කළේ නැද්ද.?. ඔය වැනි ප්‍රකාශ නොකරන ලෙස ඉල්ලීමක් කළේ නැද්ද?. එවැනි ඉල්ලීම් කළ බවට ලංකාසරට වාර්තා වෙලා තිබෙනවා. ඇත්තටම එහෙම බලපෑමක් කළා ද?

පිළිතුර – ඔව්… මට සමහර දේශපාලඥයො කතා කළා.

ප්‍රශ්නය – කවුද ඒ?

පිළිතුර – ගොඩක් අය මට කතා කළා. මේ ගැන ඇහුවා. ඉතින් ඒ හැමෝටම මම මා කියපු සත්‍ය ප්‍රකාශ කළා.

ප්‍රශ්නය – කොහොමද ඔබේ දේශපාලන ව්‍යාපාරයේ කටයුතු. සාර්ථක ද?

පිළිතුර – ඔව්. ඉතාම සාර්ථකයි. මෙවර ද්‍රවිඩ මහා සභාව වශයෙන් අපි නාම යෝජනා දුන්නා අපේ මැතිවරණ ව්‍යාපාරයට. මේ වනවිට අපි අපේ දේශපාලන කටයුතු ආරම්භකර තිබෙනවා. පසුගිය වතාවලට වඩා මෙවර වෙනස්. මොකද කොරෝනා වසංගතය එක්ක තමයි අපට මේ මැතිවරණය කරන්න වෙලා තියෙන්නෙ.

ප්‍රශ්නය – ඔබ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙ හිටපු ප්‍රබල නියෝජ්‍ය ඇමතිවරයෙක්. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙක්. මෙවර ඔවුන් සමග ඡන්දයට ඉදිරිපත් නොවී තනිව තරග වදින්න හිතුවෙ ඇයි.?.

පිළිතුර – ඒ අය සමග කිසිම ප්‍රශ්නයක් මට නෑ. මාව ජාතික ලයිස්තුවෙන් වුනත් දාන්න ඔවුන් සූදානම්. ඒත් අපිට ජනතාව සිටිනවා. අප අපේ ජනතාව අතරට යා යුතුයි. අම්පාර දිස්ත්‍රික්කය බලනවා නම් සිහංල, මුස්ලිම්, දෙමළ හැම කෙනෙක්ම මට ආදරෙයි. ඒ අය වෙනුවෙන් අපට වැඩක් කළ හැකියි.

ප්‍රශ්නය – ප්‍රභල දේශපාලන පක්ෂයකින් තරගයට පිවිසෙන්නෙ නැතිව ඔබ මහජන සාභාව යටතේ තරග කරන්න තීන්දු කළේ ඇයි?. ඊට යම් විශේෂ හේතුවක් තියනව ද?.

පිළිතුර – කිසිම විශේෂත්වයක් නැහැ. අපට අවශ්‍යව තිබෙන්නේ ද්‍රවිඩ සන්ධානයේ බලය අඩු කරන්න. ඒ සඳහා හොඳම ක්‍රමය මේ ආකාරයට මැතිවරණයට ඉදිරිපත් වීම බව අප තීරණය කළා.

ප්‍රශ්නය. ලබන අගෝස්තු පස් වෙනිදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් මන්ත්‍රී ආසන කොපඹණ සංඛ්‍යාවක් ඔබේ පක්ෂයට ලබා ගන්න හැකි ද?

පිළිතුර – අඩුම වශයෙන් මන්ත්‍රී ආසන 04ක් අපි ලබා ගන්නවා. ඒක ෂුවර්

ප්‍රශ්නය – ඔබට මන්ත්‍රී ධූර එයි කියලා අනුමාන කරන දිස්ත්‍රික්ක මොනව ද?

පිළිතුර – අම්පාර, ත්‍රී කුණාමලය, වන්නි, මඩකලපුව, යන දිස්ත්‍රික්කවලින් එක් මන්ත්‍රී ධූරය බැගින් නියත වශයෙන්ම අපට ලබාගන්න පුලුවන්, අප ඉල්ලන පළමු වතාව නිසා එහෙම උනොත් ඒක ලොකු ජයග්‍රහණයක් ලෙස අප සලකනවා.

ප්‍රශ්නය – ඔය මන්ත්‍රීධූර හතර තියාගෙන විපක්ෂයේ ඉන්නව ද?. ආණ්ඩුවට යනවා ද?.

පිළිතුර – අනිවාර්යයෙන් මම මහින්ද මහත්තයා ළඟට යනවා. කිසි ප්‍රශ්නයක් නැහැ.

ප්‍රශ්නය – මහින්ද මහත්තයගෙ ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් වේවි කියලා ඔබ විශ්වාස කරනව ද?

පිළිතුර – නියත වශයෙන්ම ඔව්. එතුමා අගමැති වෙනවා. ඒ ගැන සැකයක් නැහැ. එතුමා මේ රටෙ වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා. මටත් එතුමා උදව් කර තිබෙනවා. උතුරේ ජනතාවටත් එතුමා උදව් කර තිබෙනවා. එතුමාට අද දකුණේ අභියෝග කළ හැකි දේශපාලන බලයක් නැහැ.

ප්‍රශ්නය – ඔබට ඒ ආණ්ඩුවෙ ඇමතිකමක් දෙන්න පොරොන්දු වෙලා තිබෙනව ද?

පිළිතුර – මට ඇමතිකමක් ලැබෙයි. ඒකෙ සැකයක් නැහැ. මොකද උතුරේ ජනතාව වෙනුවෙන් අපට විශාල වැඩ කොටසක් තියනවා කරන්න. ඒ වැඩකොටස නිම කර දීම අප හැමෝගෙම අරමුණ වී තිබෙනවා.

ප්‍රශ්නය – උතුරේ හා නැගෙනහිර ජනතාව වෙනුවෙන් සිදු කිරීමට අපේක්ෂිත වැඩ කටයුතු මොනව ද?

පිළිතුර – උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් ඒ ප්‍රදේශවල විශාල සංවර්ධනයක් කළ යුතුයි. ඒ ප්‍රදේශවල සංවර්ධනය මේ වනවිට අඩාල වී තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ උතුරු නැගෙනහිර සංවර්ධනය කිරීම සඳහා යෝධ වැඩපිළිවෙළක් දියත් කළා. කෘෂිකර්ම, ධීවර, වාරිමාර්ග, මං මාවත්, කර්මාන්ත ආදී අංශවල කිසිදු සංවර්ධනයක් පසුගිය කාලය තුළ සිදුවුනේ නැහැ. මේ තත්වය වහා වෙනස් කරමින් ඒ ප්‍රදේශවනල සැබෑ සංවර්ධනයයේ ප්‍රතිඵල අත්කර දිය යුතුයි. අනෙක උතුරු නැගෙනහිර තරුණ තරුණියන් විශාල පිරිසක් විරැකියාවෙන් පෙළෙනවා. ඔවුන් සම්බන්ධව වැඩි අවධානයක් ලක් කළ යුතුයි. ලබන 5 වැනිදායින් පසු එය ගොඩනගන්න අපට හැකියි කියා මා විශ්වාස කරනවා.

ප්‍රශ්නය – ඔබ එක්සත් ජාතික පක්ෂයට චෝදනා කළා. නමුත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකයෙක්ව සිටි ඔබ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ගෙනාවේ ඔවුන් බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරනවා.

පිළිතුර – නැහැ. ඒක අමූලික බොරුවක්. මම දක්ෂයෙක් නිසා එල්.ටී.ටී.ඊ සංවිධානයේ ඉහළට එන්න මට හැකි උණා. මම ඒ සංවිධානයෙන් කඩලා ගත් බව රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරනවා. ඒක අමූලික බොරුවක්. ඔබට මා එය අද ප්‍රකාශ කරනවා.

Tags: නවතමවිශේෂ
Share588Tweet43
Previous Post

එජාප සාමාජිකත්වය ගැන සමගි ජන බලවේගයේ පෙත්සම ප්‍රතික්ෂේපයි

Next Post

අපේ ජනබල පක්ෂයේ රිට් පෙත්සම් 4ක් උසාවියෙන් ප්‍රතික්ෂේප වෙයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.