බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

කොවිඩ් එක්ක  නිරෝධායනය වෙන වැලිකඩ හිරගෙදර

නිදහස් වෙලා යන අයට නිරෝධායනය වූ බවට සහතිකයක්...

by editor
මැයි 14, 2020
in සමාජ
Welikada

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් මුඛ ආවරණ මසමින්...

Share on FacebookShare on Twitter

දිනය හෝ වේලාව නිශ්චිත නැත. එහෙත් ඒ කොවිඩ් 19 අපේ රටේ පැතිර යාම වාර් තා වූ මුල් දින කිහිපයේ දවසකි. දෙවැනි රොගීයා මිය ගිය දිනවල දී බව නම් මතකය. ඒ  හැමටම වඩා චීනයේ බන්ධනාගාර රැඳවියන්ට තම නිවෙස් වලට යන්නට යැයි එරට රජය අවසර දුන් දිනවලදී බව නම් හොදින් මතකය. මධ්‍යම රාත්‍රියට ආසන්න මොහොතක නන්නාදුන අයෙකු දුරකථන ඇමතුමක් දුන්නේය.

“ අනේ අපි බොහෝම භයානක තත්වයක ඉන්නේ. උණ රෝගීන් කිහිප දෙනෙකුම ඉන්නවා. ඒ අයව වෙනම වාට්ටුවක දාලා ඉන්නේ. කොරෝනාද දන්නෙත් නෑහැ. අපිට මොකක් ද තියෙන ආරක්ෂාව. කොත්තමල්ලි දෙනවා… ඒ වුණාට ඒක නිකම් ඇල්වතුර වගෙයි.  ”

ඔහු තවත් බොහෝ දේ කීවේය. දුරකථන ඇමතුම දුන්නේ  මරණීය දණ්ඩනයට යටත්ව බන්ධනාගාර ගතව සිටින රැඳවියෙකි. එවැනි රැඳවියෝ තමන්ට අවැඩක් වේ යැයි සිතෙන සිද්ධි පිළිබඳව කියන්නට  රාත්‍රී කාලයේ දී දුරකථන ඇමතුම් දෙමින් අපව අමතති. එය අරුමයක් නොවේ.

සැබැවින්ම ඔහු කියන ආකාරයට බන්ධනාගාරය තුළ විෂබීජය පැතිර ගියහොත් සිදු වන්නේ මහත් විනාශයකි. එහෙත් තොරතුරු සොයා බැලීමේදි දැන ගන්නට ලැබුණේ සාමාන්‍ය උණ රෝගියෙක් දෙන්නකේ ඒ වන විට බන්ධාගාරය තුළ සිටිය බව පමණි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

හදිසි අවස්ථාවකට වාට්ටුවක් සූදානම්

අද රටේම තත්ත්වය වෙනස් වී ඇත.   රටක් ලෙස කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂා වීමට බොහෝ වැඩපිළිවෙළ සකස් කර තිබේ. බන්ධනාගාර දෙපාරත්මේන්තුව ද රැඳවියන්ගේ මෙන්ම නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අද වන විට විවිධ පියවර ගෙන ඇත්තේය.

තවමත් උසාවි කටයුතු ද නොකෙරෙන බැවින් දෛනිකව සිරගෙදර ට එන පිරිස අඩු වී ඇත. විශේෂයෙන්ම වැලිකඩ බන්ධනාගාරය තුළ සිටින්නේ “අච්චු” සිරකරුවන් පමණි. එහෙත් යම් අයුරකින් තවත් අය රැඳවීමට සිදු වුවහොත් යන අනුමානයට වෙනමම වාට්ටුවක් ද වෙන් කර තැබූ බව බන්ධනාගාර ආරංචි මාර් ග පැවැසුවේය.

මේ වන විට බන්ධනාගාරයට පිවිසෙන ස්ථානයේ අත් සෝදා ගැනීමට මෙන්ම විෂබීජ හරණය කිරීම සඳහා වෙනනම කුටියක්ද ඇත.  දින දෙක තුනකට වරක් බන්ධනාගාගරය තුළ විෂබීජ හරණය කිරීමද සිදු කෙරේ. එමෙන්ම බෝගම්බර, වැලිකඩ හා සෙසු බන්ධනාගාර වල ද  මේ වන විට මුඛ ආවරණ මැසීම ආරම්භ කර ඇත. දැනට සිටින රැඳවියන් මුඛ ආවරණ පැලඳීම නොකළ ද අලුතෙන් බන්ධනාගාර ගතකරනු ලබන රැඳවියන්ට මුඛ ආවරන පැළඳීම අනිවාර්ය කර ඇත. පසුගිය දිනවලදී අත් අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් මේ වන විට රඳවා ඇත්තේ පල්ලන්සේන බන්ධනාගාරයේය. මෙසේ රඳවා ඇති පුද්ගලයන් නිරෝධනායට ලක්කර තිබීම සුවිශේෂිය.

විසිට් නෑ

මාස ගණනක් තිස්සේ බලපැවැත්වෙන ඇඳිරි නිතී තත්වය යටතේ සාමාන්‍ය ජන ජීවිත ය අඩාල වී ඇත. මෙවන් තත්වයක් යටතේ හිර ගෙදර “විසිට්” බැලීමද අත්හිටුවා ඇත. වෙනදාට කල්දේරම් බත වෙනුවට නිවෙසින් ගෙනෙන බත් එක කන්නට රැඳවියන් අවස්ථාවක් ලැබුණ ද දැන් සිදු වී ඇත්තේ අකමැත්තෙන් වුවත් කල්දේරම් බත කන්නටය. දත් බෙහෙත් සබන්, පිටි කිරි ආදිය නිවෙසින් ලැබුණත් දැන් බන්ධනාගාරයට මේ සියල්ලම රැඳවියන් වෙනුවෙන් සම්පාදනය කිරීමට සිදු වී ඇත. රැඳවියන්ගේ අවශ්‍යතා සම්පුර්ණ කළද නිලධාරීන් සඳහා අත් සෝදන ද්‍රව්‍ය ආදිය සෞඛ්‍යාරක්ෂිත දේ  හිඟ බව ද නිධාරීන් පවසන්නේ කනගාටුවෙනි.

කොරෝනා නිසා සියල්ල අඩාල නොකළද හිර ගෙදර දෛනික කටයුතු එපරිද්දෙන්ම කරගෙන යෑමට පාලනාධිකාරිය උත්සාහ දරයි. නියමිත දිනවල නිදහස් වීමට නියමිත රැඳවියන් නිදහස් කරනු ලබන අතර ඔවුන් වෙනුවෙන් නිදහස් වී යාමේදි නිරෝධානය වී ඇති බවට ලියවිල්ලක් ද සපයනු ලැබේ. එමෙන්ම වට්ස් ඇප් හරහා අදාල නඩු දිනයන් කල් දමා ගැනීමද සිදු කැරේ.

තදබදය ඒ ලෙසමයි

කලක් තිස්සේ බන්ධනාගාරවලින් නැගෙන මැසිවිල්ල වී ඇත්තේ හිරගෙදර තද බදය වැඩිය යන්නය. ඒ තද බදය වැඩිය යන කතාව වඩ වඩාත් දැනෙන්නේ මෙවන් අසීරු අවස්ථාවලය. විශේෂයෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ මේ තදබදය අදට ද දැකිය හැක. තවමත් ඇත්තේ පැරණ වැසිකිළිය. සිටින රැඳවියන් ප්‍රමාණය සඳහා මේ වැසිකිලි ප්‍රමාණවත් නැත. උණක් කැස්සක් හෙම්බිරිස්සාවක් පැතිර ගියද එයද ඉක්මනින් රැඳවියන් අතර පැතිර යන්නේය.

1971 කැරැල්ල සමයේ සිරගත වූ රැදවියන්ට “කසානා”නමින් කුෂ්ට රෝගයක් පැතිරුන බව එවකට සිර ගෙවල් වල සිටි කිහිප දෙනෙකුම පවසනු අසා ඇත.

“ඉවස ගන්න අමාරුයි.. අපි කරන්නේ සම්බෝලයට දාලා ඉතිරි වෙන දෙහි ලෙලි අතුල්ලන එක. හිර ගෙදරින් බෙහෙතුත් දුන්නා.”

හැත්තෑ එකේ කැරැල්ලට අසුව බෝගම්ර සිරගෙදර සිරබත් කෑ සහෝදරයකු දිනක් අතීතය සිහි කරමින් පැවැසුවේය.

බන්ධගාරයේ දිගු කලක් සේවය කළ නිලධාරියකු පැවැසුවේ මෙවැනි කතාවකි.

“කොවිඩ් 19  කියන්නේ විශේෂ තත්ත්වයක්. ඒකාලේ සරම්ප, පැපොල, පාචනය, උණ වැනි රෝග රැඳවියන්ට හැදුනාම වෙනම වාට්ටුවල රඳවනවා. අපි දන්නවා එවැනි ලෙඩක් හැදුණාම දවස් දාහතරයි දවස් විසි  එකයි මේ රෝගය සුවයි කියලා.

වැඩ පාටිවලට ගිහිල්ලා වෛද්‍යවරයා රැඳවියන් පරික්ෂා කර බලනවා. රෝගී අයව බන්ධනාගාර රෝහලට ඇතුළත් කරනවා.  නමුත් අද තිබෙන තත්වය ඊට හාත්පසින්ම වෙනස්. මෙහිදි රැඳවියා වගේම නිලධාරිනුත් පරිස්සම් වෙන්න ඕන.”

රැඳවියන් සමබන්ධ අනාගත වැඩපිළිවෙළක්

Welikada
රැඳවියන් විෂබීජ නාශක ඉසිමින්…

කෙසේ වුවත් මේ වන විට කොවිඩ් 19 වෙරසයෙන් රැඳවියන් සහ නිලධාරීන් ආරක්ෂා කිරීමට බන්ධගාගාර දෙපාර්තමේන්තුව බොහෝ ක්‍රියා මාර්ග ගෙන ඇත. හෙට අනිද්දා රට සාමාන්‍ය තත්වයට පත් වූ පසුවද රැඳවියන් උසාවි ගෙන යාමේදී විශේෂ වැඩ පිළිවෙක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එහත් බන්ධනාගාර ආරංචි මාර්ග ඒ පිළිබඳව නගන්නේ මැසිවිල්ලකි.

“මීටරයක් දුරින් ඉන්න ඕන. උසාවිවලට රැඳවියෝ ගෙනියන්න ඕන. වාහන තියෙන්නේ සීමිත සංඛ්‍යාවක් . සිග් සැග් ක්‍රමයට බස් වල මේ අයව ගෙනියනවා නම් රෑඳවියෝ උසාවි ගෙනියන්න වැඩි බස් සංඛ්‍යාවක් යොදවන්න වෙනවා. එහෙම යොදවන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතුව විශාල බස් ප්‍රමාණයක් නැහැ.”

බන්ධනාගාරය තුළ අඩුපාඩු බොහෝය. දවසින් දවස එහි එන සිරකරුවන්  ප්‍රමාණය ද වැඩිය. කාලක් තිස්සේ පවතින නිලධාරී හිඟයට මෙතෙක් පැහැදිලි  විසඳුමක් ද ලැබී නැත. මේ සියලු අඩුපාඩුකම් හොඳටම බරපතලව පෙනෙන්නේ මෙවැනි අසීරු අවස්ථාවලය.

 

 

Share69Tweet43
Previous Post

  කොවිඩ් 19 හමුවේ  බිඳ වැටුණු ආගම්වල හාස්කම්

Next Post

රට විවෘත වුණා… දැන් වගකීම ඔබේ අතේ

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.