බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

  කොවිඩ් 19 හමුවේ  බිඳ වැටුණු ආගම්වල හාස්කම්

by editor
මැයි 14, 2020
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

මේ දක්වාම වෛද්‍ය පර්යේෂකයන්ට කොවිඩ් 19 වෛරසයෙන් වැළඳෙන කොරෝනා වෛරස් රෝගය සුව කල හැකි ඖෂධයක් සොයා ගැනීමට ලැබී නැත. ලෝකයේ විවිධ විද්වත් පර්ශද මේ රෝගයට ඔසුවක් සොයා ගැනීමට පර්යේෂණ කරමින් සිටිති.

මේ අතරවාරයේ විවිධ ආගමික නායකයෝ  හා ලබ්ධිකයෝ  සිය ආගමේ අනුහසින්  කොරෝනා රෝගය සුවපත් කිරීමට උත්සාහ දරති.

යාපනයේ අරියාලේ ප්‍රදේශයේ පිහිටි ස්විස් දේවස්ථානයේ දී සිදු වූයේ ද මෙවැනි සිදුවීමකි. එහි අවසානය වූයේ මුලු යාපනයම මාසයක පමණ කාලයකට වැසී ගියේය.‍

මෙවැනි සිදුවීම්  සර්ව ආගමිකයන්ගෙන්ම වාර්තා විය. සිරිපාදය කරුණා කරන අය කොරෝනාවට බය නෑ කීවේ ශ්‍රී පාදස්ථාන භාර හාමුදුරුවන්ය. කොරෝනා රෝගය පහව යන අවස්ථාවක ශ්‍රී පාදය වන්දනා කිරීමට යෑමේ  උත්සාහයක නිරත වූ ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකු ඇතුලු පිරිසක් පොලිස් අත් අඩංගුවට පත් වුණේය. මුස්ලිම් පල්ලිවල රහසින් යාඥා මෙහෙය පැවැත්වීමට කටයුතු යෙදූ ආකාරය වාර්තාව විය. යාපනයේ කෝවිල් වල රහසින් කිරි උතුරුවන අවස්ථාවන්ට විරෝධතා මතුවිනි.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි  පෝල් සත්කුණරාජා

යාපනයේ අරියාලේ ස්විස් දේවස්ථානයේන්ද ප්‍රකට වූයේ රටේ මේ පොදු හැසිරීමය.  එහි ප්‍රධාන දේව මෙහෙයක් සඳහා ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි  පෝල් සත්කුණරාජා නැමති යාපනයේ ඉපදුණු දෙමළ ජාතික පාස්ටර්වරයා ප්‍රකාශ කළේ මේ සියලු මිනිසුන් දෙවියන් වහන්සේට බාර කළ නිසා ඔවුන්ට කොරෝනා රෝගය නොවැළදෙන බවයි.

මේ දේශනාවෙන් නොනැවතුණු පාස්ටර්වරයා බැතිමතුන්ව විශේෂ ජල ටැංකියක ගිල්වමින් විෂබීජ හරණ පූජාවක්ද සිදු කළේය.

නමුත් අවාසනාවක මහත වූයේ මේ පූජාව සිදුකළ ප්‍රධාන පාස්ටර්වරයාටම කොරෝනා රෝගය වැළදීමය. ඔහු  සිය ආශිර්වාද පූජාව පවත්වා  ස්විස්ටර්ලන්තයට ආපසු යන විටම ඔහු රෝගියෙකු බවට පත්ව සිටියේය.

මෙහි ප්‍රතිපලයක් වශයෙන් ස්විස් දේවස්ථානයේ පූජාවට සහභාගී වූ හාරසීයක් පන්සීයක් පමණ වූ බැතිමත්හු පිරිසක් විශාල ජීවිත අවදානමකට මුහුණ පෑහ.

කොරෝනා වෛරස් රෝගය පිළිබඳව  හා එහි භයානකකම පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් කළ විශ්ලේෂණයන් හා ප්‍රකාශයන් පිළිගැනීමට මේ පූජාවට සහභාගී වූ පිරිස කැමැත්තක් නොදැක්වීය. පූජාවට සහභාගී වූ පිරිස දෙවියන් වහන්සේට බාර කොට තිබීම නිසා ඔවුන්ගේ හදවත් තුළ ජනිත වූ දේව විශ්වාසය හා ආගම් විශ්වාසය වෛද්‍ය මතයන්  පරාජය  කිරීමට සමත් විය. මේ නිසාම සෞඛ්‍ය අංශවල නිලධාරීන් හා ආරක්ෂක අංශ වල නිලධාරීන් පූජාවට සහභාගී වූ බැතිමතුන්ව සොයා එන විට ඔවුන් කළේ නිවාස අතහැර ගොස් වෙනත් ස්ථාන වල හැංගී සිටීමය.

උතුරු පළාත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ  කේතීස්වරන් මහතා සඳහන් කරණ ආකාරයට  උතුරේ වැසියන්ට කොරෝනා පිළිබදව බියක් පැමිණියේ යාපනයෙනි. ඒ මේ දේව පූජාවත් සමගිනි.

”  මේ කොරෝනා රෝගය ලෝකය පුරා ව්‍යාප්ත වන බවට තොරතුරු ලැබුණා. උතුරු පළාතේ විශාල පිරිසක් විදේශ රටවල සිටින නිසාත් ඔවුන් නිරන්තරයෙන්ම එහා මෙහා යන එන නිසාත් අපි මේ ගැන සැලකිලිමත් වුණා. නමුත් යාපනයට කොරෝනා බිය ඇතුළත් වුණේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ අන්දමටයි.

යාපනයේ අරියාලේ  පාරේ ස්විස් දේවස්ථානයට පැමිණ දේව පූජාවක් කළ පියතුමාට  කොරෝනා රෝගය වැළදීමත් සමගම යාපනයේ තත්ත්වය වෙනස් වුණා. ඒ තත්ත්වය තවමත් මුලු උතුරු පළාතටම ප්‍රශ්නයක් වී තිබෙනවා.

මේ පූජාවට බැතිමතුන් 500 කට වඩා සහභාගී වී සිටින බව ඒ දේවස්ථානයේ සීසීටීවී කැමරා දිහා බලපුවහම පේනවා. කුඩාම ළමයින්  විශාල පිරිසක් ආශිර්වාද කරවා ගැනීම සඳහා මේ පූජාවට සහභාගි වෙලා තියනවා. මාස හයක අත දරුවන් පවා මේ පූජාවට මව් පියන් විසින් රැගෙන විත් තිබෙනවා.

නමුත් මේ වෙනකොට  ඒ පූජාවට සම්බන්ධ වූ අයගෙන්  දෙසීයක්වත්  සෞඛ්‍ය නිලධාරීන් හම්බ වෙලා තමන් ඒ පූජාවට සහභාගි වුණා කියලා කියලා නැහැ. ඒක තමයි බරපතලම ප්‍රශ්නය වෙලා තියෙන්නේ.’’

කොරෝනා වාහකයින් වූයේ දෙවියන් කෙරෙහි විශ්වාස තබා සැඟවුණු පුද්ගලයන්ය. ආරක්ෂක අංශ  යාපනයට ඇඳිරි නීතිය පනවා ඔවුන් සියලු දෙනාම අත් අඩංගුවට ගෙන නිරෝධායන මධ්‍යස්ථාන වලට යවා මුලු යාපනය අර්ධ ද්වීපයම විශබීජ හරණයට ලක් නොකළේ නම් අද වන විට යාපනයේ කතාව වෙනස්  වීමට ඉඩ තිබුණි.

සාස්තෘවරුන් විසින් ඒ ඒ දහම දේශනා කොට ඇත්තේ  මිනිසුන්ගේ මෙලොව දියුණුවට වඩා පරලොව හිත සුව පිණිසය. බොහෝ දේශනාවන් ඉවහල් වූයේ මිනිසා පාපයෙන් මුදවා ගැනීම සඳහාත් මිනිසාගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා වී ඔවුන්ට ජන සමාජය තුළ බියකින් හා සැකයකින් තොරව ජීවත් වීමට පරිසරයක් සකස් කොට දීමටත්ය.

එහෙත් හැමදේම අල්ලාගෙන ඇත්තෙ වැරදි කොනෙනි. රටේ හැම දිසාවකින්ම දැන් රතන සූත්‍රය අසේ. මේ සූත්‍ර සඣ්ඣායනාවේ අරමුණ මිනිසාගේ මානසික සුවය වර්ධනය කරවීමය. මානසික ශක්තිය   වඩාත් තහවුරු කිරීමය.  එහෙත් බොහෝ තැන්වල පිරිත් දමා ඇත්තේ  කොරෝනා රෝගය තුරන් කරවීමේ අද්භූද බලයක් පිළිබඳ අදහසිනි.

මේ නිසාම බුද්ධිමත් ජනතාව කොරෝනා වෛරස් රෝගය තම තමන්ගේ ආගමික දර්ශනයේ හැඩයට අනුව හැසිරීමට ඉඩ නොතබා සෞඛ්‍ය බලධාරීන් විසින් පෙන්වා දෙන උපදෙස් හා ක්‍රියාමාර්ග කෙරෙහි යොමු වීමට උත්සහ කළ යුතුය.

 

 

 

 

 

Share69Tweet43
Previous Post

වට්ටක්කා තම්බාගෙන දෙවේල වළඳා හාමත් නොවී ඉන්නත් දුෂ්කර ක්‍රියා කරන අරන්තලාවේ හිමිවරු

Next Post

කොවිඩ් එක්ක  නිරෝධායනය වෙන වැලිකඩ හිරගෙදර

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.