සමගි ජන බලවේගයේ 99 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කිරීමට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම අද ප්‍රතික්ෂේප කළ කොළඹ දිසාඅධිකරණය ලබන 27 වැනිදා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා උප නායක රවී කරුණානායක යන මහත්වරු අධිකරණයට කැඳවීමට නොතීසි නිකුත් කරනු ලැබීය.
සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන ජනබලවේගයේ 99 දෙනකු එජාප සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කරන ලද්දේ සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසිනි.
මෙවැනි වාරණ නියෝගයක් ඉල්ලා සිටීමේදී පැමිණිලිකරු විසින් සත්‍ය කරුණු ඒ ආකාරයෙන් ම අධිකරණය හමුවේ හෙළිදරව් කළ යුතු යැයි විවෘත අධිකරණය තීන්දු කළ බව පෙත්සම ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය පැවසුවාය.
එහෙත් මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමේදී පැමිණිලිකරු සිද්ධිමය කරුණු යටපත් කරමින් අදාළ වාරණ නියෝගය අයැද තිබෙන බව පෙන්වාදුන් විනිසුරුවරිය ඒ අනුව එම වාරණ නියෝග ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් ලබන 27 වැනි දා නඩුව නැවත කැඳවීමට නියම කළ අතර එදිනට අදාළ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එහි උප නායක රවී කරුණානායක යන මහත්වරුන්ට අධිකරණය හමුවට පැමිණෙන ලෙස නොතීසි නිකුත් කිරීමට නියෝග කළාය.
අද දින සිට සති දෙකක් ඇතුළත විරෝධතා තිබේනම් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස එම පැමිණිල්ලේ වග වගඋත්තරකරුවකු ලෙස නම්කර තිබෙන එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාට ද මෙහි දී අධිකරණය විසින් නියම කරන ලදී.