ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් ලිමිටඩ් 2021 ජුනි 08 දින සිට කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) දිරි සවි පුවරුවේ ලැයිස්තුගත කිරීමට නියමිතය. සමාගම ඡන්ද හිමි සාමාන්‍ය කොටස් 937,500,000 ක් ලැයිස්තුගත කරනු ඇති අතර එම සමාගම “රියල් එස්ටේට් (Real Estate) කර්මාන්ත කාණ්ඩය යටතේ වර්ගීකරණය කෙරේ.
ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් ලිමිටඩ් (Prime Lands Residencies Limited) ලැයිස්තුගත කිරීම සිදු කෙරෙනුයේ 2021 මැයි 11 වන දින කරනු ලැබූ සාර්ථක මූලික මහජන කොටස් නිකුතුවෙන් පසුවයි.
කොටසකට රු. 10.40 ක් බැගින් මූලිකව නිකුත් කළ කොටස් 100,000,000 ට ආරම්භක දිනයේම අධි දායකත්වයක් ලැබුණු අතර එමගින් රුපියල් බිලියන 1.04 ක ප්‍රාග්ධනයක් රැස් කිරීමට සමාගම සමත් විය.
ඒ අනුව සාමාගම අමතර කොටස් නිකුත් කිරීමේ විකල්පය තෝරා ගත් අතර කොටසකට රු. 10.40 බැගින් සමාගමේ ඡන්ද හිමි සාමාන්‍ය කොටස් 87,500,000 ක් අමතරව නිකුත් කිරීමත් සමග රැස් කොටගත් මුළු ප්රාග්ධනය රුපියල් බිලියන 1.95 කි.