බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වව්නියාවේදී මියගිය දළ ඇතා උස්සන්න අලි රොෂාන් ඇවිත් – වනජීවියෙන් විරෝධයක්

by Lanka Sara Editor
ජූනි 11, 2021
in පුවත්
vavnia elephant - ali roshan
Share on FacebookShare on Twitter

වන අලින් සොරකම් කිරීම සම්බන්ධ වංචාවලට චෝදනා ලැබූ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නැමැත්තා වව්නියාව කනගරායන්කුලම පුදූර් ප්‍රදේශයේ තුවාල ලබා මසකට අධික කාලයක් බිම වැටී සිටි දළ ඇතා මියයාමට පෙර බැකෝ යොදා ඔසවා තැබීමට තැත් කිරීම සම්බන්ධයෙන් විරෝධයක් මෙන්ම මේ වනවිටත් එය දැඩි විවේචනයට ද ලක්ව තිබේ.

යම් රෝගී තත්ත්වයක් හෝ අනතුරක් හේතුවෙන් රෝගීව මසකට අධික කාලයක් බිම වැටී සිටි දළ ඇතා සුව කිරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව සහ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විශාල උත්සාහයක් ගෙන ඇති අතර   එම දළ ඇතා වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සඳහා තවත් පාර්ශව  මැදිහත් වී තිබේ. ඔවුන් ඊයේ සිට මෙම ඇතා එසවීමට කටයුතු කළ අතර එසවීමෙන් අනතුරුව අද උදෑසන මියගොස් තිබේ.

අලි රොෂාන් අලියා උස්සන්න මැදිහත් වෙමින් (පහළ)… දිළුම් අමුණුගම අමාත්‍යවරයා ද මේ ඡායා රූපයේ සිටී

වන අලින් සොරකම් කිරීම සහ නීති විරෝධීව රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින අලි රොෂාන් සහ තවත් පිරිසක්  මෙම ඇතාට ප්‍රතිකාර ලබාදීම සඳහා ඉහළ බලපෑම මත මැදිහත් වී ඇති බවට වාර්තා වේ. අලි රෝෂාන් නමැත්තා ඊයේ දින එම ස්ථානයට පැමිණෙන විට  ප්‍රජා පොලිස් කටයුතු සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ද පැමිණ තිබේ.   ලංකාසරට වාර්තාවන ආකාරය ට ඔවුන් රජයේ ඉහළ බලවතුන්ගේ ද සහය ලබා ගෙන ඇත. .

අලියාට ප්‍රතිකාර කිරීම සඳහා පැමිණි වනජීවී දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරුන් ඇතුළු නිලධාරීන් අලි රොෂාන් නැමැත්තා එම ස්ථානයට පැමිණ අලියාගේ ප්‍රතිකාර සඳහා කටයුතු කිරීමට මැදිහත් වීම පිළිබඳව විරෝධය දක්වා තිබේ. සදාචාරාත්මකව එම පුද්ගලයා මෙවැනි කටයුතු සඳහා සම්බන්ධ නොවිය යුතු බවට වනජීවී නිලධාරින් අදහස් කිරීම ඊට හේතුවයි. අනෙක් කරුණ වන්නේ සිංහල රාවය සංවිධානයේ මාගල්කන්දේ සුදත්ත හිමියන් කොවිඩ් ආසාදිතයෙකු වන බැවින් අලි රොෂාන් නැමැත්තා උන්වහන්සේගේ ළඟම ආශ්‍රිතයකු බවට පත්ව සිටීමයි.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මාගල්කන්දේ සුදත්ත හිමියන් අලි රොෂාන් සමග අලි ඉස්සීමට පැමිණ සිටි අයුරු…

මඩ වගුරක වැටී සිටි මෙම ඇතාට ප්‍රතිකාර සඳහා වනජීවී දෙපාර්තමේන්තුව සහ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අමතරව තවත් ප්‍රභූන් ද වරින් වර මෙම ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වේ. ඔවුන් මෙම ඇතා ප්‍රතිකාර සඳහා විවිධ ස්ථානවලට රැගෙන යාමට වරින්වර උත්සාහ දරා ඇති අතර ඒ කිසිවක් සාර්ථක නොවූයේ ඇතා සිටි තත්ත්වය අයහපත් වූ නිසාය. ඔවුන් ද මෙම ඇතාට ප්‍රතිකාර සඳහා දේශීය වෛද්‍යවරුන්ගේ උදව් උපකාර ලබා ගැනීම පිළිබඳව ද වනජීවී නිලධාරීන්ට යෝජනා කර ඇත.

කෙසේ වුවද මාගල්කන්දේ සුදත්ත හිමියන් කොවිඩ් ආසාදිත තත්ත්වයට පත්වීමත් සමග උන්වහන්සේගේ ළඟම ආශ්‍රිතයකු වන අලි රොෂාන් ද නිරෝධායනය විය යුතුව සිටිය දී මේ අයුරින් මෙම ඇතා සිටි ස්ථානය වෙත පැමිණීම ද දැඩි කතාබහට ලක්ව තිබේ.

මෙම කණ්ඩායම ඇතා ප්‍රතිකාර සඳහා රැගෙන යාමට උත්සාහ කර ඇති අතර ඒ සඳහා වන ජීවී වන ජීවි නිලධාරීන් විරෝධය පළ කර තිබේ.

Tusker
අවසන් ගමන් ගිය ඇතා

මේ පිළිබඳ ලංකාසර වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගෙන් විමසූ අතර එහිදී ඔහු කියා සිටියේ අලියා වැටුණු ස්ථානය වෙත ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සහ වනජීවී වෛද්‍ය නිලධාරීන් ගොස් එකතු වී ප්‍රතිකාර කිරීමට උත්සාහ කළ නමුත් වෛද්‍යවරුන් තමාට දන්වා සිටියේ එම සත්ත්වයාගේ දිවි බේරා ගැනීම ඉතාම අපහසු තත්ත්වයක පවතින බව ය.

මෙම ස්ථානයට අලි රොෂාන් නැමැත්තා පැමිණි බවට තමාට ආරංචි වූ නමුත් ඔහු පැමිණියේ කෙසේ ද යන්න පිළිබඳ තමා නොදන්නා බව ඔහු කීවේය. කෙසේ වෙතත් එම කටයුතු සඳහා වනජීවි නිලධාරින් සමඟ සම්බන්ධ නොවන ලෙස  තමා ඔහුට දැන්වූ බවද  ඇමතිවරයා කීය. මෙවැනි පුද්ගලයින් මෙම කටයුත්තට සම්බන්ද වීම පිළිබඳව තමන තුළ කිසිදු පැහැදීමක් නැති වවද හෙතෙම කියා සිටියේය.

අමාත්‍ය විමලවීර දිසානායක සහ පරිසවේදී රන්වැල්ල

අලි රොෂාන් සමග පැමිණි කණ්ඩායම මෙම ඇතා බැකෝ යොදවා දෙපාරක්ම ඔසවා තැබීමට තැත් කර තිබේ.

පරිසරවේදී නයනක රන්වැල්ල  පවසන්නේ වෛද්‍යවරුන් මෙන්ම පරිසරවේදීන්ගේ පෙර අත්දැකීම් අනුව මෙවැනි රෝගී සිටින ඇතකු ඒ අයුරින් එසවීම ද අනතුරුදායක බව ය. එවැනි අවස්ථාවලදී ඔවුන්ගේ හෘදය, පෙණහළු සහ උරස්වලට හානි වීමේ අත්දැකීම් වනජීවී විශේෂඥයන්ට පවතින බවද ඔහු සඳහන් කළේය. රන්වැල්ල   සඳහන් කළේ මෙම ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා අයහපත් මට්ටමක පවතින අවස්ථාවක වෙනත් පාර්ශ්ව පැමිණ ඇතා එසවීමට කටයුත් කලේ නම් තමන් එය කිසිසේත් අනුමත නොකරන බවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලි ජාවාරම්කාරයින් හා වන ජීවි නිලධාරීන් ගැටෙද්දී වව්නියාවේ දළ ඇතා මිය යයි…

Next Post

ලංකා පොලිස් ඉතිහාසයේ මුල් වරට සී.අයි.ඩී නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරට කාන්තාවක්…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.