ඔහුත් සමග කුරුණෑගල කම්කරු නිවාසවල ආසාදිත 51න් 26ක් එන්නත් මුල් මාත්‍රාව ගත් අය…
කුරුණෑගල නගර සභා කම්කරු නිවාස සංකීර්ණයේ කොවිඩ් ආසාදිත රෝගීන් පනස් එක් දෙනෙකු (51) අතරින් එක් රෝගියෙක් කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අයෙක් බව තහවුරු වී ඇතැයි ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ පවසයි.
එමෙන්ම එම රෝගීන්ගෙන් 26 දෙනෙක් කොවිඩ් පළමු එන්නත් මාත්‍රාව ලබාගත් බවට තොරතුරු අනාවරණය වී තිබේ .
මෙලෙස හඳුනාගත් රෝගීන් අතරින් 26 දෙනා අතරින් කොවිෂීල්ඩ් එන්නත දෙදෙනකු ලබාගෙන ඇති අතර ඉතිරි 24 දෙනා සයිනොෆාම් එන්නත ලබාගත් අය වෙති. ඔවුන් පළමු එන්නත ලබාගෙන දින 18ක් පමණ ඉකුත් ව තිබුණි .
කොවිඩ් ආසාදිත තත්ත්වයට පත්වූ ඉතිරි විසිපස්දෙනා වයස අවුරුදු 30 ට අඩු අය වේ.
කුරුණෑගල නගර සභාවේ පවිත්‍රතා කටයුතු ඇතුළු සෞඛ්‍ය අංශයේ වැඩ කරන කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල්වල අය මෙලෙස ආසාදිතයන් බවට පත්ව සිටින අතර රියදුරු රැකියාවේ යෙදෙන තිදෙනෙක් ද ඒ අතර වෙති . කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම රැගෙන ඇත්තේ මෙම එක් රියදුරෙකි.