තැබෑරුම් ආශ්‍රිතව මීටරය තබා සෙන්ටිමීටරේවත් දුරස්ථභාවයක් නොමැතිව පැවති දිගු පෝලිම් “ඩෙල්ටා බාර් පොකුරක” අවදානමක් ඉදිරියේදී ඇතිවන තත්ත්වයක් රට තුල නිර්මාණය වෙමින් පවතින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනතුරු අගවා සිටියි.
බාර් විවෘත කර රජයට බදුමුදල් උපයා ගැනීමේ අදූරදර්ශී වැඩපිළිවෙල හේතුවෙන් රටම කොවිඩ් ආගාධයකට ඇද දමමින් සිටින බව සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කරයි.
කොවිඩ් වසංගතයෙන් මිදීමට නම් පුද්ගලයෙකුගේ ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය විය යුතු නමුත් මත්පැන් පානයෙන් සිදුවන්නේ ප්‍රතිශක්තිය හීනවීම යැයිද එවන් පුද්ගලයින් කොවිඩ් රෝගයට පහසුවෙන් ගොදුරු වීමක් දක්නට ලැබෙන බවත් ඔහු පෙන්වාදේ.
මත්පැන් පානය කරන්නෙකු රජයට ලබා දෙන බදුමුදල මෙන් පස්ගුණයක් , ඔහු කොවිඩ් රෝගියෙකු බවට පත් වීමෙන් පසුව රජයට වැය කිරීමට සිදුවන බවද උපුල් රෝහණ පෙන්වාදේ.
කෙසේ වෙතත් සංචරණ සීමා ඉවත් කළ කාලය තුළ රාත්‍රී 9 වනතුරු බාර් අර තබන්නට රජය තීරණය කර තිබේ.