බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලක්දිව බුදු සසුන පිහිටුවීමේ දී මිහිදු හිමියන් පෙන්වූ අසාමාන්‍ය කළමනාකරණ හැකියාව..

by editor
ජූනි 24, 2021 - Updated on ජූනි 25, 2021
in පුවත්, සංස්කෘතිය
Share on FacebookShare on Twitter

පොසොන් පොහොය දිනය අදය.

සිංහලයේ මහා සංස්කෘතිය ගොඩනගන්නට පදනම් වූ ඓතිහාසික සාධකයවන මහින්දාගමනය සිදුවන්නේ අදය. එබැවින්ම සිංහල බෞද්ධයෝ පොසොන් පොහොය ස්වකීය සංස්කෘතික වටිනාකම් ධූරාවලියෙහි ප්‍රමුඛකොට තබා සලකති.

මහින්දාගමනය සිදුවන්නේ කවදාද?

සම්බුද්ධ පරිනිර්වාණය සම්බන්ධ ඉතිහාසඥයන් අතර පොදු එකඟතාවක් නැතත් සාමාන්‍ය පිළිගැනීම වන්නේ ක්‍රිස්තුපූර්ව 544 දි හෝ 543 දී එය සිදුවූ බවය. මේ අනුව ගණනය කරන කල්හි මහින්දාගමනය සිදුවන්නේ ක්‍රිස්තුපූර්ව 308 හෝ 307 දී පමණ පොසොන් පුන් පොහෝ දිනකය. ( සුරවීර ඒ.වී. ශ්‍රි මහාබෝධි පුරාවෘතය, 4 පිටුව).
මහාවංශයේ සඳහන් මහින්දාගමන සිද්ධිය පුරාවිද්‍යාත්මක සාධක ඇසුරින් යළිත් සනාථ වී තිබේ. මේ සාධක ලැබෙන්නේ අම්පාර රජගලිනි.

දෙවනපෑතිස් රජුගේ ඇවෑමෙන් රජ වූ ඔහුගේ සොයුරු උත්තිය කුමරු රජපැමිණීමෙන් 8 වන වර්ෂයෙහි සැටවස් පිරුණු මිහිඳු හිමියෝ පිරිනිවියෝය. උන්වහන්සේ පිරිනිවන්පාන්නේ වප් මස (ඔක්තොම්බර්) මස පුරපක්ෂයෙහි අටවක දාය. ( මහාවංශ, 20 පරිච්ඡේදය, 32 -34 ගාථා). බද්ධමාලකයේ කළ ආදාහන පූජෝත්සවයෙන් පසු මිහිඳු හිමියන්ගේ ධාතු ගෙන්වා ගන්වාගත් උත්තිය රජු අනුරාධපුරයේද, සෑගිරි වෙහෙරේද, සියලු විහාරයන්ගේද සෑ බැඳවූයේය. ( මහාවංශය, 20 පරිච්ඡේදය, 46 – 47 ගාථා). මිහිඳු හිමියන්ගේ ධාතු තැන්පත් කර තැනූ දාගැබක් පිළිබඳ අම්පාර රජගලින් ලැබේ. ඒ සෙල් ලිපියේ මෙසේ සඳහන් වේ.

“ යෙ ඉම දීප පටමය ඉදිය අගතන ඉදික තෙර මහිද තෙරහ තුබෙ ”. පූර්ව භ්‍රාමීය අක්ෂරවලින් යුතු පාඨය සහිත මෙම සෙල් ලිපියේ සඳහන්වන්නේ මිහිඳු හිමියන්ගේ හා ඉත්ථිය හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කර තැනූ කුඩා දාගැබක් ගැනය. මින් තහවුරු වන්නේ මහාවංශයේ ඇති ඓතිහාසික වැදගත්කමය.

මිහිඳු හිමියෝ

මොග්ගලීපුත්ත තිස්ස නැමැති මහා තෙරනුවන්ගේ මූලිකත්වයෙන් සිදුකරන තුන්වන ධර්ම සංගායනාවෙන් අනතුරුව සංවිධානයවන ධර්ම දූත මෙහෙවරෙහි අතිශය ඵලදායී ධර්ම දූත කාර්යය ඉටු කරනු ලැබුවාහු මිහිඳු හිමියෝය. මොග්ගලීපුත්ත තිස්ස මහ තෙරුන්ගේ ශික්ෂණය ලබමින් පුරා තුන් වසරක් ධර්ම විනය ප්‍රගුණ කරන මිහිඳු හිමියෝ පැණවතෙක් වෙති. අශෝක අධිරාජ්‍යයාගේම පුතනු කෙනෙක් වෙති.

මිහිඳු හිමිගේ ධර්ම දූත කණ්ඩායමේ වූවාහු ඉත්තිය, උත්ථිය, සම්බල, බද්ධසාල, හිමිවරුත්, සුමන සාමනේරයන් වහන්සේ හා භණ්ඩුක නැමැති උපාසකත්ය. සුමන සාමනේරයන් ගිහිකළ සංඝමිත්තාවගේ පුතනුවෝ ය. ලංකාවෙහි ධර්ම දූත මෙහෙවර සාර්ථක කරගැනීම සඳහා අශෝක රජුගේ විශේෂ අභිලාෂය මෙන්ම රජනෙකුට උචිත පෞරුෂය, උපේක්ෂාව හා අතිශය තීක්ෂණ බුද්ධිමය සැලසුම් සහිත මිහිඳු හිමියන්ගේ අසාමාන්‍ය කළමණාකාරන හැකියාව මේ ධර්ම දූත මෙහෙවරන් පෙනේ.

බුදු සසුන ලක්දිව තුළ රෝපණය කළ සැලසුම

poson
කැලණි විහාරයේ සිතුවම් කළ සෝලියස් මෙන්දිස් ගේ සිතුවමකි..

මිහිඳු හිමියන් විසින් දෙවනපෑතිස් රජ ඇතුළු පිරිවර බුදු සසුනෙහි පිහිටුවීමත් ( මහාවංශය, 14 පරිච්ඡේදය, 23 ගාථාව) රජුගෙන් තෙරුන් ගුණ අසා සිටි අන්ත:පුර ස්ත්‍රීන් වෙනුවෙන් රජ මාලිගාව තුළ කළ ධර්ම දේශනාවත් ( මහාවංශය, 14 පරිච්ඡේදය, 57 – 59 ගාථා), නුවර වැසියන් වෙනුවෙන් මාලිගාවේ ඇත් හළෙහි කළ ධර්ම දේශනාව( 14 පරිච්ඡේදය, 62 – 64 ගාථා), නුවර දකුණු දොරින් පිට පිහිටි නන්දන උයනේ කළ ප්‍රසිද්ධ ධර්ම දේශනාව ( 15 පරිච්ඡේදය, 3 -5 ගාථා) ඇතුළු මුල් දින සතක් තුළ කළ ධර්ම දේශනාමාලාවත් සමග ලක් වැසියෝ බුදු දහම විෂයෙහි වඩාත් රුචි වූ අයුරු පෙනේ.

එසේ වන්නේ මක්නිසාදැයි විමසිය යුතුය. මේ ධර්ම දේශනාවන් ත්‍රිපිට ධර්මයෙන් ඉතා සැලසුම් සහගත ලෙස තෝරාගත් ඒවාය. මිහිඳු හිමියන් විසින් ලක්වැසියන් වෙනුවෙන් දේශනා කිරීමට තෝරාගත් සෑම දේශනාවක්ම රජු ප්‍රමුඛ ජනතාවගේ ප්‍රායෝගික ජීවිතයේ යථාර්ථය ස්ඵර්ශ කරන සූත්‍ර ධර්මයන්ය.

යහපත් මිනිසුන් ලෙස ජීවත්වීමට රට වැසියාට දැක්මක් ලබා දෙන අතර රජ තුමා ධාර්මිකවීම රට වැසියාගේ අභිවෘද්ධියට ප්‍රධානම හේතුව බව මහින්ද දේශනාවන්හි මුඛ්‍ය හරය වී තිබිණි. ( වජිරඤාණ හිමි හොරණ, අපේ සංස්කෘතික උරුමය, මහින්ද දේශනා , 80 පිටුව). ජන ජීවිතයේ යථාර්ථය විනිවිදින මෙවැනි ප්‍රායෝගික ධර්මයක් සබුද්ධික ජන සමාජයක් අතර වේගයෙන් ප්‍රචලිතවීම පිළිගත හැකිය.

මහාවංශ ප්‍රවෘත්ති ප්‍රකාරව ලක්වැසියෝ අතිශය සීඝ්‍රයෙන් මේ නව ආගමික සම්ප්‍රදායට ආශක්ත වූහ. ලක්දිව ඒකාකාරව බුදු සමය පැතිරුණේය. මේ බව පුරාවිද්‍යාත්මකව සනාථ කරන්නේ ක්‍රිස්තු පූර්ව 3 සියවසේ සිට ඇරඹී යුගයෙන් යුගයට පරිණාමයවන අක්ෂර සහිතව ලක්දිව පුරාම පැතිරී ගිය ආරාම පූජා, ලෙන් පූජා විෂයෙහි ලියැවෙන සෙල්ලිපි මාලාවය. (ඩයස් මාලනී, බෞද්ධ සංකෘතික ලේඛණ – 1999, බුදු දහම ලක්දිව ඒකාකාරව පැතිරීම පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක ලිපිය, 1-8 පිටු).

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්: ජනාධිපතිවරයා වෙත ලිපියක්!

භෞතික සැලසුම

තවමත් මහා උවදුරු අභිමුව ව්‍යසනයට ලක් නොවී පවතින සිංහලයේ සංඝ සමාජය මීට වසර දෙදහස් තුන්සියයකට පෙර ගොඩනැගූ ස්ථාවට පදනම උන්වහන්සේගේ විශ්වාස කළ නොහැකි තරම් වූ සංවිධාන ශක්තියට සාධකයකි. එය බුදුන්වහන්සේට පමණක් දෙවැනි වන නායකත්ව පෞරුෂයකි.

උන්වහන්සේට ලක්දිව බුදු සසුන තිරසාර කිරීම සඳහා විචක්ෂණ දැක්මක් සහිත සැලසුමක් තිබිණි. එය අධ්‍යාත්මික මෙන්ම භෞතික සම්පත් සංවර්ධනයේ අනිවාර්ය අංග ද සහිතව ගොඩනැගුනකි. අනවශ්‍ය උත්කර්ෂයන් ඉවත්කර මහාවංසය හැදෑරීමෙන් පමණක් වුව ද ඒ ගැඹුර වටහා ගත හැකිය.

භෞතික සම්පත් කළමනාකරණයේ දී මිහිඳු හිමියන්ගේ දැක්ම සහ පෞරුෂය මනාලෙස ප්‍රකට වන්නේ මහමෙවුනාව මහාවිහාර භූමියක් සේ ගොඩ නගා රජ කෙනෙකුගේ බලය සහිත ආයතනයක් ලෙස ස්ථාපිත කළ ආකාරයෙනි.

උන්වහන්සේ මහමෙවුනා භූමිය තෝරා ගැනීමේ සිට මහාවිහාරය සැලසුම් කරන්නේ අතිශය ප්‍රායෝගික හා විද්‍යානුකූල සැලසුම විමසීම වැදගත්ය. මහාවිහාර භූමියේ සියවස් ගණනාවක් සංවර්ධනය වී ස්ථාවර වුනේ මිහිඳු හිමියන්ගේ ඒ විචක්ෂණ ආරාමික සැලසුමය.

මහාවිහාරය පිහිටුවීමේදී උන්වහසේ තුළ අතීතය හා සම්බන්ධ, වර්ථමානය හා සම්බන්ධ, අනාගතය හා සම්බන්ධ සැලසුම් තිබුණු ආකාරය පෙනේ.
මහාවිහාරයේ වැදගත් පූජනීය ඉදිකිරීමේදී අතීතයේ සිට පූජනීයත්වයට පත් ස්ථාන තෝරාගැනීම ඉන් එකකි. හොඳම උදාහරණය ථූපාරාමය යි. ථූපාරාමය ඉදිකරවනු ලැබුවේ මහෙජ නැමැති යක්ෂයාවෙනුවෙන් වූ දෙවොල් භූමියේය.

තමන් ජීවමාන අවධියේ ශාසන ප්‍රතිශ්ඨාපනය සඳහා සැලසුම් ක්‍රියාත්මක කිරීමට අත්‍යවශ්‍ය ඉදිකිරීම් ප්‍රමාණයට උන්වහන්සේ ප්‍රමුඛ අවධානය යොමු කළහ. මහාපාලි දාන ශාලාව, තිස්සාරාමය, පොහොයගෙය, බද්ධසීමාපාසාදය, රංසිමාලකය, ථූපාරාම දාගැබ, ගිනිහල් පොකුණ නිශ්ඡිත ස්ථානයන්හි, අනාගත සංවර්ධනයන් සඳහා අවකාශ සලසමින් පිහිටුවීම ඒ සඳහා උදාහරණය.

එකල්හි රජ උයනට ප්‍රවේශ තැනන්හි කකුධ නැමති කුඩා වැවක් විය. (මහාවංශය, 15 පරිච්ඡේදය, 52 ගාථාව). මිහිඳු හිමියන් මහාවිහාරයේ මහාසෑය සඳහා තෝරාගන්නේ කකුධ වැව මත්තේ කෙළවර උස් භූමියය. (මහාවංශය, 15 පරිච්ඡේදය, 53 ගාථාව). ඒ වනවිට වන්දනාමාන සඳහා තූපාරාම දාගැබ ගොඩනැගී තිබිණි. එහෙත් මහාවිහාරයක ප්‍රමුඛ අංගය වන මහා දාගැබක් ඉදිකිරීම අවශ්‍ය විය. දශකයකවත් කාලයක් වෙන්කර ඉදිකළයුතු මහා දාගැබ සඳහා බිම සලකුණු කර අනාගත සඳහා වෙන් කිරීමට තරම් උන්වහන්සේ සැලසුම් සහගත වූ අයුරු මහාවංශයෙන්ම පෙනේ.

මහාවිහාරයක් ගොඩනැගිය යුතු භූමිය කකුධ වැව ඉස්මත්තේ සලකුණු කළ උන්වහන්සේ අනාගතය වෙනුවෙන් ඒ සැලසුම ඉතිරි කළහ. එම ස්ථානය හඳුනා ගැනීමට සෙල් ටැඹක් පිහිටවූහ.

දුටුගැමුණු රජතුමා විසින් ඉන් ශතවර්ෂාධික කාලයකට පසු රුවන්මැලි සෑය ඉදි කරන්නේ ඒ භූමියේ ය. එම අතීත සෙල් ටැඹ අදත් රුවන්මැලි සෑ බිම අසල අදත් දැකිය හැකිය.

අප අද පොසොන් පොහොය ලෙස සලකා වන්දනාවට පාත්‍රකරන සංකල්පය තුළ අති විශේෂ පුද්ගල පෞරුෂයක විශිෂ්ට සැලසුම්කරණයේ සමස්ථය ගැබ් වී ඇති අයුරු පෙනේ.

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

තවත් කොවිඩ් මරණ 65ක්

Next Post

බූස්ස අතිවිශේෂ රැඳවියන් 05 දෙනෙක් පළමු වරට අද සිල් ගනිති…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.